පරාටේ නීතිය සංශෝධනයට 2024 පෙබරවාරි 26 රජය තීන්දුවක් ගත් බවත් ඊට අදාළ ගැසට් පත්‍රය මාර්තු 13 නිකුත් කළත් මේ වන තෙක් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට පමා කිරීම නිසා අද දින පුවත්පත්වල පවා පරාටේ නීතිය යටතේ වෙන්දේසි සිදු කිරීම් ක්‍රියාත්මක කර ඇති බවත් මෙය රාජ්‍ය පාලනයේ අකාර්යක්ෂමතාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මෙය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි ද කියා ගැටලුවක් පවතින බවත් පරාටේ නීතිය ගැන කැබිනට් තීන්දුවක් ගෙන ගැසට් පත්‍රයක් ගසා ඇත්නම් එය හදීසි කාරණාවක් ලෙස ගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.










