• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය ගෙන එනකොට ඊට විරුද්ධ වූ අයත් හිටියා! අපි අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාධනීය විප්ලවයක් කරන්න සූදානම් වෙද්දිත් පාරට බහින්න විප්ලවකාරී කට්ටියක් බලාගෙන ඉන්නවා! හැබැයි ඒ විප්ලවකාරයන්ගේ දරුවො ඉගෙන ගන්නේ ‌පෞද්ගලික ‌පාසල්වල! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 17, 2024
in Exclusive
Reading Time: 14 mins read
A A
Share on WhatsAppShare on Facebook

අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාධනීය විප්ලවයක් සිදු කිරීමට යාමේදී නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ව්‍යාජ සංවිධන බිහි වී ගුරුවරු, විදුහල්පතිවරු හා දරුවන් පාරට බැස්සවිය හැකි බවත් ‘සජිත්ගේ මේ යෝජනා නිදහස් අධ්‍යාපනයට බාධාවක්’ කියා විප්ලවකාරීන් බොරු පුවත් මැවිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රජයේ පාසලකට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ දී නිදහස් අධ්‍යාපනය සුරැකෙනවාද විනාශ වෙනවාද කියා ජනතාව බුද්ධිමත්ව සිතිය යුතු බවත් ‘සජිත් විජාතික යෝජනා ගෙනවිත් කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපනය විකෘති කරනවා’ යැයි පවසන ඒ විප්ලවකාරීන්ගේ දරුවන් ඉගෙන ගෙන ඇත්තේ පෞද්ගලික පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාල හා විදේශ විශ්වවිද්‍යාවල බවත් ඔවුන්ගේ දරුවන් පෞද්ගලික අධ්‍යාපන ආයතනවලින් ගුණාත්මක ඉහළ අධ්‍යාපනයක් ලැබුවත් රටේ සෙසු දරුවන්ට එම ගුණාත්මක ඉහළ අධ්‍යාපන වරම් ලබා දීමේ දී ඔවුන් විරුද්ධ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 124 වැනි අදියර යටතේ අද කොළඹ කඩුවෙල ශ්‍රී සෝමානන්ද මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී විද්‍යාලයේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද ප්‍රධානය කරන ලදී.

නිදහස් අධ්‍යාපනයටත් විරුද්ධ වූ අය හිටියා

කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය ගෙන එන අවස්ථාවේ පවා ඊට විරුද්ධ වූ ප්‍රභූවරුන් එවක සිටි බවත් මෙදවස මේ නව අධ්‍යාපන ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරන විට දැන් සිටින විප්ලවවාදීන් පවා මෙවැනි හරසුන් කතා පැවසිය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

සැබැ දේශප්‍රේමියෙක් නම් ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි

දේශප්‍රේමීත්වය විවිධාකාරයට විග්‍රහ කළ අවස්ථා පිළිබඳව නැවත නැවත දැනුවත් කිරීමට අවශ්‍ය නොවූවත් තමා දේශප්‍රේමීත්වය යනුවෙන් විශ්වාස කරන ආකාරයට රටේ සෛරීත්වය,භෞමික අඛණ්ඩතාව, දේශපාලන නිදහස හා ඒකීයභාවය සුරක්ෂා කිරීම බවත් එය මිලිටරි ආරක්ෂාව පමණක් නොව ආහාර සුරක්ෂිතභාව, ඉහළ ගුණාත්මක අධ්‍යාපනය, ගුණාත්මක සෞඛ්‍ය පහසුකම් පැවැතීම අයත් විය යුතු බවත් දේශප්‍රේමීත්වය ගැන කුමන හෝ කණ්ඩායමකට කැක්කුමක් ඇත්නම් දේශප්‍රේමයේ දේශානුරාගයේ නාමයෙන් රජයේ පාසල් 10126 සිටින 41 ලක්ෂයක් දූදරුවන්ට ගුණාත්මකභාවයෙන් ඉහල ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

උපාධිධාරීන් දේශපාලනඥයන් පසුපස යාම නතර කළ යුතුයි

එහෙත් අපෙ රටේ ඇත්තේ ගරා වැටෙන වත්මන් ලෝකයට නොගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් බවත් නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් පවතී නම් උපාධිධාරීන්ගේ රැකියා පොලිමක් ඇති නොවන බවත් පෞද්ගලික අංශය පවා උපාධිධාරීන් සොයා පැමිණ දක්ෂයන් සිය සමාගම්වලට බඳවා ගැනීම සිදු වුවත් අප රටේ සිදු වන්නේ උපාධිධාරීන් දේශපාලඥයන් පසුපස යාම බවත් මේ තත්ත්වය වෙනස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉංග්‍රීසි අධ්‍යාපනය වරප්‍රසාද ලත් පවුල්වලට සීමා වෙලා බෑ

තමා විශ්වාස කරන දේශප්‍රේමීත්වය අනුව අනිවාර්ය ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය රටේ අගනුවර ප්‍රභූ පවුල්වලට සීමා වූ වරප්‍රසාදයක් නොවී රටේ නිදහස් අධ්‍යාපනයේ පාසල් 10126ටම එම මානව අයිතිය හිමිවිය යුතු වුවත් මේ වන විට එම මානව අයිතිය උල්ලංඝනය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේවා කියද්දි මම විජාතික බලවේගයක් කියයි

තමා විදේශීය බලවේගයකට හසු වී මෙරට ජනතාව විජාතික කොට්ඨාසයක් කිරීමට උත්සාහ කරන බවට චෝදනා කළ හැකි බවත් පසුගිය මැතිවරන කාලයේ එවැනි වචන කියා බලයට පැමිණ අවසානයේ රට බංකොලොත් වූ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ආණ්ඩුවේ ඩිජිටල් ආර්ථිකය දේශපාලන කතාවලට විතරයි

සවස ප්‍රවෘත්තිවලින් දේශපාලනඥයෝ ඩිජිටල් ශ්‍රී ලංකා ඇති කරන බවට මහා දේශන ලබා දුන්නත් ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් රට තුළ නොමැති බවත් හරි වැඩපිළිවෙළක් ඇත් නම් මෙරට තුළින් මෘදුකාංග ඉංජිනේරු කුසලතා සහිත සම්පත් මධ්‍යස්ථානයක් වුවත් ආරම්භ කළ හැකි බවත් සමගි ජන බලවේග රජයක් තුළ පාසල් මට්ටමේ සිට එම කුසලතා වර්ධනය කිරිමට අවකාශය ලබා දෙන බවත් මේ කතා කියද්දි සමාජ මාධ්‍ය හරහා විවිධ මඩ ප්‍රචාර දියත් කලත් අපි යථාර්ථය අවබෝධ කර ගත යුතු බවත් මුල් ළමා විය අවදියේ සිට මෙය ආරම්භ කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාන්තාවන් ලක්ෂ 25කට නිසි සනීපාරක්ෂක පහසුකම් නැහැ

රටේ කාන්තාවන්ගෙන් ලක්ෂ 25ක් හරියාකාර සනීපාරක්ෂක පහසුකම් නොමැතිව සපයා ගත නොහැකි වී ඇති බවත් ඒ නිසා ගැබ්ගෙල පිළිකා වකුගඩු ආසාධ නිර්මාණය වීම නිසා පසුගිය ජනාධිපතිවරණයේ දී සත්භාවයෙන් ඒ සම්බන්ධයෙන් කතා කළ අවස්ථාවේ පහර පිට පහර දී තමාට අපහාස කළත් ස්කොට්ලන්තයේ නවසීලන්තයේ එම පහසුකම් නොමිලේ ලබා දීම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 84 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 85ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4142ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 124ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1242ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

අද මාතර දරුවන්ට විශේෂ දවසක්! මාලිම්බඩ ඉස්කෝල දෙකකටයි අතුරලියේ ඉස්කෝලෙකටයි විපක්ෂනායක සජිත් ස්මාර්ට් පන්ති කාමර ලබා දෙයි! දැන් සක්වලින් දරුවන්ට පන්ති කාමර 127ක් දීලා! VIDEO I Sri Lanka Latest News

Next Post

මහා ලැජ්ජාවක්! ලංකාවේ සෞඛ්‍යයට වෙලා තියෙන වින්නැහිය විදෙස් මාධ්‍ය ලෝකෙටම කියයි! බාල බෙහෙත් ගෙනල්ලා! ඉස්පිරිතාලවල බෙහෙත් නෑ! දොස්තරලා රටින් යනවා! පිළිකා රෝහලෙත් බෙහෙත් නෑ! මාසෙකට බෙහෙත්වලට ලක්ෂයක් විතර යනවා! I Sri Lanka Latest News

MORE NEWS

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

Load More
අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

මහේෂ්වර දෙවියන් විසින් නිර්මාණය කරන ලද්දාවූද චන්දස් ආදී අලංකාර ශාස්ත්‍රය පිළිවෙළින් අනුව මහා බ්‍රහ්මයාද සත්කුමාර බ්‍රහ්මයාද සුරගුරුද ශක්‍ර දේවේන්ද්‍රයාද අනන්ත...

Read more
‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.