ජනාධිපතිවරයා කුලියාපිටියේ දී කළ ප්‍රකාශයෙන් පිළිබිඹුවන්නේ චරිත දෙකක් බවත්, ඔහු අතීතයේ වචන පාවිච්චි කිරීමේදී ඉතා පරිස්සමින් පාවිච්චි කළ බවත්, විපක්ෂයේ සාර්ථක වැඩපිළිවෙළ හමුවේ ජනාධිපතිවරයාගේ භීතිය කුලියාපිටිය ජනරැළියේදී මහජනතාවට දැක ගත හැකි වූ බවත් මහාචාර්ය ජී.එල්ත. පීරිස් මහතා පෙන්වා දුන්නේය.Sri Lanka Latest News
අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අදහස් දැක්වූ මහාචාර්ය පීරිස් මහතා කියා සිටියේ තමාගේ සිසුවකුව සිටි සමයේදී වික්‍රමසිංහ මහතා ඉතා විනීතව වචන භාවිත කළ බවත්, අවස්ථාවෝචිතව වචන ප්‍රකාශ කළ බවත්, මේ වනවිට ජනාධිපතිවරයාගේ වචන භාවිතය සම්බන්ධයෙන් තමන් පුදුමයට පත්වන බවත්ය.
මේ තමන් ඉගැන්වූ ශිෂ්‍යාමද යනුවෙන් තමන් පුදුමයට පත්වන බවද පීරිස් මහතා කියා සිටියේය.
⛔IFM නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීමට විපක්ෂය සූදානම් නමුත් ජනාධිපතිවරයා සමඟ සම්බන්ධ වී සාකච්ඡාවලට සහභාගි වීමට විපක්ෂය සූදානම් නෑ…
⛔මෙම වසරේ ජාතික තලයේ මැතිවරණ පැවැත්වෙන බවත්, එයට අදාළ මුදල් නොමැති යැයි පවසා කල් දැමීමට විපක්ෂය ඉඩ නොතබන බවත්,
⛔පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් සපයා ගැනීම අභියෝගයක් යැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා දිවුරුම් ප්‍රකාශයකින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම ලෝකයේ කිසිදු රටක සිදු නොවු අද්විතීය දෙයක්…
⛔මොන මැතිවරණ කල් දැමුවත් ජනාධිපතිවරණය එක්තරා කාල රාමුවක් තුළ අනිවාර්යයෙන් පැවැත්විය යුතු බව නීතියෙන් ඉතා පැහැදිලිව දක්වා ඇති තියෙනවා. ඒ අනුව සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර කාල පරාසය තුළ ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්විය යුතුයි..
⛔ජූලි 15 වැනි දින පසු මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමේ බලය නීතියෙන් හිමිවනවා..
⛔ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් මැයි 13 වැනිදාගෙන් ආරම්භ වන සතිය ඇතුළත වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි..








