• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ම්ලේච්ඡ ගුරුද්වරා ප්‍රහාරය කාගේ වැඩක්ද?

April 18, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
ම්ලේච්ඡ ගුරුද්වරා ප්‍රහාරය කාගේ වැඩක්ද?
Share on WhatsAppShare on Facebook

පසුගියදා ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පිහිටි ෂික් ගුරුද්වරා දේවස්ථානයට එල්ල කළ අමානුෂික ප්‍රහාරයේ වගකීම මේ වන විට ‘අයි.එස්අයි.එස්’’ (ISIS) සංවිධානය විසින් භාරගෙන තිබීම සත්‍යයක්ද? මෙලෙස ප්‍රකාශ වී ඇත්තේ එම ප්‍රහාරයේ නිසි සත්‍ය අපරාධකරුවන් වසන් කිරීමේ උත්සාහයක් සඳහාද? පසුගිය කාලය පුරාම විවිධ ප්‍රහාරයන් කිහිපයක්ම කාබුල් නගරයේදී සිදුකළ අතර, මේ ප්‍රහාරයන් බහුතරයකට වගකීම බාර ගත්තේ ‘අයි.එස්අයි.එස්’’ සංවිධානය විසිනි’ ඇෆ්ගනිස්තානය තුළදී ‘අයි.එස්අයි.එස්’’ සංවිධානය ක්‍රියාත්මක වන්නේ” අයි.එස්.‌කේ.පී (කොරසාන් ප්‍රාන්තයේ ඉස්ලාමික රාජ්‍යය) යන නාමයෙන් වන අතර, ඔවුන්ට එරට තුළ ඉතාමත් උපක්‍රමශීලී ප්‍රහාරයන් සිදුකිරීමේ ශක්තියක් නොමැත.
කෙසේ හෝ දැන් මෙවැනි වටාපිටාවක් යටතේ සත්‍ය ලෙස හෙළිවෙමින් තිබෙන්නේ, පාකිස්තානය විසින් මෙහෙයවනු ලබන තලිබාන් සංවිධානයේ එක් පාර්ශ්වයක් වන ‘හක්කානි’ කණ්ඩායම විසින් මෙවැනි ප්‍රහාරයන් සිදුකරන බැව්ය. ඔවුන්ගේ ක්‍රියාකාරකම් එළිපිට නොපනේවීම සඳහා අයි.එස්.අයි.එස්. නාමය එම සිදුවීම් පසුපස තැබීමට උත්සාහ ගනිති. මෙලෙස අද පාකිස්තානය විසින් බොහෝ සූක්‍ෂ්ම ලෙස ක්‍රමෝපායන් අනුගමනය කරමින් ත්‍රස්ත ක්‍රියා සිදුකිරීම රහසක්ද නොවේ. ඔවුහු විවිධ ආකාරයේ ත්‍රස්තවාදී රැසකටම ආධාර උපකාර දෙමින් ලොව පුරා මෙම අපරාධයක් සිදුකරති.
අහිංසක ෂීක්වරුන්ට එරෙහිව සිදුකරන ලද ගුරුද්වරා ප්‍රහාරයේ ම්ලේච්ඡත්වය අදටත් ආරක්‍ෂක පණ්ඩිතයන්ට තේරුම් ගොස් නැත. කාබුල් ගුරුද්වරාවේ දේව යාඥාවේ යෙදී සිටි ෂීක්වරුන් 28 දෙනකු මෙම ප්‍රහාරයෙන් ඉතාමත් අමානුෂික ලෙස ඝාතනය කෙරිණි. මෙහිදී වැඩිහිටියන් මෙන්ම කුඩා අහිංසක දරුවන්ද මරණයට පත්විය. විශාල ප්‍රමාණයක් බරපතළ තුවාල ලැබීය. මෙම ප්‍රහාරය මඟින් පාකිස්තානයේ රාජ්‍ය අනුග්‍රහය ඇති ත්‍රස්ත ක්‍රියාවල ලාංඡනය හොඳින්ම පෙනෙන්නට තිබිණි. බුද්ධි අංශ මඟින් අද නිගමනය කර ඇත්තේ පාකිස්තානයේ රාජ්‍ය අනුග්‍රහය ලබන ‘ලක්‍ෂාර්-ඊ-ටායිබා’ සහ ‘හක්කානි ජාලය’ විසින් මෙම අපරාධය සිදුකර ඇති බැව්ය. අයි.එස්.අයි.එස්. සංවිධානයේ නාමය මෙම අපරාධය පසුපසින් තබා ඇත්තේ සත්‍ය වසන් කිරීමටය.

කෙසේ හෝ අයි.එස්.‌කේ.පී. සංවිධානය සහ හක්කානි ජාලය අතර සමීප සබඳකම් ඇති බවට ආරක්‍ෂක විශේෂඥයෝ විශ්වාස කරති. එසේම මෙවැනි ප්‍රහාරයක් සිදුකිරීම සඳහා පාකිස්තානයේ රාජ්‍ය අයි.එස්.අයි. බුද්ධි සංවිධානයේද අනුදැනුම ලැබුණු බවට අද තොරතුරු හෙළිවී ඇත. ඇෆ්ගනිස්තාන ආරක්‍ෂක අංශ ප්‍රකාශ කර ඇත්තේ හක්කානි ජාලය මෙහෙයවනු ලබන්නේ අයි.එස්.අයි. බුද්ධි අංශය මඟින් බවය. හක්කානි ජාලය යනු තලිබාන් සංවිධානයේ කොටසක් බවත් ඔවුන් කාබුල් නගරයේ ඇති ඉන්දියානු ඉලක්ක වෙතද ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළද එහි දැඩි ආරක්‍ෂාව හේතුකරගෙන එය සිදුකර ගැනීමට නොහැකි වූ බැව්ද ඇෆ්ගන් ආරක්‍ෂක අංශ වැඩි දුරටත් අවධාරණය කළේය. මෙසේ ඉන්දියානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම අසාර්ථක වූ හෙයින් ගුරුද්වරා වෙත ප්‍රහාරය එල්ල කර ඇත. මෙය ඉතා පහසුවෙන් සිදුකළ හැකි ප්‍රහාරයක් වන අතර එය නවසීලන්තයේ ‘ක්‍රයිස්ට්චර්ච්’ දේවස්ථානයට එල්ල කළ ප්‍රහාරය හා සමාන විය.

මේ වන විට පාකිස්තානය සිදු කරමින් සිටින්නේ හොඳ ත්‍රස්තවාදීන්ගේ සහ නරක ත්‍රස්තවාදීන්ගේ ක්‍රීඩාවය. එහෙත් මෙවැනි ක්‍රියා මඟින් ඔවුන්ට ජගත් ප්‍රජාව කෙතරම් කාලයකට රැවටිය හැකිද? ඇමෙරිකාව සහ තලිබාන් සංවිධානය අතර ඩෝහා නගරයේදී අත්සන් තබන ලද සාම ගිවිසුමෙන් පසුව එල්ල කරන ලද දරුණුතම ප්‍රහාරය වන්නේ ගුරුද්වරා ප්‍රහාරය, මෙම ගිවිසුම මඟින් ඇමෙරිකාව දැඩි එකඟත්වයකට පත්වූයේය. ඔවුන්ගේ හමුදාවන් ඇෆ්ගනිස්තානයෙන් ඉවත්කර ගැනීම කෙරෙහිය. පාකිස්තානයේ විදේශ කටයුතු ඇමැති ෂා මහමුද් කුරේෂීගේ සහභාගිත්වය ඇතිව මෙම සාම ගිවිසුම අත්සන් කළද ඔහු ඇෆ්ගනිස්තානයේ සාමය පවත්වා ගැනීම කෙරෙහි කටයුතු කර තිබේද?
කෙසේ හෝ තත්ත්වය එසේ තිබියදී අයි.එස්.‌ක්.පී. සංවිධානය යටකී ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, ඔවුන් ප්‍රකාශ කරන්නේ ඒ සඳහා තම සාමාජිකයන් 4 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් කටයුතු කළ බැව්ය. ඔවුන් එසේ ප්‍රකාශ කර සිටියද අයි.එස්.‌කේ.පී. සංවිධානයට මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සම්පත් සහ මෙහෙයුම් ජාලයක්ද නොමැති බැව් බොහෝ දෙනෙක් දනිති. ඇෆ්ගන් බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා වන අම්රුල්ලා සලේ ප්‍රකාශ කර ඇත්තේ” ඇෆ්ගනිස්තානයේදී අයි.එස්.අයි.එස්. පැවැත්ම සත්‍ය එකක් නොවන බැව්ය. ඇෆ්ගන් ක්‍රමෝපාය අධ්‍යයන ආයතනයේ නවතම වාර්තාවකට අනුව මෙසේ ප්‍රකාශ වී ඇතැයි අම්රුල්ලා සලේ අවධාරණය කර සිටියි. මෙම ක්‍රියාවලිය යාබද අසල්වැසියා වන පාකිස්තානයේ ‘බුද්ධි ක්‍රීඩාවක්’ යැයිද එම වාර්තාව මඟින් පෙන්වා දී ඇතැයි වැඩි දුරටත් කියා සිටියි. මෙම වාර්තාව මඟින් බොහෝ වැදගත් කරුණු රැසක් එළිදක්වා ඇත. කාශ්මීරයට එරෙහිව ඉන්දියාව විසින් සිදු කරනු ලබන ක්‍රියාවන්ට පළිගැනීමක් ලෙස ගුරුද්වරා ප්‍රහාරය එල්ල කළ බැව් අයි.එස්.අයි.එස්. ප්‍රකාශයක් මඟින් පෙන්වා දී ඇත. එහෙත් එම ප්‍රකාශය පිළිබඳව ඇෆ්ගනිස්තාන මාධ්‍ය වාර්තා කර සිටියේ එය එසේ නොවන බවත්, පාකිස්තානයේ අයි.එස්.අයි. බුද්ධි සේවාව මඟින් මෙම ප්‍රහාරය සිදුකිරීමට නියෝග කළ බවත්ය. එම ඔත්තු සේවය මඟින් ඉතාමත් කෲර ලෙස අහිංසක යාඥාකරුවන්ට එරෙහිව මෙම ප්‍රහාරය එල්ල කළ බවටද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

අයි.එස්.කේ.පී සංවිධානයේ කටයුතු ගැන ගවේෂණයක යෙදෙන හුසේන් ඉසානි නම් පර්යේෂකයකු ඉතාමත් දැඩි ස්ථාවරයකින් ප්‍රකාශ කර ඇත්තේ හක්කානි ජාලය සහ ලක්ෂාර්-ඊ-ටායිබා සංවිධාන විසින් අයි.එස්.අයි. බුද්ධි සේවයේ උපදෙස් මත ගුරුද්වරා ප්‍රහාරය සිදුකළ බැව්ය. මෙම පාකිස්තාන ත්‍රස්ත සංවිධාන එරට රාජ්‍ය අනුග්‍රහය ලබන ඉතාමත් ප්‍රබල සංවිධාන දෙකක් බැව්ද ඔහු පෙන්වා දෙයි. මෙවැනි තත්ත්වයක් යටතේ ඇෆ්ගනිස්තානය තුළ සාමය ස්ථාපිත කිරීමට යැයි පාකිස්තානය විසින් ගන්නා උත්සාහය අතිශයින්ම විශ්වාසනීයත්වයෙන් තොර එකක් යැයි ප්‍රකාශ වී ඇත.

පරිවර්තනය – ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ඉ‌කොනොමි සීරෝ ‌වෙද්දී ‌ගෝඨා හීරෝ ‌වෙන්න නම්… (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු‌ගේ ගුරුදා විග්‍රහය)

Next Post

ලක්ෂ 28ක් මර උගුලක හිරවෙලා… -සජිත් (VIDEO)

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.