• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස්පතිවරයාගේ නම යෝජනා කිරීම එදා න්‍යාය පත්‍රයේවත් තිබුණේ නෑ! ව්‍යවස්ථාදායක සභාව රැස්වෙන්න තිබ්බේ උදේ 11.30ට! පොලිස්පතිගේ යෝජනාව ආවේ උදේ 9.50ට! අගමැති-නිමල් සිරිපාල-සාගර-සිවිල් සාමාජික අනුලා පක්ෂව ඡන්දය දුන්නා! මමයි කබීරුයි විරුද්ධ වුණා! තවත් සිවිල් සාමාජිකයන් දෙදෙනෙක් ඡන්දය දුන්නේ නෑ! කතානායකට ඡන්දය දෙන්න පුළුවන් ඡන්ද සම වුණොත් විතරයි! කතානායකවරයා ව්‍යවස්ථාවත් කඩලා සම්ප්‍රදායත් කඩලා ඡන්දය දීලා රටටම විහිලුවක් වෙලා! ව්‍යවස්ථාදායක සභාවේ වෙච්ච දේ සජිත් පළමු වරට වෙලාවත් එක්කම රටට හෙළිකරයි! VIDEO & PHOTO I Sri Lanka Latest News

February 29, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පොලිස්පති පත් කිරිම අනුමත කළේද නැද්ද යනුවෙන් මාධ්‍ය හා සමාජය තුළ කතාවට ලක් වෙන බවත් කතානායකවරයා විසින් මාධ්‍යයට එය අනුමත වූවා යැයි පැවසුවත් වත්මන් කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර නීතිය කඩකර රටට බොරු සපයා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

පොලිස්පතිවරයාගේ නම යෝජනා කිරීම එදා දවසේ න්‍යායපත්‍රයේවත් නොතිබූ බවත් එදින උදේ 11.30ට ව්‍යවස්ථාදායක සභාව තිබිය යුතු අතර 9.50ට පොලිස්පති පත් කිරීමේ එම යෝජනාව පැමිණි බවත් එහි දී ඡන්දයක් ක්‍රියාත්මක වූ අවස්ථාවේ අගමැති, නිමල් සිරිපාල, සාගර කාරියවසම් සහ සිවිල් සාමාජික අනුලා මහත්මිය පක්ෂය ඡන්දය ලබා දුන් බවත් තමා සහ විදේශ ගතව සිටි කබීර් හෂීම් මහතා සූම් තාක්ෂණයෙන් සහභාගී වී විරුද්ධ වූ බවත් තවත් සිවිල් සාමාජිකයන් 2 ඡන්දය නොදුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කතානායකවරයාට ඡන්දය දිය හැක්කේ තීරක ඡන්දයක් බවත් එය පක්ෂව හා විපක්ෂව ඡන්ද 4, 4 තිබුණහොත් පමණක් වුවත් කතානායකවරයා ඡන්දය නොදී වැළකී සිටි දෙදෙනාද ගණන් ගෙන තීරක ඡන්දය භාවිත කර ඇති බවත් එය වැරදි බවත් ඔහු අමු අමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ උත්තරීතර නීතිය ක්‍රියාත්මක නොවේ නම් ප්‍රජාතන්ත්‍රවාදය නැතිවී ඒකාධිපතීත්වයක් ආඥාදායකත්වයක් ඇතිවිය හැකි බවත් මෙය භයංකාර තත්ත්වයක් බවත් ව්‍යවස්ථාදායක සභාවත් නීති උල්ලංඝනය කරනවා නම් රටේ ජනතාවත් නීති උල්ලංඝනය කිරීමට පෙළඹිය හැකි බවත් කතානායකවරයා රටටම විහිලු සපයමින් ජනතාව නොමග යවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කැකිරිව විද්‍යාර්ථ ජාතික පාසලට සක්වල බස් රථ ලබා දීමේ වැඩසටහනේ 82 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා පාසැල් බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මට සජිත් කියනවාට වඩා බස් මෑන් කියනවාට මම කැමතියි

සමගි ජන බලවේගය ක්‍රමයේ වෙනසක් සිදු කරමින් සක්වල හා හුස්ම වැඩසටහන් ක්‍රියාත්මක කරන විට ජාති ආගම් කුල මල පන්ති පක්ෂ භේදයකින් තොරව මෙම වැඩසටහන අගය කළත් බොහෝම සුලු කොටසක් මේ වැඩසටහන්වලට අපහාස කරන බවත් බස් බෙදන නිසා බස් මෑන් යැයි පවසන බවත් තමාට සජිත් යැයි ආමන්ත්‍රණය කරනවාට වඩා බස් මෑන් කියන එකට තමා කැමති බවත් ඔවුන් තමාට අපහාස කරමින් රටේ ජනතාවට කිසිදු පහසුකමක් සලසන්නේ නැතිව තමන්ට ඇති මුදල්වලින් රැස්විම් පවත්වා අපහාස සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විප්ලවවාදීන් ඇති හැකි නැති බැරි පරතරය අඩු වෙනවට කැමති නැහැ

තමාට අපහාස කරනවා වගේම ඔවුන් ව්‍යාජ ප්‍රවෘත්ති මවමින් මෙම වැඩසටහන අසාර්ථක බවට ප්‍රාචාරය කරමින් සිටින බවත් මෙයට හේතු වී ඇත්තේ ඔවුන්ගේ කුහකකම බවත් ඔවුන් ඇතිහැකි නැතිබැරි පරතරය අඩු වීමට අකැමැති බවත් මෙවැනි කුහක පහත් අදහස් බංකොලොත් රටෙන් ඉවත් කළ යුතු බවත් ඒ තුළින් රටට කිසිදු අනාගතයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාලකයන්ගේ දරුවන්ට නව තාකෂණය නව දැනුම ලැබෙන්නේ ඔවුන්ගේ දරුවන් පෞද්ගලික අධ්‍යාපනය ලබන නිසා බවත් එහෙත් රජයේ පාසල්වල දරුවන්ට එවැනි දේවල් නොලැබෙන නිසා අධ්‍යාපනයේ සාධනීය වෙනසක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දේශපාලන නාට්‍යවලට නම් ආයෙ අහුවෙන්න එපා

මේ වන විට රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ කර්මාන්තශාලා වැසී යන තත්ත්වයක් උදා වී ඇති බැවින් නැවත වරක් විවිධ දේශපාලන නාට්‍යවලට අහු නොවෙන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

අපි ගොවියාත් සුහුරු කරනවා

පාසල් පද්ධතිය සුහුරු කරනවා සේම ගොවියාද සුහුරු කිරීමට අපේක්ෂා කරන බවත් ගුණාත්මකභාවයෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට නව තාක්ෂණික උපකරණ ලබා දී කෘෂිකාර්මික නවෝදයක් ඇති කරන බවත් එක තැන පල් නොවී පසු අස්වනු තාක්ෂණය ගබඩා කිරිම් වැනි වැඩපිළිවෙළට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 82ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3992ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 111ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1105ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

ලංකාවේ පන්ති කාමර ලක්ෂයක් තියෙද්දී පන්ති කාමර 4කට විතරක් ස්මාර්ට් පන්ති කාමර දීලා මේ ප්‍රශ්නෙ විසඳන්න පුළුවන්ද? ඉස්කෝලවලට බස් දීලා හරියනවද? මොන ඉස්කෝලෙද හැමදාම ට්‍රිප් යන්නේ? ඩීසල්වලට ඩ්‍රයිවර්ලට පඩි දෙන්නේ කව්ද? මම කියන්නේ මේ බස් එක ළඟම තියෙන ඩිපෝවට බාර දුන්නා නම් හරි! බස් එක ඕන පාසලට ඩිපෝවට ගාණක් ගෙවලා බස් එක අරන් යන්න පුළුවන්! සජිත් පාසල් දරුවන්ට බස්-ස්මාර්ට් පන්ති කාමර දෙන එකට පොහොට්ටුවේ මහාචාර්ය රංජිත් බණ්ඩාර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි! සජිත්ට කට වහගන්නත් කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අලුත් පොලිස්පති ජනාධිපති හමුවෙයි! ජනපති සුබපැතුම් එක්කරයි! සමරු තිළිණයකුත් පිළිගන්වයි!  PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

Load More
Uncategorized

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

අද සවස 4.30ට විපක්ෂනායක කාර්යාලයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම සම්බන්ධයෙන් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි...

Read more
ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.