ලක්ෂ 20ක පමණ ජනතාවක් ඍජුව හා වක්‍රව ආදායම් උපදවන මෙන්ම රටේ ප්‍රධානතම අපනයන ක්ෂේත්‍රය වන ඇඟලුම් කර්මාන්තය මේ වනවිට සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අවදානමක් මතුව ඇති බවත්, ආණ්ඩුව වහාම මේ සදහා මැදිහත් වීමට පියවර ගත යුතු බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කොට ඇත.
ඒ මහතා පෙන්වා දෙන්නේ දැනටමත් අපනයනය කොට ඇති ඇඟලුම් සදහා ආදායම් ලැබී නොමැති සහ ඇනවුම් අවලංගු වී ඇති තත්ත්වයක් යටතේ මෙම ක්ෂේත්‍රය බරපතළ අර්බූදයකට ලක්ව ඇති බවත්, දැනටමත් කාම්‌බෝජය සහ වියට්නාමය වැනි රටවල් අප සතුව පවතින වෙළෙදපොළ ඩැහැගැනීමට පියවර ගනිමින් සිටින බවත්ය.
ඒ මහතා පළ කළ සම්පූර්ණ අදහස් මෙසේය.










