• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්-අනුර කියන්නේ දේශපාලන ඩීල් එකක්! අනුර වැඩ කරන්නේ රනිල්ගේ උපදෙස්වලට! හර්ෂණ මොකද්ද මේ කියන කතාව! VIDEO I Sri Lanka Latest News

March 6, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
රනිල් රතු අලි පැටව් එක්ක එකතු වෙලා ගහපු ගේම වරදී! දැන් මල පැනලා..! ඊයෙ කතා කළෙත් මලෙන්..! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ජනතා විමුත්ති පෙරමුණ එකට ගණුදෙනු කරන බවත් ජනතා විමුත්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කරන බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ජනතා විමුත්ති පෙරමුණ අතර පැහැදිලි දේශපාලන ඩීල් එකක් තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේ පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂණ රාජකරුණා මහතා මෙසේ පැවැසීය.

‘‘ජනතාවගේ ජීවනබර වැඩිවීමට ඉන්ධන මිල වැඩිවීම , විදුලිබිල වැඩිවීම , ජලබිල වැඩිවීම ප්‍රධාන ලෙස බලපාලා තිබෙනවා.  මේවා වැඩිවෙනවාත් සමඟම රටේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන්ද වැඩි වෙනවා.  

රජය සියයට 300 කින් විදුලිබිල වැඩිකරලා සියයට 20 ක් වගේ ඉතාම අඩු ප්‍රතිශතයකින් විදුලි බිල අඩුකරලා තිබෙනවා. 70 – 80 දශකවල තමන්ගේ නිවෙස්වලට විදුලිය ලබාගෙන සතුටින් හිටපු රටේ ජනතාවට විදුලිබිල ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. රට නුතන ලෝකය කරා යනවා වෙනුවට නැවත කරත්ත යුගයකට රට ගිහින් තිබෙනවා.

විදුලිබිල මීට වඩු අඩුවෙයි කියලා ජනතාව බලාපොරොත්තු වුණා. රජය විදුලිබිල වැඩිකරන විට වැඩි කරන්නේ විශාල ප්‍රතිශතවලින්. නමුත් අඩුකරන විට ඉතා අඩු ප්‍රතිශතයකින් තමයි විදුලි බිල අඩු කරන්නේ. මේ වනවිට අධික විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිව ලක්ෂ 6 කට වඩා වැඩි නිවාස ප්‍රමාණයක විදුලිය විසන්ධි කරලා තිබෙනවා. විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිව ගම්මාන පිටින් අද කළුවරේ ඉන්නේ. විදුලිය කියන්නේ සුඛෝපභෝගි සේවාවක් නෙවෙයි. විදුලිය කියන්නේ සාමාන්‍ය දෙයක්. 70 – 80 දශකවල තමයි විදුලිය අධි සුඛෝපභෝගි සේවාවක් වුණේ. රටේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න විදුලි අනිවාර්ය දෙයක්. ආණ්ඩුව නැවත රටේ ජනතාව 70 – 80 දශකවලට ගෙනියනවා. ජනතාවට විදුලිය ලබාදීම ලංකා විදුලි බල මණ්ඩලයේ සහ රජයේ අත්‍යාවශ්‍ය සේවාවක්. ලංකා විදුලි බල මණ්ඩලය පාඩු ලැබුවාම වක්‍රාකාරයෙන් ඒ පාඩුව පියවා ගන්න ලංවීමට බෑ. ලාභ ලබන ආයතන පෞද්ගලීකරණය කරන්න රජය සුදානම් වෙනවා. ලාභ ලබන ආයතන පෞද්ගලීකරණය කරන්නේ රජයේ ගජමිතුරන්ට වාසි වන ආකාරයට. මේ සියලු දේවල් සිදුවන්නේ කිසිදු විනිවිධභාවයකින් නෙවෙයි.

ඒ වගේම රටේ සාමාන්‍ය ජනතාවගෙන් බහුතරයක් තමන්ගේ වාහන සඳහා භාවිතා කරන්නේ ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල්. නමුත් ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල සංශෝධනය කරන්න රජය කටයුතු කරලා නෑ.

රට බංකොලොත් කිරිම සඳහා මූලික වුණ පිරිස කවුරුද්ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදීලා තිබෙනවා. ඒ ආර්ථික ඝාතකයින්ව පිලිගන්න උත්සව පවත්වන තත්ත්වයට රට අද පත්වෙලා තිබෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවෙකු ලෙස නම් කළ බැසිල් රාජපක්ෂ පිළිගන්න පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරු ගුවන් තොටුපලට ගිහින් තිබෙනවා. ඒ බැසිල් රාජපක්ෂ තමයි පාක්ෂිකයෝ සියලු දෙනා අනාත කරලා 2015 දී රටින් පැන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වැල් පාලමෙන් රාජපක්ෂ පවුලම එගොඩ කළා. ඒ එගොඩ කරපු එක් පුද්ගලයෙක් තමයි බැසිල් රාජපක්ෂ. ඔහු ඇවිත් තියෙන්නේ රට හදන්න කියලා කියනවා. මෙවැනි දේවල්වලට ජනතාව තවදුරටත් රැවටෙන්නේ නෑ. රනිල් රාජපක්ෂ ආණ්ඩුව ජනතාව අදවනවිට ප්‍රතික්ෂේප කරලා ඉවරයි. වික්‍රමසිංහ ජනාධිපතිවරයා රාජපක්ෂවරු සමඟ එකතුවෙලා රට අගාධයකට ඇද දමා තිබෙනවා.

කතානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අත්සන් කරන්න විපක්ෂය කටයුතු කළා. මේ වනවිට විපක්ෂයේ මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් කතානායකවරයාට විරුද්ධව ගේන විශ්වාසභංග යෝජනාවට අත්සන් කර තිබෙනවා. කතානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ප්‍රධානතම හේතුව බවට පත්වුණේ කතානායකවරයාගේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාකලාපය. ඔන්ලයින් පනත පිළිබඳව කතානායකවරයාගේ හැසිරීම , පාර්ලිමේන්තුවේදී කාතානායකවරයා පක්ෂග්‍රාහීව කටයුතු කිරිම , යන හේතු නිසා තමයි කතානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කළේ. ඒ වගේම කතානායකවරයා පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරනවාට වඩා ආණ්ඩුවේ ප්‍රධානතම නියෝජිතයා ලෙස තමයි කතානායකවරයා පාර්ලිමේන්තුව තුළ කටයුතු කළේ. මහජන නියෝජිතයෙක් කටයුතු කළ යුත්තේ පක්ෂග්‍රාහීව නෙවෙයි. ඔහු රට වෙනුවෙන් කටයුතු කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිම සඳහා කතානායකවරයාට විරුද්ධව ගේන විශ්වාසභංග යෝජනාවට ආණඩුවේ සහයත් ලබාදෙන්නැයි ආරාධනා කරනවා.‘‘

මහබැංකුවට ලබාදුන් ස්වාධිනත්වය වැරදි ආකාරයට ප්‍රයෝජනයට ගැනීම සුදුසු නෑ

‘‘මහබැංකුවේ නියෝග නිසා රටේ ජනතාවට අද අධික පෝලියක් , අධික බද්දක් ගෙවන්න සිදුවෙලා තිබෙනවා. එවැනි අස්ථාවක මහබැංකු නිලධාරින් ඔවුන්ගේ වැටුප් සියයට 80 කින් පමණ වැඩිකර ගැනීම ඉතා අසාධාරණ කටයුතුත්තක්. අපි විශ්වාස කරනවා මහබැංකුවට ස්වාධිනත්වයක් තිබිය යුතුයි. මහ බැංකුවේ නිලධාරීන් සුවිශේෂි දක්ෂතා තිබිය යුතු නිලධාරීන් ඔවුන්ට විශේෂ සැලකිල්ලක් දැක්වීම සම්බන්ධයෙන් අපගේ අකමැත්තක් නෑ. නමුත් රටේ ආර්ථික ලෙස දැඩි පීඩාවකට පත් සිටින මොහොතක අසාධාරණ ලෙස මහබැංකු නිලධාරින් ඔවුන්ගේ වැටුප් වැඩි කරගැනීම පුදුමයට පත්වෙන කාරණයක්. මහබැංකුවට ලබාදුන් ස්වාධිනත්වය වැරදි ආකාරයට ප්‍රයෝජනයට ගැනීම සුදුසු නෑ.‘‘

අනුර රනිල් කියන්නේ දේශපාලන ඩීල් එකක්

‘‘රනිල් වික්‍රමසිංහ සහ ජනතා විමුත්ති පෙරමුණ ගණුදෙනු කරන්නේ එකට. ජනතා විමුත්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව තමයි කටයුතු කරන්නේ. වේදිකාවල මඩ ගහ ගත්තාට රනිල් වික්‍රමසිංහ සහ ජනතා විමුත්ති පෙරමුණ එකට අත්වැල් බැඳගෙන ඉන්නේ. රනිල් වික්‍රමසිංහ සහ ජනතා විමුත්ති පෙරමුණ අතර පැහැදිලි දේශපාලන ඩීල් එකක් තිබෙනවා. අනුර රනිල් කියන්නේ දේශපාලන ඩීල් එකක්.‘‘

SendShareShare
Previous Post

ජනපති පාර්ලිමේන්තුවට ඇවිත් ජාතිය අමතා අදත් විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිතුමනි ඔබතුමා තව කොච්චර කාලයක් ඉන්නවද කියලා අපිට කියන්න බෑ! ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ගැන අපිව දැනුවත් කරන්න! සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයෙන් අපේ ආණ්ඩුවකදී අපි මේ වැඩසටහන ඉස්සරහට අරන් යන්න තියෙනවා! හර්ෂ පාර්ලිමේන්තුවේදී රනිල්ගේ මුහුණටම කියයි! ඔයාගේ සභාපතිකමත් කොච්චර කල් තියෙයිද දන්නෙ නෑ! රනිලුත් ඒ මොහොතේම උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

Load More
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති...

Read more
සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.