• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මට විනාඩි 5ක් දෙන්න’! ෆොන්සේකා සජිත්ට පණිවුඩයක් එවයි! I Sri Lanka Latest News

March 3, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
මුලු රටම ඉල්ලන හොරු අල්ලන වැඩෙයි හොරකම් කරපු සල්ලි රටට ගේන වැඩෙයි සජබ ආණ්ඩුවක් යටතේ ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාට දෙන එක වෙනස් කරන්නේ නෑ! සජිත් ජනතාවට යළි යළිත් කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා මහතා පක්ෂයට එරෙහිව අධිකරණය හමුවට ගොස් වාරණ නියෝගයක් ලබාගැනීම හේතුකොට ගෙන මේ වන විට සජබය තීන්දු කොට ඇත්තේ ඔහු සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමටය. එමෙන්ම අදාළ සිදුවීමෙන් පසු පක්ෂය තුළ සිදුකෙරුණු කිසිදු වැඩකටයුත්තකට ෆොන්සේකාව සහභාගි කරගත්තේ හෝ ෆොන්සේකාට ආරාධනා කිරීමට හෝ පක්ෂය කටයුතු කළේ නැත. එය පැහැදිලිවම දැකගන්නට ලැබුණේ පසුගිය සති අන්තයේ ෆොන්සේකාගේ දිස්ත්‍රික්කය වූ ගම්පහ මහරදී පැවැති සජබ සමුළුවේදීය. සමුළුව සංවිධාන කිරීමේදී ගම්පහ නියෝජනය කරන දේශපාලනඥයන් මෙන්ම පක්ෂයේ ප්‍රබලයන්ද පැහැදිලිව කියා සිටියේ පක්ෂයට එරෙහිව අධිකරණයට ගිය ෆොන්සේකාට ඊට ආරාධනා නොකළ යුතු යැයි කියාය. ඒ අනුව ෆොන්සේකාට ඊට ආරාධනා නොකිරීමට පියවර ගැණින.Sri Lanka Latest News

කෙසේ වෙතත් රැස්වීම ආරම්භ වී මරික්කාර් වේදිකාවේ කතාකරමින් සිටියදී කිසිවකුත් නොසිතූ පරිදි හිතවතුන් කිහිප දෙනකු සමග කිසිදු ආරාධනාවකින් තොරවම රැස්වීම් භූමියට පැමිණීමට ෆොන්සේකා කටයුතු කළේය. කුමන මතගැටුම් තිබුණද පක්ෂයේ සභාපතිවරයා වීම හේතුකොට ගෙන මරික්කාර් කිසිදු වෙනසක් නොපෙන්වා රැස්වීමට සහභාගි වූ ෆොන්සේකා පිළිබඳ සඳහන් කිරීමට වගබලා ගත්තේය. ඒ අනුව ෆොන්සේකා ජනතාව මැදින් පැමිණ ඉදිරි පෙළ පනවා තිබූ ආසනයක අසුන් ගත්තද දෙපස සිටි කිසිදු සජබ නායකයෙක් ෆොන්සේකාව වැඩිපුර ගණන් ගත් ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.

රැස්වීමට එන්න එපා

ඒ වන විට සජිත් සමුළුව ඇමතීම සඳහා පැමිණ නොසිටි බැවින් බොහෝ දෙනා එකිනෙකාට කුටුකුටු ගාන්නට පටන්ගත්තේ යම් හෙයකින් සජිත් මේ අවස්ථාවේ රැස්වීමට පැමිණියහොත් ෆොන්සේකා සමග අනවශ්‍ය ගැටුමක් ඇතිවීමේ අවදානමක් ඇතැයි කියාය. මේ නිසාම වේදිකාවේ සිටි කිහිප දෙනෙක්ම සජිත්ට ඇමතුමක් ගෙන දැනුම් දුන්නේ ෆොන්සේකා ආරාධනාවකින් තොරව පැමිණ ඇති බැවින් රැස්වීමට නොපැමිණෙන ලෙසටය. නමුත් සජිත් ගත් කටටම කියා සිටියේ ෆොන්සේකාගේ පැමිණීම තමන්ට ගැටලුවක් නොවන බවත්, සැලසුම් කර ඇති ආකාරයටම තමන් රැස්වීමට පැමිණ කතා කරන බවත්ය. ඒ අනුව කී ආකාරයටම සජිත් සුළු මොහොතක් යද්දී පාක්ෂිකයන් පිරිවරාගෙන එම පාක්ෂිකයන්ගේ ජය ඝෝෂා මැද්දේ ජනතාව මැදින් වේදිකාවට පැමිණීමට පියවර ගත්තේය. එහිදී අන් සියලු දෙනාම තමන් උන් ආසනවලින් නැගිට සජිත්ට අත්පොළසන් දුන්නද, ෆොන්සේකා තනිවම පුටුවේ අසුන්ගෙන සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි.

මටත් කතාවක් දෙන්න

කෙසේ වෙතත් සජිත් වේදිකාවට ගොඩවූ පසු තුන්වැනි පාර්ශ්වයක් හරහා ෆොන්සේකා සජිත්ට පණිවුඩයක් එව්වේය. ඒ, සජිත්ගේ කතාවට පෙර තමන්ට විනාඩි 5කට කතා කිරීමට අවස්ථාව ලබාදෙන්නැයි කියාය. නමුත් සජිත් එය කෙළින්ම ප්‍රතික්ෂේප කරමින් අදාළ පුද්ගලයා අතේ පෙරළා පණිවුඩයක් යවමින් කියා සිටියේ ඊළඟට තමන් කතාකිරීමට සූදානමින් සිටින බවත්, අවශ්‍ය නම් තමාගේ කතාවට පසුව කතාකරන ලෙසත්ය. කෙසේ වෙතත් සජිත් කතාව සිදුකොට අවසන් කරනවාත් සමගම රැස්වීම අවසන් කිරීමටද සංවිධායක මණ්ඩලය පියවර ගත්හ. ඒ අනුව, සජිත් ෆොන්සේකාව කිසිදු ගණනකට නොගෙන රැස්වීම් භූමියෙන් පාක්ෂිකයන් සමග පිටව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

පවුලත් එක්කම කැනඩා පනින්න කලින් උද්දික ගිහින් රනිල්ව හමුවෙලා! දැන්වත් කාර් එකට වෙඩි තැබීමේ සිද්ධියේ වාර්තාව එළියට එයිද? VIDEO I Sri Lanka Latest News

Next Post

තව දවස් 10කින් අපේ සන්ධානය එනවා! දැනටමත් දේශපාලන පක්ෂ ගණනාවක් එක්ක කතා කරලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.