• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ 6ක් කැනඩාවේදී මැරූ ලංකාවේම ෆෙබ්‍රියෝ ‌ගැන ඇඟ කිළිපොළා යන ‌තොරතුරු රැසක් හෙළිවෙයි! දවස් කීපයකට කලින් මරා දාපු අයත් එක්කම උපන්දිනය සමරලා කේක් කපලා! නිතරම සල්ලි ඉල්ලලා කරදර කරලා! හැමවෙලාවෙම වීඩියෝ ගේම් ගහනවලු! මානසික ප්‍රශ්නයකුත් තිබිලා! I Sri Lanka Latest News

March 9, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

කැනඩාවේ ඔටාවා අගනුවර වාසය කරන, ශ්‍රී ලාංකීය පවුලක සාමාජිකයන් 06 දෙනකු ඉකුත් බදාදා (06) පිහියකින් ඇන මරා දමා තවත් අයකුට දරුණු තුවාල, සිදු කර ඇත. එම සමූල ඝාතනය සම්බන්ධයෙන් මුළු මහත් කැනඩාවම කම්පනයට පත්ව ඇති බව කැනේඩියානු මාධ්‍ය වාර්තා කර තිබේ.Sri Lanka Latest News

මෙම පවුලේ පුද්ගලයන් සයදෙනකු පිහියෙන් ඇන මරා දමා තවත් අයකුට තුවාල සිදු කිරීමේ චෝදනා මත එම පවුල සිටි නිවසේ නැවතී සිටි 19 හැවිරිදි වියෙහි පසුවන ශ්‍රී ලාංකීය සිසුවකු වූ ෆෙබි්‍රයෝ ඩි සොයිසා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ පිහි ඇනුම්වලින් මරණයට පත් කර ඇත්තේ කැනඩාවේ ඔටාවා නගරයට නිරිතදිගින් පිහිටි බාර්හෙවන් ප්‍රදේශයේ පදිංචිව, සිටි ශ්‍රී ලාංකීය පවුලක සාමාජිකයන් වන 35 හැවිරිදි මව, ඇයගේ වයස අවුරුදු 7,4,2 හා මාස දෙකක් වයසැති දරුවන් සිවුදෙනා හා ඔවුන්ගේ පවුලේ හිතවතකු වූ 40 හැවිරිදි පුද්ගලයෙකි. එම පවුලේ දරුවන්ගේ පියා මෙම පිහි ඇනුම් ප්‍රහාරයෙන් තුවාල ලැබ රෝහල්ගත කර තිබේ.

මෙම පිරිස නිවෙස තුළ ඝාතනය වී සිටියදී පොලිසිය, විසින් සොයා ගෙන ඇති බව වාර්තාවී තිබේ. කැනඩාවේ මෙවැනි සමූල ඝාතන සිද්ධීන් දුර්ලභ වන අතර මෙය අහිංසක පවුලකට, එරෙහිව සිදු කළ හැඟීමක් නොමැති දරුණු අපරාධයක් බව ඔටාවා නගරයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එරික් ස්ටබ්ස් පවසා තිබේ. මෙම සමූල ඝාතනය දරුණු අපරාධයක් බව කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ මාධ්‍යයට පවසා තිබේ.

පිහි ඇනුම් ප්‍රහාරයෙන් මිය ගිය පිරිස 35 හැවිරිදි දර්ශනී ඩිලන්තිකා ඒකනායක හා ඇයගේ දරුවන් වන 07 හැවිරිදි ඉනුකා වික්‍රමසිංහ, 04 හැවිරිදි අශ්වින් වික්‍රමසිංහ, 02 හැවිරිදි රින්‍යානා වික්‍රමසිංහ හා මාස දෙකක් වයසැති කෙලී වික්‍රමසිංහ හා 40 හැවිරිදි පවුලේ හිතවතෙකු වූ අමරකෝන් මුදියන්සේලගේ ගාමිණි අමරකෝන් වශයෙන් හඳුනාගෙන තිබේ.

බදාදා රාත්‍රි 10.52 ට පමණ ඔටාවා පොලිසියට ලැබුණු හදිසි ඇමතුමකට අනුව සමූල ඝාතනය සිදු වූ නිවසට පොලිස් කණ්ඩායමක් ගොස්, ඇති අතර, සැකකාර 19 හැවිරිදි ශ්‍රී ලාංකීය සිසුවා නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ඝාතනයන්ට මුල් වූ හේතුව අනාවරණය වී නොමැති අතර ඝාතනයට ලක් වූ පවුලේ සාමාජිකයන් කැනඩාවට පැමිණ ඇත්තේ මෑතකදී බව පොලිසිය පවසා තිබේ.

කැනඩාවේ ඔටාවා අගනුවරට තදාසන්න බැර්හෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සාමාජිකයන් පස්දෙනකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් 06 දෙනකු නිවස තුළදීම සාහසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකික තරුණයා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී සැකකරු ඉතා අඩුවෙන් කථාකර ඇති අතර අධිකරණයේ නැවත වාඩි වීමට ප්‍රථම ඔහුගේ නම සහ උපන් ස්ථානය පමණක් සඳහන් කර තිබුණි.

නැවතත් ඔහු ලබන 14 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වන විට සැකකරුට මිනීමැරුම් හයක් සහ මිනී මැරීමට උත්සාහ කිරීම යන චෝදනා එල්ල වී ඇති බවය.කෙසේ වුව ද මෙම සැකකරු විසින් වික්‍රමසිංහ පවුල ඝාතනය කිරීමට හේතුව මෙතෙක් වාර්තා වී නැත.

පුද්ගලයින් 5 දෙනකුගේ නම් සඳහන් කරමින් සැකකරුට අධිකරණය නියෝග කර ඇත්තේ ඔවුන්ට කථා නොකරන ලෙසය.ඉන් එක් අයකු වන්නේ බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටින ධනුෂ්ක වික්‍රමසිංහ ය.

සියදිවි නසා ගැනීමේ සිතිවිලි පහල මානසික අවුලකින් ජීවත් වූ සැකකරු තමා ජීවත්වූ නිවසේම සාමාජිකයන් බෙලි කපා මරාදමන්න තරම් අමානුෂික වී ඇති බවට විශ්වාස කෙරේ.

බ්‍රහස්පතින්දා දිනයේ CBC ප්‍රවෘත්ති සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී, කැනඩා පොලිසිය මෙම සිද්ධිය ‘සමූහ වෙඩි තැබීමක්’ ලෙස කළ වැරදි ලෙස අර්ථකථනය කළ අතර පසුව එය නිවැරදි කරන ලදී. ටොරොන්ටෝහිදී, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ එය ‘කම්පනය සහ භීතිය’ ගෙන දුන් ‘බිහිසුණු ප්‍රචණ්ඩත්වයක්’ සිදුවීමක් බවයි.

මේ බිහිසුණු අපරාධය සාමකාමී කැනඩාව කම්පනය කර ඇති බව නම් සහතිකය. මේ අපරාධකරුවකු නිසා ලක් දූපතට ද ලැබෙන්නේ නරක නාමයකි. එය කනගාටුවකි’ යැයි ඔහු වැඩිදුරටත් කියා තිබේ.

ඔටාවා නගරාධිපති මෙම සමූහ මනුෂ්‍ය ඝාතන සිදුවීම හැඳින්වූයේ තම නගර ඉතිහාසයේ සිදු වූ වඩාත්ම කම්පන සහගත ප්‍රචණ්ඩ සිදුවීම ලෙසිනි. සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔටාවා නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ් පැවසුවේ ‘ආරක්ෂිත ප්‍රජාවක් තුළ ජීවත් වීම ගැන අපි ආඩම්බර වෙනවා, නමුත් මෙම පුවත සියලුම ඔටාවා වැසියන්ට කම්පනයට පත් කොට තිබෙනවා’ යනුවෙනි.

ඔටාවා ප්‍රාන්තයේ පිහිටි බාර්හේවන් ප්‍රදේශයෙන් ඉකුත් බදාදා රාත්‍රියේ එරට දේශීය වේලාවෙන් 22:52ට (ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා උදෑසන 9.22 ට පමණ) ලද හදිසි ඇමතුම්වලට පොලිස් නිලධාරීන් විසින් ප්‍රතිචාර දක්වා තිබේ. අපරාධ සිදුවූ නිවස ඉදිරිපිට කිසිවෙක් ලේ පෙරමින් කෑගසන අයුරු දුටු අසල්වැසියන් පොලිසියට දන්වා තිබේ.

එහි පැමිණි සිය නිලධාරීන් ඉක්මනින් සැකකරු හඳුනාගෙන ඇති බවත්, ඔහු කිසිදු පරිශ්‍රමයකින් තොරව අත්අඩංගුවට ගත් බවත් පොලිස් ප්‍රධානී එරික් ස්ටබ්ස් සඳහන් කර තිබේ.

සැකකරු 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා ලෙස පොලිසිය විසින් හඳුනාගෙන තිබේ. මේ ඝාතනකයා මීට දින කිහිපයකට පෙර සිය උපන්දිනය සමරා ඇත්තේ මේ නිවසියන් සමගය. කේක් කැපූ ඔහු දින කිහිපයකට පසු මාස දෙකහමාරක බිලිඳා ඇතුළු හයදෙනකු පරලොව යැවීමට කටයුතු කර තිබේ.

මෙම පවුලේ පියා පිහිපහරවල් නිසා තුවාල ලැබුවත් ජීවිත අවදානමකට ලක්ව නැත. නිවසින් පිටතට පැමිණ කෑගසා ඇත්තේ ධනුෂ්ක වික්‍රමසිංහ නම් පියාය. පසුව පොලිස් නිලධාරීන් නිවසට ඇතුළු වී වින්දිතයන් සොයා ගත් අතර, නිවසේ මව, ඇගේ දරුවන් සිව්දෙනා සහ පවුල සමඟ ජීවත් වූ හඳුනන අයෙකු ද එයට ඇතුළත් ය.

අමානුෂික ලෙස ඝාතනයට ලක්ව තිබුණේ 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායක, හත් හැවිරිදි ඉනුක වික්‍රමසිංහ, සිව් හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, දෙහැවිරිදි රින්යානා වික්‍රමසිංහ, දෙමස් හැවිරිදි කෙලී වික්‍රමසිංහ සහ වික්‍රමසිංහ පවුලේ හිතවතකු වූ 40 හැවිරිදි ගාමිණි අමරකෝන් යන අයයි.

ඔටාවා නුවර පිහිටි හික්ඩා ජයවර්ධනාරාමයේ සුනීත හිමියන් පවසා ඇත්තේ සැකකාර තරුණයාට ඔහු ඉගෙනුම ලබන ආයතනයේ ප්‍රශ්නයක් ඇතිව තිබෙන බවත් එම නිසාම ඔහු මානසික ආතතියකට ලක්ව සිටි බව තමන් වහන්සේට දැනගැනීමට ලැබුණු බවයි. විපතට පත් වික්‍රමසිංහ පවුලේ අය උන්වහන්සේගේ ගේ ආරාමයට නිතර පැමිණ තිබේ.

එසේම මේ තරුණයා හා වික්‍රමසිංහ පවුල අතර කිසිම ආරෝවක් නොතිබුණු බව තුවාල ලබා සිටින පියාම තමා සමග පවසූ බව උන්වහන්සේගේ පවසති.

කෙසේ නමුත් තමා සොයිසා නොදන්නා නමුත් කැනඩාවට පැමිණි සමහර සිසුන් මානසික ආතතියකට පත්ව සිටින බව දකින්නට ලබුණු නිසා ඔවුන් වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහන් සංවිධානය කළ බවත් උන්වහන්සේ පවසති.

මේ අතර මෙම තරුණයා දැඩි ලෙස පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වූ අයකු බවත් ඒ හේතුවෙන් ඔහු උසස් අධ්‍යාපනය ලැබූ ඔටාවා අල්කුවිටි විද්‍යාලයෙන් ද ඔහුව ඉවත් කර ඇති බවත් පරිගණක ක්‍රීඩාවට අවශ්‍ය මුදල් මෙම නිවසේ හිමිකරුගෙන් විටින් විට ඉල්ලා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය මේ වනවිට වාර්තා කර ඇත.

ඇතැම් අවස්ථාවලදී එලෙස මුදල් ඉල්ලා මෙම නිවසේ හිමිකරු වන ධනුෂ්ක දිල්හාන් සමග බහින්බස් වීම් සිදුවී ඇතැයි ද එම වාර්තාවල සඳහන් වේ.

මෙම ඝාතනය සිදුවූ දිනයේදී පළමුව මෙම තරුණයා නිවසේ බිම් මහලේ ඔහු සමග එක්ව වාසය කළ පුද්ගලයාව පළමුව ඝාතනය කර ඉහළ මහලට පැමිණ සෙසු පිරිස ඝාතනය කර ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර ඇත.

SendShareShare
Previous Post

සජිත් සියලුම කාන්තාවන්ට නොමිලේ දෙනවා කියලා ගිය ජනාධිපතිවරණයේදී කිව්වාම පෑඩ් මෑන් කියලා හිනාවුණා! පරද්දලත් දැම්මා! මෙන්න ආපු ජනාධිපතිලා කරලා තියෙන වැඩේ! බර අවිවලින් ගහනවා වගේ! කාන්තා සනීපාරක්ෂක තුවාවලට ලොකු බදු ගහලා! I Sri Lanka Latest News

Next Post

සංගීතය බලලා පාන්දර ගෙදර එද්දී කැබ් රථයක ගැටී තුන්දෙනෙක් මරුට! Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.