• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රී ලංකන් – නිමල් සහ මීයා I Sri Lanka Latest News

March 8, 2024
in Exclusive, News
Reading Time: 12 mins read
A A
Share on WhatsAppShare on Facebook

කියවන්න හිනා නොවෙන්න…

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන් වාර කිහිපයක් ප්‍රමාද වීම සහ ඇතැම් ගමන් වාර අවලංගු වීමේ සිදුවීම් රාශියක් පසුගිය කාලය පුරා දිගින් දිගටම වාර්තා වුණා. එහි ආසන්නතම සිදුවීම පසුගිය 25 වැනිදා වාර්තා වූ අතර, එහිදී දෙස් විදෙස් ගුවන් මගීන් රාශියක් දැඩි අපහසුතාවට පත්ව සිටියා.(Sri Lanka Latest News) එම තත්ත්වය හමුවේ ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලයට ගුවන් මගීන්ගෙන් එල්ල වුණේ දැඩි දෝෂාරෝපණයකි. රටේ කීර්ති නාමයට හා රටේ ජාතික ගුවන් සේවයට දැඩි කැළැලක් එක්කරන මෙම ප්‍රශ්නසහගත තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ඊට අදාළ සියලු බලධාරීන් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය වෙත කැඳවීමට විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගිය 25 වැනිදා පියවර ගෙන තිබුණා.

මාධ්‍යවේදීන්ටද විවෘතව තිබුණු මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා වෘත්තීය සමිති ප්‍රමුඛ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාලනාධිකාරියට දෝෂාරෝපණය කරනු දැකගන්නට හැකි විය. පහත පළවන්නේ එම සාකච්ඡාවේදී ඇමැතිවරයා සහ ශ්‍රී ලංකන් බලධාරීන් අතර සිදුවූ උණුසුම් අදහස් හුවමාරුවේ කොටස් කිහිපයකි.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
එක වෙලාවක කියනවා මේක ටේ්‍රඩ් යුනියන් ඇක්ෂන් එකක් කියලා. තව වෙලාවක කියනවා එහෙම එකක් නෙවෙයි කියලා. මොකක්ද මේකෙ හරි දේ?

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරියෙක්
එදා වුණේ ඇත්තටම කාර්යමණ්ඩලයේ මදිකමක් දැක්කා. උදේ 4.30ට තමයි කවුන්ටර් අරින්න තිබුණේ.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
කවුන්ටර්වලට කීදෙනෙකන් හිටියද එදා? ඔයා 15 දෙනකුට විතර නිවාඩු දිලා තියෙනවා?

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරියෙක්
නිවාඩු දීලා තියෙන 15 දෙනෙක් ආවේ නෑ. 15 දෙනාගෙන් 3 දෙනෙක්…

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
ඒ 15 දෙනාට එරෙහිව පියවර ගන්න ඕනේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරියෙක්
අපි 3 දෙනෙක්ට විතරයි දීලා තියෙන්නේ.

අශෝක් පතිරගේ – ලංකන් ගුවන් සමාගමේ සභාපති
එතකොට අනිත් අය නිවාඩු දීලා නැතුව ඇවිල්ලා නැද්ද?

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරියෙක්
නෑ සර්, අපේ ක්‍රියාපටිපාටියක් තියෙනවා නිවාඩු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න. ඒක අපි කොහොමත් කරනවා සර්.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
මේවට ඒ ක්‍රියාමාර්ග අරගෙන හරියන්නේ නෑ. ඒවා කරලා දැන් එයාර් ලයින් එක විකුණගන්නත් බෑ. ඉස්සර ගන්න අය හිටියා, දැන් එන මිනිස්සුත් හැරිලා යනවා ඔයාගේ වැඩ හින්දා. ඔයාගේ දුර්වල පරිපාලනය හින්දා. වෘත්තීය සමිතිත් එකයි පරිපාලකයොත් එකයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයෙක්
එදා වෙච්ච සිද්ධිය, 15 දෙනකුගේ නිවාඩු ගත්තොත් එහෙම 15ක් කියලා කියන්නේ මෙහෙයුම්වලදී නිවාඩු ප්‍රමාණයක් නෙවෙයි. සති අන්තයේදී වැඩි ප්‍රමාණයක් වැඩට ඇවිල්ලා තියෙනවා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
මල්ලි මේක අහන්නකෝ, ඉදිරියට සංචාරකයෝ එනවා. අපි මාස 3කට ඔක්කොම නිවාඩු කැන්සල් කරමු. ගන්න තීරණයක්. No Leave.

අශෝක් පතිරගේ – ලංකන් ගුවන් සමාගමේ සභාපති
සර් ඇත්තටම මේක පටන්ගත්තේ Ground Handling එදා ප්‍රශ්නය ආවේ. අපේ ගුවන් යානා දෙකක් කැඩිච්ච හින්දා. ගුවන් ගමන් වාර 8ක් විතර අවලංගු කරන්න සිද්ධ වුණා. එතකොට අනිත් ගමන් වාරත් ප්‍රමාද වුණා. මේගොල්ලෝ දැනගෙන හිටියේ නැහැනේ…

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
මේගොල්ලෝ දැනගන්න ඕනනේ සභාපතිතුමා, ගුවන් යානයක් එකපාර කැඩෙන්නේ නැහැනේ. එකකට මීයෙක් රිංගුවා කිව්වා. කවුද මීයෙක් රිංගනවා දැක්කේ?

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයෙක්
සර්, ඒක ගුවන් මගියෙක් පැමිණිලි කළා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
ඉතින් ඒක ඇත්තද?

අශෝක් පතිරගේ – ලංකන් ගුවන් සමාගමේ සභාපති
මීයව අල්ලා ගත්තා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
ඉතින් අල්ලා ගත්තා නම් ප්‍රශ්නේ ඉවරයිනේ.

අශෝක් පතිරගේ – ලංකන් ගුවන් සමාගමේ සභාපති
ඊයේ හොයා ගත්තේ මීයා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
ඇයි මීයන්නට ඒ පැත්තට එන්න දෙන්නේ? ඔයාලම දාන්න ඇති මීයෙක්. ඒ ෆ්ලයිට් එක ලාහෝර් ඉඳන් ආවනේ කරදරයක් නැතුව.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයෙක්
මීයා වයර් කපන්න පුළුවන්, ඒකෙන් හානි වෙන්න පුළුවන්.

අශෝක් පතිරගේ – ලංකන් ගුවන් සමාගමේ සභාපති
ගුවන් මගියෙක් පැමිණිලි කළාට පස්සේ අපි ඒ ගැන පියවරක් ගත යුතුයිනේ. දවස් 3ක් ගියා මීයව අල්ලා ගන්න.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
ඊළඟ ප්‍රමාදයට හේතුව මොකක්ද? භූමි මෙහෙයුම්වලට අවශ්‍ය කාර්ය මණ්ඩලය හිටියේ නැහැනේ? නිවාඩු දුන්නනේ ඒ අයට?

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරියෙක්
නැහැ සර් නිවාඩු දුන්නේ නෑ. නිවාඩු දුන්නේ 3යි. අනිත් අය ආවේ නැහැ.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
ඒ ආපු නැති අයගේ ලිස්ට් එකක් අරගෙන, ආපු නැති ඔක්කොම අස්කරලා දාන්න. මෙහෙම ප්‍රශ්න ඇතිකරන මිනිස්සු එක්ක ගුවන් සේවයක් දුවන්න බැහැ. ඔවුන් අස්කරන්න ඉක්මනටම.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වෘත්තීය සමිති නියෝජිතයෙක්
වෘත්තීය සමිතියක් විදියට අපි මේ ආයතනයට ආදරෙයි. අපි මේ රටට ආදරෙයි.

අමාත්‍යවරයා
ආදරෙයි නම් පඩි බාගයක් අරගෙන වැඩකරන්න.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වෘත්තීය සමිති නියෝජිතයෙක්
පඩි බාගයක් ගන්නත් අපට ප්‍රශ්නයක් නෑ.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
ප්‍රශ්නයක් නෑ. අන්න හරි. බොහොම හොඳයි…

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වෘත්තීය සමිති නියෝජිතයෙක්
පඩි බාගයක් අරගෙන මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් නම් අපි පඩි බාගයක් ගන්න ලෑස්තියි.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
දැන් ඒවගෙන් වැඩක් නෑ. සභාපතිතුමා කියන්න ඉදිරි සැලැස්ම?

අශෝක් පතිරගේ – ලංකන් ගුවන් සමාගමේ සභාපති
අපිට කේටරින් සේවාව විකුණන්න අවශ්‍ය වුණා. සමහර විට අපේ ගුවන් තොටුපළ මෙහෙයුම් වුණත් විකුණන්න අවශ්‍ය වේවි. අපට රජයෙන් ලබාගත් සියලු ණය ගෙවා දැමීමට අවශ්‍යයි. අවම වශයෙන් රජයේ ණයවලින් අඩක් හෝ ගෙවා දැමීමට අපට හැකිව තිබුණා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
අපි ගුවන් තොටුපළ මෙහෙයුම් ශ්‍රී ලංකන් වෙතින් වහාම ඉවත් කරලා පෞද්ගලික පාර්ශ්වයකට ලබාදෙමුද?

මාධ්‍යවේදියා
ඇමැතිතුමා, ශ්‍රී ලංකන් එකට මේ තත්ත්වය ඇතිවුණේ වෙච්ච අක්‍රමිකතා නිසාද? සේවකයෝ නිසාද? ඔබතුමාගේ අදහස මොකක්ද?

අවුරුදු ගානක් තිස්සේ සිදුවුණු අවිධිමත් කළමනාකරණයත් බලපෑවා. මෑතකදී වුණු දේවලට වෘත්තීය සමිති කිහිපයක් වගකිව යුතුයි. තව විනාඩි 3යි. මට කැබිනට් රැස්වීමට යන්න තියෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වෘත්තීය සමිති නියෝජිතයෙක්
එහෙම කලින් නවත්තලා යන්න ලෑස්ති වෙන්න එපා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
ඔයා කියන විදියට මම රැස්වීම කරන්නේ නෑ. දැන් ඉවරයි සාකච්ඡාව අවසන්. ඕනෙ දෙයක් කියාගන්න.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වෘත්තීය සමිති නියෝජිතයෙක්
මේක කාලා විනාශ කරලා, නැතිකරලා දාලා සේවකයන්ට චෝදනාව දාලා යන්න හදනවා නම් ඒකට ඉඩ තියන්නේ නැහැ. ඔබතුමා ඒක මතක තියාගන්න.

සැකසුම – චානක ලියනගේ

SendShareShare
Previous Post

ආණ්ඩුවේ සභාපති කෙනෙක් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

Next Post

රජීව් ගාන්ධි මරලා හිරේ ගිහින් නිදහස් වෙලා ලංකාවට එන්න දින ගැන ගැන හිටියේ… මහේෂ්වරී අම්මවයි, ශාන්තන් පුතාවයි සදහටම වෙන් කළේ ප්‍රභාකරන්ගේ අවතාරයද? I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.