මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධානම මාතෘකාවක් වී ඇත්තේ සජිත්-අනුර විවාදයය. Sri Lanka Latest News
මෙම විවාදයට මුලින්ම මාලිමාවට අභියෝග කළේ සජබ මන්ත්‍රී නලින් බණ්ඩාරය.
නලින් බණ්ඩාර කියා සිටියේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබද විවාද කිරීමට මාලිමාවේ ආර්ථික කවුන්සිලයට සජබ ආර්ථික කමිටුවෙන් අභියෝගයක් ඉදිරිපත් වී ඇති බවය.
ඒ බව සජබ ආර්ථික කමිටුවේ සිටින ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද තහවුරු කර සිටියේය.
නමුත් ඊට මාලිමාවේ ආර්ථික කවුන්සිලයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු අතර පසුව සුනිල් හදුන්නෙත්ති මාධ්‍ය හමුවකදී කියා සිටියේ සජබ ආර්ථික කමිටුව සමග විවාද කොට පලක් නොමැති බවත්, මෙය ජනාධිපතිවරණයක් හේතුවෙන් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන අනුර සහ සජිත් අතර විවාදයක් පැවැත්විය යුතු බවකි.
හදුන්නෙත්ති මෙම ප්‍රතාශය සිදු කරන විට සජිත් සිටියේ මුලතිව් ප්‍රදේශයේ පාසල්වල දරුවන්ට ස්මාරට් පන්ති කාමර පිරිනමමිනි.
මෙම අභියෝගය පිළිබද දැනගත් වහා සජිත් මුලතිව්වල සිටම ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ අභියෝගය බාරගන්නා බවත්, විවාදයට තමන් සූදානම් බවත්ය.
නමුත් ඊට දින කිහිපයක් යනතුරුම ජවිපෙ පාර්ශ්වයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත.
එසේ තිබියදී පසුගිය දිනෙක ජනාධිපතිවරයා සජබයට චෝදනාවක් එල්ල කරමින් මේ වනවිට සජබ ආර්ථික ප්‍රතිපත්තිය පොහොට්ටුවෙන් සජබයට පැමිණි නාලක ගොඩහේවා විසින් වෙනස් කොට ඇති බව කියා සිටියේය.
ඒ අනුව ඊයේ දිනයේදී මාධ්‍ය හමුවක් පැවැත්වූ මාලිමාවේ මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මියද කියා සිටියේ සජබ ආර්ථික ප්‍රතිපත්ති කිහපයක් ක්‍රියාත්මක වන බවත්, ගොඩහේවා මහතාගේ ප්‍රතිපත්තියද එහි ඇති බවත්ය.
එමෙන්ම මෙය ජනාධිපතිවරණයක් බැවින් ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාම එක්ව විවාද කළ යුතු බවද හරිනි සදහන් කර සිටියාය.
ඒ අනුව දේශපාලන අංශ පෙන්වා දෙන්නේ මේ වනවිට අනුර-සජිත් විවාදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පවසන කරුණුම මාලිමාවද ප්‍රකාශ කරමින් සිටින බවය.









