වව්නියාවේ කෝවිලක් වන්දනාමාන කරමින් සිටි තරුණයන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් මේ වන විට පාර්ලිමේන්තු සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවක නිරත වනවා. (Sri Lanka Latest News)
එහිදී එම විරෝධතාවට සහාය දක්වමින් සභා ගැබට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය කතානායකවරයාට ප්‍රකාශ කළේ උතුරේ ආගමික නිදහස තහවුරු කිරීමට වහාම පියවර ගන්නා ලෙසයි.









