• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ වගේම ඉන්දියානු සාගර කලාපය ආරක්ෂා කිරීමේ වගකීමත් නාවික හමුදාවට තියෙනවා! නාවික හමුදා වර්ණ ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනපති කියයි! VIDEO I Sri Lanka Latest News

March 2, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල් රෝයල් එකේ සිට සියලු දෙනාට එකතු වෙන්න යළි ආරාධනා කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා සාගර කලාප මෙන්ම ඉන්දියානු සාගර කලාපය ද ආරක්ෂා කර ගැනීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී තිබෙන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියන් සාගරය තුළ මෙරට ආර්ථික වැඩසටහන්වලට හානිවීමට ඉඩ නොදෙන බව ද අවධාරණය කළේය.Sri Lanka Latest News

1967 ඊශ්‍රායල – අරාබි යුද්ධයේදී සුවස් ඇළ වසා දැමීම හේතුවෙන් වසර 10ක් කොළඹ වරායේ මෙහෙයුම් නැවතුණු ආකාරය ද සිහිපත් කළ ජනාධිපතිවරයා මෙරට වරායන්හි ආර්ථික වටිනාකම් ආරක්ෂා කර ගැනීම සඳහා සුවස් ඇළ සහ රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය සඳහා ජනාධිපති වර්ණ ප්‍රදානය වෙනුවෙන් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේදී ඊයේ (01) පෙරවරුවේ පැවති වර්ණ ප්‍රදානෝත්සවය අමතමිනි.
ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත පැමිණි සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාවික හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් අයුරින් පිළිගැනිණි.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කරමින්, දේශයේ සමුද්‍රීය අභිලාෂය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් කැපවූ ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයට ජනාධිපති වරණ ප්‍රදානය මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය හා අනෙකුත් යුධ නෞකා මඟින් මහ සයුරේ සිදු කළ විචිත්‍රවත් සංදර්ශනයකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.
මේ අතර ඩ්‍රෝරා යාත්‍රාවක නැඟ මුහුදේ නැංගුරම්ලා තිබූ ක්‍රියාන්විතයන්ට එක් වූ නෞකා නිරීක්ෂණය කිරීමට ද ජනාධිපතිවරයා එක් වූ අතර යාත්‍රා බලඝණ තොටුපොළේ තිබූ නෞකා ද නිරීක්ෂණය කළේය. ගජබාහු, සමුදුර, පරාක්‍රමබාහු, සාගර, උදාර, ශක්ති, නන්දමිත්‍ර, සයුරල යන යුද නෞකා මෙලෙස සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විධිමත් නිරීක්ෂණයට ලක් විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ද නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා විසින් සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.
මේ අතර නාවික හමුදා කඳවුරේ ලොග් සටහන් පොතෙහි ජනාධිපතිවරයා සටහනක් ද තැබීය.

ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
අද නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයට ඉතා වැදගත් දිනයක්. අද මෙම බලඝණයට ජනාධිපති සම්මාන ලබා දුන්නා. මෙම බලඝණය ආරම්භ කර වසර 30ක් ගතව තිබෙනවා. 1993 මෙම බලඝණය ආරම්භ කරනු ලැබුවා. අපේ යුද හමුදාවට විශේෂ සේවා අංශ දෙකක් තිබෙන නිසා නාවික හමුදාවෙත් මෙවැනි අංශයක් ආරම්භ කිරීමට එදා තීරණය කරනු ලැබුවා. දීර්ඝකාලයක් අපේ නාවික හමුදාපතිවරුන් මේ පිළිබඳ ජාතික ආරක්ෂක මණ්ඩලයේ දී සාකච්ඡා කළා.
එදා එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී නාවික හමුදාවේ එක් උපක්‍රමයක් ලෙස මෙම බලඝණය හඳුන්වාදිය හැකියි. ඒ නිසා මෙම බලඝණය මඟින් ඉටු වූ සේවාව මා විශේෂයෙන් සිහිපත් කළයුතු නොවුවත් ඒ වෙනුවෙන් මා මෙහිදී මාගේ ස්තූතිය ප්‍රකාශ කළයුතුයි.
ඒ වගේම එතැනින් නොනැවති ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැදගත් අංශයක් ලෙස මෙම බලඝණය ගෞරවයට සහ පිළිගැනීමට ලක්ව තිබෙනවා.ඒ නිසා මේ ජනාධිපති වර්ණ ලබාගැනීමෙන් පසුවත් ඊටත් වඩා උසස් අන්දමින් වැඩකටයුතු කරගෙන යමින් මෙම බලඝණයේ කිර්තිනාමය ආරක්ෂා කර ගන්නා ලෙස මම ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.
එසේම පසුගිය යුද සමයේ ශ්‍රී ලංකා නාවික හමුදාව රට වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කළා. එහිදී ජීවිත පුද කළ සියලු සාමාජිකයන් සහ අහිමි වූ සම්පත් පිළිබඳ ඉතිහාසයේ ලියැවී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මුහුදු කලාපයේ මෙන්ම ඉන්දියන් සාගර කලාපයේ ද ආරක්ෂාව වෙනුවෙන් ඉතිහාසයේ සිට අපගේ නාවික හමුදාව කැපවී කටයුතු කර තිබෙනවා. ඒ සඳහා වන එක්සත් ජාතින්ගේ ගිවිසුමටද අප එකඟ වී සිටිනවා. ඉන්දියන් සාගරය තුළ අපේ ආර්ථික වැඩසටහන්වලට හානිවීමට ඉඩ දෙන්න බැහැ.
ඒ වගේම රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් අපගේ නාවික හමුදාව යෙදවීමට අප කටයුතු කළා. 1967 ඊශ්‍රායල – අරාබි යුද්ධයේදී සුවස් ඇළ වසා දැමීම හේතුවෙන් නාවික ගමනා ගමනයට හානිවීම නිසා වසර 10ක් කොළඹ වරායේ වැඩකටයුතු නැවතී තිබූ අන්දම අපට මතකයි. ඉන්දියන් සාගරයේ ආරක්ෂාව වෙනුවෙන් වගේම සුවස් ඇළ සහ රතු මුහුද ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සහ අපේ වරායන්හි ආර්ථික වටිනාකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අප කටයුතු කරන්නේ ඒ නිසයි. ඒ වගේම ඉදිරියේදී ද අපේ නාවික හමුදාව මෙම වැඩකටයුතුවල සාර්ථකව නිරත වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.
අද මෙම වැඩසටහන පැවැත්වෙන්නේ ඓතිහාසික ස්ථානයක. ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේ ප්‍රධාන වරායක් ලෙස ත්‍රිකුණාමල වරාය සළකනවා. අනුරාධපුර සහ පොළොන්නරු යුගයේදී මේ වරාය වැදගත් වාරයක් ලෙස සලකනු ලැබුවා. දෙවැනි ලෝක යුද්ධයේ දී ආසියානු කලාපය තුළ බිතාන්‍යයන්ගේ ජය්‍රහණයට එක් හේතුවක් වූයේ මෙම වරායයි. රපේ රටට අයිති මෙම වරාය අප ආරක්ෂා කරගත යුතුයි. එහිදී අප මධ්‍යස්ථව කටයුතු කළයුතුයි. අද මට සේනාධිනායකයා ලෙස නාවික හමුදා බලඇණිය පරික්ෂා කිරීමට අවස්ථාව ලැබුණා. ඔවුන්ටත්, සමස්ත නාවික හමුදාවටත් රට වෙනුවෙන් ඉටු කරන සේවාවට ස්තුතිය පුද කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නැගෙනහිර නායක විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ ප්‍රධානි කපිතාන් ධර්මසිරි හේරත් යන මහත්වරු ඇතුළු නිලධාරීන් සහ නාවික හමුදා සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය
2024-03-01

SendShareShare
Previous Post

වැඩිහිටියෝ ලක්ෂ 26කට සත පහක් අතේ නෑ! Sri Lanka Latest News

Next Post

බැසිල් එන්න තව පැය 48යි! පොහොට්ටුවේ විශාල පිපිරිල්ලක්! රනිල්ට අපේක්ෂකත්වය නොදුන්නොත් ප්‍රසන්න පොහොට්ටුවෙන් අයින් වෙන්න තීන්දු කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News
Exclusive

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේට සතියක් හිරේ ඉන්නකොට කෙඳිරි ගෑවෙන්න පටන් අරන්... සැලසුම හෙළිවෙනකොට සලේ කියනවා රාබුත් එක්ක බත් දෙන්නේ කියලා...- වසන්ත මුදලිගේ...

Read more
ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.