• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

දමිතා විරෝධී පොහොට්ටු – JVP – UNP පොදු සන්ධානය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

April 20, 2024
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

රනිල් අරගලය මර්දනය කරන්න පටන් ගත් විට ගෝල්ෆේස් අරගල භූමියට ඇවිත් රනිල්ට සහ රාජපක්ෂලාට අභියෝග කළේ වෙන කවුරුවත් නොව ප්‍රවීණ නිළි දමිතාය. මියගිය සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයෙක් ලෙස දිවුරුම් දෙන විට දමිතා කීවේ රනිල්ගෙන් තටු අරගෙන පල් හොරු ඉගිල්ලෙන්න හදනවා කියාය.Sri Lanka Latest News

‘මම හිතනවා සනත් නිශාන්තලා රනිල් වික්‍රමසිංහගේ තටු ලැබිච්ච කුරුල්ලෝ වගේ ඉගිල්ලෙන්න හදනවා. මේ පල් හොරුන්ව එපා කියලා තමයි මිනිස්සු අරගල කළේ අද වෙනකොට මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තරම් බඩු මිල ඉහළයි. කිරිපිටි ටිකක් ගන්න අම්මලාට සල්ලි නැහැ. මේ කාලකණ්ණි දේශපාලකයන්ට මිනිස්සුන්ගේ දුක දැනෙන්නේ නැහැ. අපි දිනලා දුන්න අරගලය රැකගත්තේ නැත්නම් මේ තක්කඩි මේ පල්හොරු ආයේ ඇවිත් ඔය පුටුවල ඉඳගන්නවාමයි…’

දමිතා එළියට ඇවිත් මේ ප්‍රකාශය කළේ අරගලයේ සිටි බොහෝ අරගලකරුවන් රනිල්ගේ ආණ්ඩුව එක්ක හොරෙන් ඩීල් දමද්දීය. අරගලකාරයන් මර්දනය කරද්දී අරගලකාරීන් වෙනුවෙන් කතා කරන්න අරගලයේ සිටි ජනප්‍රිය චරිතයක් එළියට ආවා නම් ඒ දමිතාය. අරගලකාරීන් මර්දනයට එරෙහිව ඇය අරගලයක් පටන් ගත්තාය. ඇය යළිත් අරගලයට උඩගෙඩි දෙනවා කියා ඇයව අත්අඩංගුවට ගනු ලැබීය. ඇය හිරෙන් නිදහස් වී ආවත් ඇය අරගලය අවසන් කළේ නැත. ඇය දිගටම අරගලය වෙනුවෙන් කතා කළාය. අරගලය වෙනුවෙන් පෙනී සිටියාය. ඇය අරගලය වෙනුවෙන් හිරේ ගිය වෙලාවේ ඇය වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වූයේ ඇයට නීතිඥ සහාය ලබාදුන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. මේ නිසාම සජිත් අරගලය වෙනුවෙන් පෙනී සිටින අරගලයේ ප්‍රධාන ඉල්ලීමක් වන හොරු අල්ලන්න අවංක වුවමනාවක් තියෙන නායකයෙක් යැයි ඇය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළාය. හරි නම් ඒ වෙලාවේ ඇය වෙනුවෙන් පෙනී සිටිය යුතු වූයේ ජනතා විමුක්ති පෙරමුණය. ඒත් ජවිපෙ මොනයම් හේතුවකට රනිල්ගේ ආණ්ඩුව අරගලය මර්දනය කරන වෙලාවේ අරගලය කරේ දමාගන්න කැමැති වූයේ නැත.

දමිතා යළිත් අරගලයට පණ දෙන්න උත්සාහ කරන චරිතයක් බව ආණ්ඩුව තේරුම් ගත්තේය. ඒ සමග රාජපක්ෂලාගේ ෆේස්බුක් බළකාය යූ.ඇන්.පී. ෆේස්බුක් බළකාය පමණක් නොව ජේ.වී.පී. ෆේස්බුක් බළකායද දමිතාට මඩ ගහන්න පටන් ගත්හ. රාජපක්ෂලා හෝ යූ.ඇන්.පී. ෆේස්බුක් බළකාය දමිතාට මඩ ගැසීම හිතාගන්න පුළුවන. පුදුමය ජවිපෙ ෆේස්බුක් බළකාය සහ ජවිපෙ වෙබ් අඩවිවලින් දමිතාව මඩවලින් නෑවීමය. ආණ්ඩුව දමිතාව යළි හිරේ දමන්න දමිතාට එරෙහිව චෝදනා හොය හොයා ගියේ මේ අතරය. දැන් ලංකාවේ ලොකුම හෙර දමිතාය. හොරු ඔක්කොම එළියේය.

‘දමිතා විරෝධී පොහොට්ටු – යූ.ඇන්.පී. – ජේ.වී.පී. සන්ධානය හැදුණේ කොහොමද…?’

ඊට කලින් දමිතා කවුද කියලා හොයන්න ඕනෑය. ජාත්‍යන්තර සම්මානයක් දිනාගත් ලංකාවේ පළමු නිළිය මාලනී ෆොන්සේකාය. ඉන් පසු අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු වැනි නිළියෝද ජාත්‍යන්තර සම්මාන දිනාගත්හ. මේ හැමෝම 70 දශකයට 80 දශකයට අයත් පරම්පරාවේ නිළියෝය. ජාත්‍යන්තර සම්මානයක් දිනාගත් අලුත් පරම්පරාවේ නිළිය දමිතා අබේරත්නය. මාලනී 1978 ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙලේ ගෞරව සහතිකයක් දිනාගත්තාය. ඉන් පසු ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නිළිය සම්මානය අනෝජා වීරසිංහ දිනා ගත්තාය. ඉන් පසු ඉන්දීය ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මානය දිනාගත් අලුත් පරම්පරාවේ නිළිය දමිතාය. ඇය 2004 ඉන්දීය ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ ‘සුළං කිරිල්ලී’ චිත්‍රපටයට හොඳම නිළිය සම්මානය දිනා ගත්තාය. 2004 බංග්ලාදේශයේ පැවැති ජාත්‍යන්තර සම්මාන උළෙලේදී ඇය එම චිත්‍රපටයට හොඳම නිළිය සම්මානය දිනා ගත්තාය.

ලංකාව අරුම පුදුම රටකි. මාලනීට පසු ලොව හොඳම නිළිය සම්මානය දිනාගත් අනෝජාගේ ගෙදර චන්ද්‍රිකාගේ ආණ්ඩුව ගිනි තිබ්බේය. ඒ, ඇය රනිල්ගේ ජනාධිපතිවරණ වේදිකාවට නැග්ගා කියාය. අද ආණ්ඩුව දමිතා පසුපස පන්නන්නේ ඇය අරගලය වෙනුවෙන් පෙනී සිටිමින් සජිත් වෙනුවෙන් කතා කළ නිසාය. මොවුන් රටට අත්කර දුන් කීර්තිය, බලය ඉදිරියේ මේ ආණ්ඩු දමන්නේ බලු ගානටය.

සිස්ටම් චේන්ජ් කරන්න කතා කරන ජේ.වී.පී.යත් දමිතාව හිරේ දමන ආණ්ඩුවේ මෙහෙයුම සාධාරණීකරණය කරන කසකාරයෙක් බවට පත්ව තිබීම ඛේදජනකය.

අද ජේ.වී.පී.ය කාන්තාවන්ගේ වීරවරිය ලෙස පෙන්වන ආචාර්ය හරිනි අමරසූරිය දමිතලා, හිරුණිකාලා අරගල කරන කාලයේ කොහේ සිටියාද දන්නේ නැත. හිරුණිකා ගෝඨාභයගේ ගෙදර වටකරන විට ආචාර්ය හරිනි කොහේ සිටියාද කියා හොයාගන්න නැත. ගෝඨා සිය පොතෙහි සඳහන් කරන්නේ අරගලය පටන්ගත්තේ හිරුණිකා කියාය. ඇය ඔහුගේ නිවෙස වටකිරීම ගෝඨා දකින්නේ තමාව ගෙදර යවන සටනට එන්න තරුණ තරුණියන්ගේ තිබුණු බය හිරුණිකා නැති කළා කියාය. අද හිරුණිකාටත් නඩු පිට නඩුය.

ඇත්තටම අද හිරුණිකාලා, දමිතලා සිටියේ නැත්නම් අරගලයක් නැත. අරගලයට තවත් ලොකු ශක්තියක් දුන්න ජනප්‍රිය චරිතයක් වේ නම් ඒ නන්දා මාලනිය. රනිල් ජනාධිපති වී සුනිල් ආරියරත්නට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපතිකමක් දීමෙන් පසු නන්දාව නිහඬ කරනු ලැබුවාය.

දමිතලා එසේ නිහඬ වූයේ නැත. නඩු පිට නඩු වැටුණත් හිරුණිකාලා නිහඬ වූයේද නැත. අරගලයේ කාන්තාවන් ඔවුන්ය. දමිතාටත් ඕනෑ නම් රනිල්ගේ ආණ්ඩුව සමග ෂේප් වීමට හැකියාව තිබිණි. හිරුණිකාටත් නඩු අයින් කරගන්න රනිල්ගේ ආණ්ඩුව සමග ෂේප් වීමට ඉඩ තිබිණි.

හරිනිලා කරළියට ආවේ මේ ඇත්ත අරගලයේ කාන්තාවන් යටපත් කරගෙනය. රනිල්ගේ ආණ්ඩුවට දමිතලාව හිරේට ගෙන යද්දී හිරුණිකාලාට නඩු පිට නඩු දමද්දී හරිනි කියන්නේ සජිත් සහ අනුර විවාදයට රනිල් එන්න ඕනෑ කියාය. ඒ වගේම විවාදය පවත්වන්න ඕනෙ රනිල්ගේ මාමාගේ පත්තරෙන් කියාය.

හරිනිට රනිල්ව ඕනෑ වීම පුදුමයක් නොවේ. හරිනි නියෝජනය කරන්නේ රනිල්ගේ පන්තියය. හරිනිගේ දේශපාලනයත් ඒකය. ඒ කොළඹ හතේ තානාපතිවරු සමග විදේශ මාධ්‍යවේදීන් සමග කරන දේශපාලනයකි.

දමිතලා, හිරුණිකාලා, රෝහිණී කවිරත්නලා කරන්නේ නගරයේ ගමේ කාන්තාවන් සමග දේශපාලනයකි.

මේ ජේ.වී.පී. – යූ.ඇන්.පී. – පොහොට්ටු සන්ධානය එළියට ආ තවත් අවස්ථාවක් නම් ජී.එල්. පීරිස් ඇතුළු පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමක් විපක්ෂයට එක්වීමය. ජවිපෙ පොදු හතුරා රනිල් සහ රාජපක්ෂ ආණ්ඩුව නම් ඒ ආණ්ඩුවෙන් එළියට එන මන්ත්‍රීවරුන්ව දොහොත් මුදුන් දී පිළිගත යුතුය. දැන් ජී.එල්.ලා ඇතුළු මන්ත්‍රීවරු ආණ්ඩුව කඩාගෙන එද්දී සමගි ජන බලවේගය පොහොට්ටුව ගිලගෙන යැයි රනිල් කියයි. පොහොට්ටුව ජී.එල්.ලාගේ මන්ත්‍රීකම් අහෝසි කරන්න උසාවි යන්න හදයි. පොහොට්ටුවේ මන්ත්‍රීවරු පැමිණීමෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කොන්කරලා යැයි ජවිපෙ කියයි. ජවිපෙ කියන්නේ රනිල් කියන එකමය. ජවිපෙට ඕනෑ මේ මන්ත්‍රීවරු රනිල් සමග රාජපක්ෂ ආණ්ඩුව ඇතුළේම තියන්නටය. ඔවුන් ආණ්ඩුව දුර්වල කරලා එළියට එනවාට ජවිපෙ කැමැති නැත. එහෙම බලනකොට ජවිපෙ අනියමින් සේවය කරන්නේ රනිල් සහ රාජපක්ෂ ආණ්ඩුවටය.

නීතීඥ උපුල් කුමරප්පෙරුම ජාතික ජන බලවේගයේ ප්‍රබලයෙකි. ඔහු ජනාධිපති රනිල්ගෙන් ජනාධිපති නීතීඥ ධූරයකට අයැදුම් කර රනිල් ඔහුට ජනාධිපති නීතීඥ ධූරයක් පිරිනැමීය. එයට ජවිපෙ තුළින්ම විරෝධයක් මතුවිය. ඒත් උපුල් තාමත් ජවිපෙ ප්‍රබලයෙකි. ජවිපෙ කාදිනල් හිමි හමුවීමට යැව්වෙත් ඔහුවය. උපුල් රනිල්ගෙන් ජනාධිපති නීතීඥ ධූරයක් ලබා ගැනීම ජවිපෙට ප්‍රශ්නයක් නැත.

දමිතා විරෝධී පොහොට්ටු – යූ.ඇන්.පී. – ජේ.වී.පී. පොදු සන්ධානය බළලා මල්ලෙන් එළියට පනිනවා වගේ එළියට පැනපු හොඳම වෙලාව පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරපු වෙලාවය. ඩලස් පරණ ජේ.වී.පී. මාධ්‍යවේදියෙකි. විපක්ෂය ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කළේ ඔහුවය. ජේ.වී.පී. එක අළු වෙලා ඉන්න කාලේ ජේ.වී.පී. එකට පත්තරයක් කළේ ඔහුය. හැබැයි ජවිපෙ ඔහුට ඡන්දය නොදී ඡන්දය කුරුටු ගාලා රනිල්ට එරෙහිව ඩලස්ට හිමිවෙන්න තිබූ තව ඡන්ද තුනක් නැති කළේය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රනිල්වත් මෙහෙට ගන්නවා කියලා අශෝක අබේසිංහ මහත්තයා කිව්වේ විහිලුවට! රනිල් අපිට වැඩක් නෑ! රනිල් අපිට එකතු කරගත්තොත් අපිටයි පාඩුව! එයා රාජපක්ෂලාගේ හිතවතා! එයත් එක්ක අපිට ගමනක් නැති නිසයි අපි එතනින් ආවේ! රනිල් යටතේ අපේ මන්ත්‍රීවරු 70ක් පළාත් සභා මන්ත්‍රීවරු 700ක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 2000ක් රාජපක්ෂලාට යැව්වා! එයාට රාජපක්ෂලාත් එක්කම මැලවෙන්න කියන්න! අපි DS-JR-ඩඩ්ලි-ගාමිණී-ප්‍රේමදාස යුගය යළි ගොඩනගනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

දුප්පත් දරුවන්ට කන්න දෙන්න ගමකට කුස්සියක් අරින වැඩෙත් ධම්මික පෙරේරා පටන් ගනී! අකුරණදී වැඩේ පටන් ගත්තේ මෙහෙමයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.