ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් ඊශ්‍රායලයට සම්බන්ධ බහාලුම් නෞකාවක් හෝමුස් සමුද්‍ර සන්ධිය අසල දී අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඊශ්‍රායල් ආරක්ෂක හමුදා (Israel Defense Forces – IDF) ප්‍රකාශක රියර් අද්මිරාල් Daniel Hagari ඉරානයට අනතුරු අඟවා තිබෙනවා. ඔහු කියන්නේ “තත්වය තවදුරටත් තීව්‍ර කිරීමට තෝරා ගැනීමේ ප්‍රතිවිපාක දරනු ඇති” බවයි.Sri Lanka Latest News
නැව පිළිබඳ සිද්ධිය ගැන සඳහන් නොකරමිනුයි ඔහු මේ බව කියන්නේ.
“ඉරානයේ පිටුබලය ලබන හමාස් සංවිධානය මෙම යුද්ධය ආරම්භ කළේ ඔක්තෝබර් 7 වැනිදාය. ඉරානයේ පිටුබලය ලත් හිස්බුල්ලා සංවිධානය ඔක්තෝබර් 8 වැනිදා මෙම යුද්ධය පුළුල් කළේය. එතැන් සිට ඉරාකයේ සහ සිරියාවේ ඉරානයේ පිටුබලය ලත් මිලීෂියාවන් සහ යේමනයේ ඉරානයේ පිටුබලය ලබන හූතිවරු මෙය ගෝලීය ගැටුමක් දක්වා පුළුල් කර ඇත.
ඉරානය ලොව විශාලතම ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයයි. එහි ත්‍රස්ත ජාලය ඊශ්‍රායලයේ, ගාසා තීරයේ, ලෙබනනයේ සහ සිරියාවේ ජනතාවට පමණක් තර්ජනයක් නොවේ. ඉරානයේ පාලන තන්ත්‍රය යුක්‍රේනයේ සහ ඉන් ඔබ්බෙහි යුද්ධයට ඉන්ධන සපයයි.
තත්වය තවදුරටත් තීව්‍ර කිරීමට තෝරා ගැනීමේ ප්‍රතිවිපාක ඉරානය දරනු ඇති.
ඊශ්‍රායලය ඉතා සීරුවෙන්. තවදුරටත් ඉරාන ආක්‍රමණයෙන් ඊශ්‍රායලය ආරක්ෂා කර ගැනීමට අපගේ සූදානම වැඩි කර ඇත. අපි ප්‍රතිචාර දැක්වීමට ද සූදානම්. ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව සියලු අවස්ථා සඳහා සූදානම්ව සිටින අතර ඊශ්‍රායල ජනතාව ආරක්ෂා කිරීම සඳහා අපගේ මිතුරන් සමඟ එක්ව අවශ්‍ය පියවර ගනු ඇත” යි IDF ප්‍රකාශක රියර් අද්මිරාල් Daniel Hagari පවසනවා.









