• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මගෙන් පටන් ගමු’! රනිල් මහනුවරින් පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

April 8, 2024
in Exclusive
Reading Time: 11 mins read
A A
Share on WhatsAppShare on Facebook

රට තුළ නව ආර්ථිකයක් නිර්මාණය කරන්නේ තරුණ පරපුර ඉල්ලා සිටින වෙනස ලබා දෙමින් රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. (Sri Lanka Latest News)

එම නව ආර්ථිකය ඇති කිරීමට අදාළ මුලික නීති ලබන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජුනි මාසයේදී සම්මත කර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැති “මගෙන් පටන්ගමු මහනුවර දිස්ත්‍රික් තරුණ සමුළුව“ අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය

රට ශීඝ්‍ර දියුණුවකට ගෙන ගියේ නැත්නම් රටට අනාගතයක් නැහැ. රටේ ආර්ථිකය එක තැන පල්වීමට ඉඩ තබනවාද, එය ඉදිරියට ගෙන යනවාද නැත්නම් කඩා වැටීමට ඉඩ තබනවාද කියා තීරණය කළ යුත්තේ තරුණ පරපුරයි.

අද රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කළොත් රටේ ආර්ථිකය නැවත කඩාවැටීමකට ලක් වෙනවා. සෑම අයෙකුටම රට හැර යාමට ආර්ථික හැකියාවක් නැහැ. එසේනම් අප සියලු දෙනා එක්ව රටේ ආර්ථිකය ශක්තිමත් කරගත යුතුයි.

දැනට රට තුළ ක්‍රියාත්මක වන ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ තරුණ තරුණියන් සෑහීමකට පත් වන්නේ නැහැ. ඔවුන් වෙනසක් ඉල්ලා සිටිනවා. රට තුළ නව ආර්ථිකයක් ගොඩනැඟීමට අප කටයුතු කරන්නේ එම වෙනස ලබාදීම සඳහායි. ඒ සඳහා අවශ්‍ය මූලික නීති මෙම මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජුනි මාසයේ දී සම්මත කර ගැනීමට අපේක්ෂා කරනවා. ආර්ථිකය වෙනස් කිරීමට නම් රටේ නීති පද්ධතිය ද වෙනස් කළ යුතුයි.

රට ශීඝ්‍ර ආර්ථික දියුණුවක් කරා ගෙන යාමේදී රජයේ සෑම දෙපාර්තමේන්තුවකම හා සංස්ථාවකම සහාය අවශ්‍ය වෙනවා. එසේ සිදු කිරීමට නොහැකි නම් එම ආයතන ව්‍යුහය සංශෝධනයකට ලක් කළ යුතුයි.

ඒ වගේම ගමේ ආර්ථිකය දියුණු නොකර රටේ ආර්ථිකය දියුණු කරන්න බැහැ. දියුණු සෑම රටක්ම ග්‍රාමීය කෘෂි ආර්ථිකය දියුණු කර තිබෙනවා. ගමට නවීන කෘෂිකර්මාන්තය ගෙන ඒමට අප කෘෂි නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන්නේ ඒ නිසයි. එසේ නම් වෙනසක් සමඟ ඉදිරියට යනවාද, එක තැන පල්වෙනවාද කියා තරුණ ඔබ තීරණය කළ යුතුයි.

1977 එක්සත් ජාතික පක්ෂය බලය ලබාගත් අවස්ථාවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රට ඉදිරියට ගෙන යාම සිදු කළ යුත්තේ තරුණ පිරිස කියලයි. “ඔබ එය සිදුකිරීමට සූදානම් නම් මම අවශ්‍ය මඟපෙන්වීම ලබාදෙන්නම් කියලා” එතුමා ප්‍රකාශ කළා.

ඒ අනුව තරුණ අප මැතිවරණයට ඉදිරිපත්ව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා ගෙන ගියා. ඉන් පසුව එතුමා මහවැලි ව්‍යාපාරය ආරම්භ කළා. වසර 30ක් ගතවන බව පැවසූ මහවැලි ව්‍යාපාරය වසර 10කින් අවසන් කිරීමට හැකි වුණා. ඒ වගේම රටට අවශ්‍ය විදුලි බලය ලබා දුන්නා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ සමයේදී වෙළෙඳ කලාප දෙකක් ආරම්භ කළා. එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා රටපුරා ඇඟලුම් කර්මාන්ත ශාලා 200ක් ආරම්භ කර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළා.

අප එදා තරුණයන් ලෙස මෙම වැඩසටහන් ඉල්ලා සිටියා. තරුණ පරපුර ලෙස අද ඔබ ඊට සූදානම් නම් අප එක්ව මෙම ගමන යමු. නව ආර්ථිකයක් ඇති කිරීමට අවශ්‍ය නීති ගෙන ඒමට අප කටයුතු කරනවා. ආර්ථිකය ප්‍රතිව්‍යුහගතකරණ පනත ගෙනවිත් අප එම වැඩපිළිවෙළ ආරම්භ කරමු. තවද රජයේ මුදල් පාලනය කිරීමට නව මුදල් පනතක් ගෙන ඒමටද කටයුතු කරනවා.

අද රටේ ජනතාවගෙන් බහුතරයක් කාන්තාවන් වුවත් රැකියා නියුක්ත කාන්තා නියෝජනය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කරන නව පනත් දෙකක් අප ගෙන එනවා. මේ සියල්ලම මෙම මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ සමඟ රටේ විශාල වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනස සඳහා එක්වන ලෙස මම ඔබට ආරාධනා කරනවා.

ඔබව බොරුවෙන් මුලාකරන කිසිඳු පාර්ශ්වයකට මම ඉඩදෙන්නේ නැහැ. ඔබේ ප්‍රශ්න පිළිබඳ මට අවබෝධයක් තිබෙනවා. මෙම නව නීති ගෙන එන්නේ එම ප්‍රශ්න විසඳීමට බව කිව යුතුයි.

මෙහිදී තරුණ තරුණියන් මතු කළ ප්‍රශ්න කිහිපයක් සහ ඒවාට ජනාධිපතිවරයා ලබාදුන් පිළිතුරු මෙසේය,

ප්‍රශ්නය
ජනාධිපතිතුමනි, අප රටේ විවිධ අණපනත් ගෙනවිත් තිබෙනවා. ඒ වගේම ළඟදී පිහිටවූ ජනසභාව හොඳ පනතක්. දැන් ජනසභා පිහිටුවීම මන්දගාමී වී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා.
පිළිතුර
ජන සභා හොඳ වැඩසටහනක්. මේ වන විට අත්හදා බැලීමේ පදනම මත කිහිපයක් ආරම්භ කර තිබෙනවා. ජනසභා නීතිගත කිරීමේදී ප්‍රශ්න ඇති නොවන ආකාරයට කටයුතු කළ යුතුයි. එහි සාමාජිකයන් තේරීම වැනි ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. පළාත් පාලන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර, ප්‍රශ්න විසඳගෙන මෙම වැඩපිළිවෙළ ආරම්භ කළ යුතුයි. මේ වසරේ නොහැකි වුවහොත් ලබන වසරේදී යළිත් ජනසභා ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ‍
ප්‍රශ්නය
අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමේදී අඩුපාඩු සිදුව තිබෙනවා. දිළිඳු පවුල් සියල්ලටම අස්වැසුම ප්‍රතිලාභ ලැබෙයි කියා අප බලාපොරොත්තු වෙනවා.
පිළිතුර
එම අඩුපාඩු මඟහරවා ගනිමින් කටයුතු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන් මෙම ප්‍රතිලාභය ලබාදීමේ දී සුදුසුකම් පිළිබඳව සොයා බලනවා. 2025 වසරේදී මෙම වැඩසටහන පරිගණකගත කිරීමට බලාපොරොත්තු වෙනවා. ලක්ෂ 24කට මෙම ප්‍රතිලාභය ලබාදීමට අපේක්ෂා කරනවා. අස්වැසුම වැඩසටහන ආරම්භ කළේ රටේ සියලු දළිඳු ජනතාවට සහනයක් ලබාදීමටයි.

ප්‍රශ්නය
බිඳ වැටී තිබූ මෙරට සංචාරක කර්මාන්තය මේ වන විට යහපත් තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා. කුඩා ව්‍යාපාර කර්මාන්තකරුවන්ට සංචාරක ව්‍යාපාරයේ ප්‍රතිලාභ බෙදී යන ආකාරයට වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවාද කියා දැන ගැනීමට කැමතියි.
පිළිතුර
කොරෝනා වසංගතය සහ රට තුළ ඇති වු අයහපත් ආර්ථික තත්ත්වය නිසා මෙරට සංචාරක ව්‍යාපාරය කඩාවැටීමකට ලක් වුණා. නමුත් මේ වන විට අපේ රටට සංචාරකයන් පැමිණීම නැවතත් ඉහළ ගොස් තිබෙනවා. සංචාරක ව්‍යාපාරයේ මෙම නව පිබිදිමත් සමඟ කුඩා පරිමාණයේ ව්‍යවසායකයන්ට සහන ලබාදීමට ද අප කටයුතු කරනවා. ඒ වගේම මෙරට සංචාරක ව්‍යාපාරය ශීඝ්‍ර වර්ධනයකට ගෙන යාමට අප සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සෑම පළාතකම සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට කමිටුවක් පත් කිරීමට ද බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්නය
වෘත්තීය පුහුණුව අවසන් කරන තරුණ තරුණියන් සඳහා ප්‍රමාණවත් රැකියා අවස්ථා නැහැ. වෘත්තීය පුහුණුව අවසන් කරන අභ්‍යාසලාභීන් සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර කුමක්ද කියා දැන ගැනීමට කැමතියි.
පිළිතුර
ආර්ථික අර්බුදය නිසා ඇතැම් පිරිසකගේ රැකියා අහිමි වුණා. මේ වන විට රට බංකොලොත්භාවයෙන් ඉවත් වෙමින් තිබෙනවා . විශේෂයෙන් රට තුළ ආයෝජන අවස්ථා පුළුල්වීමත් සමඟ නව රැකියා අවස්ථා රැසක් බිහි වෙනවා.

අමාත්‍ය මනූෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස, එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනී කෝන්ගහගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

SendShareShare
Previous Post

බටගොඩව තහනම් වුණා! ප්‍රියාව මතක් වුණා! මහේන්ද්‍රට දෙන්න වුණා! කලාවට ගිය කලක්! Sri Lanka Latest News

Next Post

මට සල්ලි නෑ! ඡන්දෙට එන්න බෑ! මේ වගේ මුදල් ඇමැතිලා ලංකාවෙත් බිහිවේවා! Sri Lanka Latest News

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.