ලබන අප්‍රේල් මැද භාගයෙන් පසුව වැඩි වර්ෂාපතනයක් ලැබෙන කාලගුණික තත්ත්වයක් ඇතිවන තෙක් දැඩි උණුසුම් සහ වියළි කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
වියළි කාලගුණය පවතින කාලය අතරතුර බස්නාහිර, සබරගමුව යන පළාත්වලත්, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට සුළු වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි වුවත්, එය දැනට පවතින වියළි කාලගුණය පහව යෑමට තරම් ප්‍රමාණවත් නොවන බවයි ඔහු සඳහන් කළේ.
මේ අතර, මේ දිනවල දහඩිය වැඩිපුර පිටවීමෙන් සිරුරේ කැසීම් ඇතිවන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘මව්රට’ට පැවැසීය.
මේ දිනවල දිනෙකට කිහිප වරක් දිය නෑම හෝ සිරුර සේදීම අහිතකර නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
විජලනය, නිදිමත ගතිය, සිරුර කැසීම, බිබිලි දැමීම වැනි රෝග ලක්ෂණ ඇති පාසල් දරුවන් මේ දිනවල වැඩි වශයෙන් වෛද්‍යවරුන් වෙත පැමිණෙන බවයි ඔහු සඳහන් කළේ.
ප්‍රේමලාල් විජේරත්න









