‘‘මට දේවාලෙට යන්න දෙන්න බැහැ කියලා නවත්වන්න කාටවත් බැහැ. මම දේවාලයට එනවා’’ යැයි රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල රත්නායක පැවසීය.Sri Lanka Latest News
එවැනි නියෝගයක් කිරීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේට හැකියාවක් නැතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.
‘‘මට දේවාලයට එන්න එපා කියලා අපහාස කළාට රුපියල් කෝටි පහක් ඉල්ලලා නඩු දාන්න මගේ නීතිඥයෝ හෙට (21 වැනිදා) පියවර ගන්නවා’’ යැයිද හෙතෙම පැවසීය.
‘‘මම මහා දේවාලයේ උත්සවවලට විතරයි යන්නේ. අලුත් අවුරුදු උත්සවයට මම දේවාලයට යනවා. මේ යකාට ඕවා කරන්න දෙන්න බැහැ’’ යැයිද හෙතෙම අරුණ පුවත්පත වෙත සඳහන් කොට තිබේ.
රුහුණු මහා කතරගම දේවාලයට අංගොඩ ලොක්කාගේ බිරිඳ පූජා කළ රන් තැටියක් අතුරුදන් වීම සම්බන්ධව චෝදනාවට පෙරේදා (18 වැනිදා) සිට දේවාල මාලිගාවට ඇතුළු නොවන්නැයි ප්‍රධාන කපුරාල හා ගබඩා භාරව සිටි චූටි කපුරාලට බස්නායක නිලමේ විසින් ලිඛිතව දැනුම් දී තිබේ.










