නව පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.Sri Lanka Latest News
මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතා මෙලෙස ජනාධිපතිවරයා හමු විය.
නව පොලිස්පතිවරයා වෙත සිය සුබපැතුම් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහු සමඟ සුහද කථා බහකට ද එක්විය.
නව පොලිස්පතිවරයා විසින් සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද සිදු කෙරිණි.












