අද උදෑසන නවගමුව පොලිස් බල ප්‍රදේශයේ කොරතොට ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබේ.Sri Lanka Latest News
පොලීසිය පැවසුවේ කොරතොට ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් ඉදිරිපිටදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවය.
එහිදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අලෙවිසැල ඉදිරිපිටදී අහසට වෙඩිතබා පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.









