• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

හමුදාපති හදිසියේම යාපනයට බැස්සේ ඇයි?

April 20, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
හමුදාපති හදිසියේම යාපනයට බැස්සේ ඇයි?
Share on WhatsAppShare on Facebook

2020 වර්ෂයට ලෝකය පියමැන්නේ අලුත් අභියෝගයක් කරපින්නාගෙනය. ඒ අභියෝගය ගැන ඇතැමුන් කීවේ මේ ජෛව රසායනික අවියක් කියාය. තවත් පිරිසක් කීවේ මෙය අත්වැරදීමක් කියාය. කවුරුන් කෙසේ කීවද දැන් මේ අභියෝගය හමුවේ ලොව බලවතුන්ට පවා දණ නැමීමට සිදුවන තරමටම ගැටලුව තීව්‍ර වී තිබේ. මේ අභියෝගය අන් කිසිවත් නොව පසුගිය වසර අගභාගයේ චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වී ලොව පුරා පැතිරෙන්නට පටන් ගත් කොරෝනා වෛරසයයි. මේ වෛරසය මේ වන විට ලෝකයේ සියලුම අංශ කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින අතර මේ නිසා සිදුවන හානිය කෙතෙක්දැයි තවම නිගමනයකට හෝ එළඹිය නොහැකි තරම් ප්‍රබල වී ඇත.
මේ ගෝලීය අර්බුදයෙන් ශ්‍රී ලංකාවටද බලපෑම් එල්ලවූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ පූර්ණ ආශිර්වාදය මත එම වෛරසයෙන් ශ්‍රීලංකාව බේරාගැනීමේ මෙහෙයුමේ මූලික වගකීම පැවරුණේ ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියටයි. ඒ අනුව මෙම වෛරසය ආසාදනය වූවන් හඳුනාගැනීම, ඔවුන්ගෙන් එම වෛරසය අනෙක් අයට පැතිරීම වැළැක්වීම මෙන්ම ආසාදනයට ලක්වූවන්ට නිසි ආරක්ෂාව සැපයීම ආදී කටයුතුවලදී සෞඛ්‍ය අංශවලට පූර්ණ සහයෝගය ත්‍රිවිධ හමුදාව විසින් ලබාදු. මෙහිදී නිරෝධායන කටයුතුවලදී සෞඛ්‍ය අංශයට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවත්, ගුවන් හමුදාවත් තම උපරිම දායකත්වය ඒ වෙනුවෙන් ලබා දුණි.
ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව මෙම මෙහෙයුමේදී විශාල ප්‍රගතියක් මේ වන විට අත්පත් කරගෙන තිබෙන අතර ඒ සාර්ථකත්වයේ පූර්ණ හිමිකම මේ සඳහා සෘජු නායකත්වය ලබාදෙන ජනාධිපතිතුමාටත් වගකීම දෙවුර මත රඳවාගෙන කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යවරිය සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, කොවිඩි19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ ශ්‍රී ලංකා පොලීසියටත් හිමිවිය යුතුය.

මේ සියලු කටයුතු මෙසේ සිදුවද්දී උතුරේ තත්ත්වයද යම්කිසි තීරණාත්මක ස්ථානයකට ළඟා වූයේ මන්නාරම තාරාවිකුලම් ග්‍රාමය හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ ගත් තීරණයත් සමගය. සිංහල අලුත් අවුරුදු සමය උදාවන විටම ඇතිවූ මේ තත්ත්වය නිසා උතුරේ බොහෝ අංශ සීරුවෙන් තබන්නට සිදුවිය. ඊට සමගාමීව උතුරේ ආරක්ෂාවද සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවූ අතර ත්‍රිවිධ හමුදා සාමාජිකයින් බොහෝ දෙනෙකුට සිංහල අලුත් අවුරුද්ද තම පවුලේ සාමාජිකයන් සමඟ ගතකිරිමට තිබූ සිහිනයද බොඳ වී ගියේය.
මේ සමඟම ඔවුන්ගේ මානසිකත්වය පහළ මට්ටමකට ඇද වැටීම බොහෝ දුරට සිදුවිය හැකි නිසා යුද හමුදාපතිතුමා අලුත් අවුරුදු සමය තමන්ගේ පවුලේ සාමාජිකයින් සමඟ ගත කිරීම පසෙක තබා උතුරේ සේවය කරන ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සාමාජිකයින් සමඟ ගත කරන්නට තීරණය කළේය. අතිගරු ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍යතුමාත්, ආරක්ෂක ලේකම්තුමාත් නියෝජනය කරමින් යුද හමුදාපතිතුමා සිදුකරනු ලැබූ මේ කටයුත්ත නිසා උතුරේ සේවය කළ ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සාමාජිකයින්ට අතිරේක උත්තේජනයක් විය. ඒ උතුරේ කඳවුරු ආශ්‍රිතව පමණක් නොව මාර්ග බාධක රාජකාරි කරන නිලධාරීන් සමඟ පවා යුද හමුදාපතිතුමා සුහදශීලීව කුළුපගව කටයුතු කළ නිසාය.
ප්‍රථමයෙන්ම යුද හමුදාපතිතුමා තාරාවිකුලම් ගම්මානය පිහිටි 54 වැනි සේනාංක බලප්‍රදේශය සංචාරය කර එම සේනාංකය යටතේ මන්නාරම ප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස් අමතනු ලැබීය. යුද හමුදාපතිතුමන්, මන්නාරම ප්‍රදේශයේ සිදුකළ සංචාරය අතරතුර මාර්ග බාධක, මූලස්ථාන, බළසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සිය ගණනක් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් අලුත් අවුරුදු සුබපැතුම් ද බෙදාහදා ගත්තේය.
“මුලතිව්, කිලිනොච්චි සහ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයන්හි සිදු කළ සංචාරයට අමතරව, 64 වන සේනාංකය, 52 වන සේනාංකය, 574 බලසේනාව සහ 552 බලසේනා මුලස්ථානයන්හි ද සංචාරය කළ යුද හමුදාපතිතුමන් එම මූලස්ථානයෙහි සේවයේ නියුතු භටපිරිස් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් ජනාධිපතිතුමන් වෙනුවෙන් අලුත් අවුරුද්දට සුබ පැතුම් එක් කළ අතර ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සිය සුබ පැතුම් පිරිනමන ලෙස ඉල්ලා සිටියේය.”
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යාපනය අර්ධද්වීපයේ සිදුකළ සංචාරය අතරතුර, ඉරිදා (12) දින උතුරු නාවික විධානයේ සේවයේ නියුතු සියලු නිලයන් හමුවී ඔවුන් සමඟ අලුත් අවුරුදු සුබපැතුම් බෙදාගැනීමටද අමතක නොකළේය.

සංචාරය අතරතුර, ඉරිදා (12) දින පලාලි ගුවන් හමුදා කඳවුරේ සේවයේ නියුතු සියලු නිලයන් හමුවී ඔවුන් සමඟ අලුත් අවුරුදු සුබපැතුම් බෙදාගැනීමට ද අමතක නොකළේය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි පලාලි ගුවන් හමුදා කඳවුරේ සේවයේ නියුතු සියලු භටපිරිස් අමතමින් ඔවුන්ගේ සිදුකරන කාර්යභාරය අගය කළ අතර අලුත් අවුරුද්ද උදාවීමත් සමඟම සුබපැතුම්ද එක් කළේය.
මෙහිදී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අමතමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙසේ පැවසීය.
“මෙවර අපට අලුත් අවුරුද්ද සැමරීමට නොහැකි වුවද, මෙම තීරණාත්මක මොහොතේ ඔබගේ තීරණාත්මක ජාතික මෙහෙවර මිල කළ නොහැකියි.ඒ මෙහෙවර අපේ සමාජයේ සියලුම කොටස් සඳහා අත්‍යවශ්‍යයෙන්ම තීරණාත්මක බවත් මතක තබා ගන්න. ආරම්භයේදී මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් සඳහා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් පිහිටුවන ලද්දේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවයි. නමුත් අද වන විට අපි නිරෝධායන මධ්‍යස්ථාන 50කට ආසන්න සංඛ්‍යාවක් පිහිටුවා තිබෙනවා. ඒවායින් කිහිපයක් නාවික හමුදාව සහ ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබයි. මෙම තීරණාත්මක මොහොතේ ඔබ සැවොම වෙහෙස මහන්සි වී වැඩ කිරීම නිසා අපි ඉතා කෙටි කාලයක් තුළ අපේ ඉලක්ක සහ අරමුණු සාක්ෂාත් කර ගෙන තිබේ. කෙසේ වෙතත්, මෙම වසංගතය මේ වනවිට රටවල් සිය ගණනකට තර්ජනයක් වී ඇත. එබැවින් මේ සම්බන්ධයෙන් ඔබගේ සේවය විශේෂයෙන් ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බළකාය, අනෙකුත් පාබල රෙජිමේන්තු, ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ද හමුදා යුද්ධෝපකරණ බළකාය, ශ්‍රී ලංකා යුද හමුදා සේවා බළකාය ඇතුළු අනෙකුත් සියලුම රෙජිමේන්තුවල සේවය කෘතඥ පූර්වකව අගය කළ යුතුය. අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව සිය කාර්යයන් ප්‍රශංසනීය අයුරින් ඉටු කරයි. මේ සඳහා අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍ය, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය අමාත්‍යාංශය, රජය සහ මාධ්‍ය විසින් ලබාදෙන සහයෝගය විශිෂ්ට වන අතර ජාතිය බේරාගැනීම සඳහා ඔවුන්ගේ සහයෝගය මේ වනවිටත් ඉටු කරමින් පවතී. ඒ නිසා මම අපේ රට වෙනුවෙන් ඒ හැමෝටම ස්තූති කරන්න කැමතියි. පළමු කොවිඞ්- 19 වෛරසය ආසාදිතයින් හඳුනාගැනීමෙන් පසු අපි පස්වන සතිය පසුකරමින් සිටින අතර, ඒ කාලය තුළ අප ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අපට සෑහීමකට පත්විය හැකිය” යනුවෙන් යුද හමුදාපතිතුමා පැවසීය.

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

මහමැතිවරණය ‌කොරියාවේ වගේ ලංකාවෙත් තියන්න බැරිද?

Next Post

ජන්ද දිනය ගැන මැකො ‌ෆේස්බුක් එකෙන් කතා කරයි

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.