• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පවුලත් එක්කම කැනඩා පනින්න කලින් උද්දික ගිහින් රනිල්ව හමුවෙලා! දැන්වත් කාර් එකට වෙඩි තැබීමේ සිද්ධියේ වාර්තාව එළියට එයිද? VIDEO I Sri Lanka Latest News

March 3, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

මාස 2ක් ඇතුළත දෙවැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම පසුගිය සතියේ වාර්තා විය. මුල්ම සිදුවීම වාර්තා වුණේ සජබ ප්‍රබල තරුණ මන්ත්‍රීවරයකු වූ චමින්ද විජේසිරි මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගය. එහිදී චමින්ද කියා සිටියේ පවතින දේශපාලන ක්‍රමය සහ ජනතාව වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දක්වන දැඩි විවේචනය හේතුවෙන් තමන් මෙවර පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන බවකි. දෙවැනි සිදුවීම පසුගිය සතියේ වාර්තා වූයේ හදිසියේම විමල් වීරවංශ මහතාගේ පක්ෂය නියෝජනය කරමින් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු ආ ජනප්‍රිය නළුවකු වන උද්දික ප්‍රේමරත්න සිය පාර්ලිමේන්තු මන්න්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට කතානායකවරයා වෙත යොමුකර තිබූ ලිපියත් සමගය. සිය ලිපිය මගින් උද්දික සඳහන් කර තිබුණේ තරුණ මන්ත්‍රීවරයකු ලෙස සිය අදහස් ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් නොලැබුණු නිසා මෙසේ තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවකි.Sri Lanka Latest News

නමුත් උද්දිකගේ ඉල්ලා අස්වීම පිළිබඳ ඇත්ත කතාව එයමද?

නළුවකු වශයෙන් ප්‍රසිද්ධව සිටි උද්දික දේශපාලනයට පැමිණ නිහඬ චරිතයක් වුවද හිටිහැටියේ උද්දික පිළිබඳ යළිත් වතාවක් රටම කතා කරන්නට ගත්තේ ඔහු ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයක් සමගිනි. ආරක්ෂකයන් රහිතව ඔහු විසින්ම රථය පදවාගෙන පැමිණ නිවෙසට ඇතුළු වීමෙන් පසු නාඳුනන තුවක්කුකරුවකු ඔහුගේ රථයට නිවෙස ඉදිරිපිටදි වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබිණි. චිත්‍රපට ජවනිකාවක් බඳු එම සිදුවීමෙන් අනතුරුව උද්දික තමන්ට ජීවිත තර්ජන ඇති බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරද්දී ඇතැමුන් කියා සිටියේ මෙය උද්දික විසින්ම නිර්මාණය කළ සිදුවීමක් කියාය. ඒ පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් වීම නිසාම එහි ඉදිරි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පියවර ගැනිණි. සිද්ධිය සිදුවී මාස ගණනක් මේ වන විට ගතව ඇතත් අද වනතුරු එහි ප්‍රගතිය පිළිබඳ පොලිසිය පැත්තෙන් කිසිදු ප්‍රකාශයක් සිදුව නොතිබීම විශේෂ සිදුවීමකි.

රනිල්ව හමුවෙලා

එවැනි පසුබිමක් යටතේ උද්දික මීට දින කිහිපයකට ඉහතදී ජනාධිපතිවරයා මුණගැසීමටද පියවර ගෙන තිබිණි. ඒ අනුව පැවැති සාකච්ඡාවලදී ජනාධිපතිවරයා උද්දිකට ආණ්ඩුවට එක්වන ලෙස දැනුම් දුන් බවත්, උද්දිකද ඊට එකඟතාව පළකොට තිබූ බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එසේ උද්දික ජනාධිපතිවරයා හමුවීමට ගොස් තිබුණේ කුමන ගනුදෙනුවක් ගොඩින් බේරාගැනීමටද යන ප්‍රශ්නයද මේ වන විට දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් වී තිබේ.

ඒ කෙසේ වෙතත් පසුගිය සතියේ උද්දික සිය පවුලද සමග හිටිහැටියේ රටින් පිටව කැනඩාව බලා ගොස් තිබිණි. ඒ ඊකේ 651 දරණ ගුවන් යානයෙනි. අනතුරුව උද්දික සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක වෙත යොමුකොට තිබුණේද ආරක්ෂිතව කැනඩාවට පවුල සමග ගොඩබැසීමෙන් පසුවය. ඒ අනුව බොහෝ දෙනා බලා සිටින්නේ දැන්වත් උද්දිකගේ නිල රථයට වෙඩිතැබීමේ සිද්ධියේ අවසන් වාර්තාව එළිදැක්වෙනු ඇතැයි කියාය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

දේශපාලන පෙරළි අස්සේ මහින්ද රනිල් හමුවක්! මේ පාර දේශපාලනය කතා කරලා? I Sri Lanka Latest News

Next Post

‘මට විනාඩි 5ක් දෙන්න’! ෆොන්සේකා සජිත්ට පණිවුඩයක් එවයි! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.