• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා අස්සේ විජේවීරගේ සහෝදරයා මතුවෙයි

April 14, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
කොරෝනා අස්සේ විජේවීරගේ සහෝදරයා මතුවෙයි
Share on WhatsAppShare on Facebook

යම් පුද්ගලයකු මිය ගොස් වසර තිහකටත් පසුවත් ඔහු පිළිබඳ කතා කිරීමට සමාජය උනන්දු වන්නේ නම් ඒ පුද්ගලයා සතුව බොහෝ විශේෂතා තිබිය යුතුය. ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතාද එවැන්නෙකි. අත්අඩංගුවේ සිටියදී රෝහණ විජේවීර මියගිය බව රජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ 1989 වසරේ නොවැම්බර් 13 වැනිදාය. එදා සිට මේ දක්වා ගත වූ තිස්වසරකට වැඩි කාලය පුරාම විජේවීර පිළිබඳ මතකයන්ගෙන් අපේ සමාජය දිනෙන් දින අලුත් විය. රෝහණ විජේවීරගේ දේශපාලන ප්‍රතිපත්තිය අගය කරන්නන් මෙන්ම විවේචනය කරන්නන්ද බොහෝය. පුද්ගලිකව ඔහුගේ චරිතය අගය කරන්නන් මෙන්ම විවේචනය කරන්නන්ද බොහෝය. එහෙත් ඒ සියලු දෙනා අතර අදටත් ඔහු එකසේ ජනප්‍රියය. ඔහු පිළිබඳ කරුණු කාරණා එතරම් නොදත් තරුණ පරපුර තුළ පවා ඔහු කළ කී දේ සොයා බැලීමට ඇත්තේ දැඩි උනන්දුවකි. විජේවීර චරිතය අළලා නිර්මාණය කළ පසුගිය වසරේ තිරගත වූ “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටයට අසීමාන්තික ජනප්‍රියත්වයක් හිමි වූයේද ඒ නිසාමය.
තවමත් විජේවීර පිළිබඳ අප නොදත් දේ බොහෝය. ඔහු පිළිබඳ නියම තොරතුරු දන්නා බොහෝ දෙනකුද දැන් ජීවතුන් අතර නැති නමුත් විජේවීර පිළිබඳව රහස් තොරතුරු දන්නා ඔහුගේ කිට්ටුම ඥාතීන් කිහිප දෙනකුම තවමත් ජීවතුන් අතර ඇත. ඒ අතරින් එක් අයෙකු සමඟ කළ සාකච්ඡාවක් පසුගිය දිනෙක “ිසබය් ඔඩ” ෆේස්බුක් පිටුවේ පළ වී තිබුණි. ඒ සාකච්ඡාව පවත්වා තිබුණේ රෝහණ විජේවීර මහතාගේ පියාගේ වැඩිමල් සහෝදරයාගේ පුත්‍රයා සමඟිනි. ඒ සාකච්ඡාවේදී හෙළිදරව් වූ වැදගත් මෙන්ම රසවත් කරුණු කාරණා කිහිපයක් ඔබ වෙත ගෙන ඒමට අප අදහස් කළේ විජේවීර පිළිබඳ තවත් දේ දැන ගැනීමට ඔබත් ඉතාම කැමැති බව හොඳින්ම දන්නා නිසාවෙනි.
දොන් විජේවීර පටබැඳිගේ නන්දසිරි හෙවත් රෝහණ විජේවීර දකුණු පළාතේ කෝට්ටේගොඩ ග්‍රාමයේදී උපත ලබා ඇත්තේ 1942 වසරේදීය. ගොඩඋඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ ගොඩඋඩ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යපනය ලැබූ විජේවීර උසස් අධ්‍යාපනය හදාරා ඇත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයයෙනි. අනතුරුව රුසියාවේ ලුමුම්බා සරසවියේ ශිෂ්‍යත්වයක් ලැබීම හේතුවෙන් වෛද්‍ය විද්‍යාව හැදැරීම සඳහා ඔහු ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇත්තේ 1960 වසරේදීය. විජේවීරගේ ඥාති සොහොයුරා විජේවීර පිළිබඳ තම මතකය අවදි කරන්නේ විජේවීරගේ පියාණන්ගේ අවමංගල්‍ය සිදු කළ ආකාරය සිහිපත් කරමිනි.
“අපේ මද්දුතාත්තාට (බාප්පා) අසනීපයි කියලා රෝහණ විජේවීරට දන්වලා යැව්වේ කේබල් පණිවිඩ හරහා. කොහොම හරි එයා ලංකාවට එද්දි බාප්පා නැති වෙලා. විජේවීර තාත්තගේ මරණයේ සැරසිලි කරන්න සුදු කොඩිවලට අමතරව රතු කොඩිත් භාවිතා කළා. මං හිතන්නේ ලංකාවේ පළමුවැනි සැරේට තමයි එහෙම දෙයක් කළේ.”
විජේවීර රුසියාවේ අධ්‍යාපනය ලැබුවද ඔහු කටයුතු කළේ රුසියාවේ ප්‍රතිපත්තීන්ට විරුද්ධ ආකාරයෙනි. සෝවියට් රුසියාව කැඩී යාමට විරුද්ධ වූ ඔහු අගය කළේ චීනයේ ප්‍රතිපත්තියය. ශ්‍රී ලංකාවේදී මේ මතය දැඩිව ගෙන යාමට කටයුතු කිරීම හේතුවෙන් නිවාඩුවක් සඳහා පැමිණි අවස්ථාවක නැවත රුසියාවට ඇතුළු විය නොහැකි ආකාරයෙන් ඔහුගේ වීසා බලපත්‍රය තහනම් කිරීමට මෙරට සෝවියට් රුසියානු තානාපති කාර්යාලය කටයුතු කර ඇත. අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කරමින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන විජේවීර 1971 කැරැල්ල සිදු වන විට සිටින්නේ රජයේ අත්අඩංගුවට පත්ව යාපනය බන්ධනාගාරයේය. කෙසේ නමුත් 1971 අසාර්ථක කැරැල්ලේ එක් චූදිතයකු ලෙස විජේවීරගේ නමද සටහන්ව තිබුණි. ඒ සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයට විජේවීර නීතිඥයකුගේ සහාය නොමැතිව ඉදිරිපත් වූ බවද, ප්‍රසිද්ධ කතාවකි. එම නඩු විභාගය අතරතුර සිදුවූ විශේෂ සිදුවීමක් පිළිබඳව විජේවීරගේ සොහොයුරා මතකය අවදි කරන්නේ මෙලෙසිනි.
“ඒ නඩු විභාගයේදී අධිකරණය විජේවීරගෙන් අහනවා එංගලන්ත මහ රැජිනගේ ආණ්ඩුවට එරෙහිව කුමණ්ත්‍රණය කිරීමට වැරැදිකරුද නිවැරැදිකරුද කියලා. මෙයා කෙටි පිළිතුරක් දෙනවා නිවැරැදිකරු කියලා. අධිකරණයෙන් අහනවා කොහොමද නිවැරැදිකරු වෙන්නේ කියලා. මෙයා අධිකරණයෙන් අහනවා 1948 පෙබරවාරි 04 වැනිදා නිදහස ලැබුණ නම් කොහොමද එංගලන්ත මහ රැජිනගේ ආණ්ඩුවක් ලංකාවේ තියෙන්නේ කියලා. හරිනම් ඉතිං ඒකෙන් නඩුව ඇත්තටම ඉවරයි. නමුත් රජයට ඕනෑ විදියට නඩු අහන හින්දා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරුවා. එතැනදි තව දෙයක් වුණා. මනෝමූලික නිගමනය කියන එකේ ඉංග්‍රීසි වචනය හොයා ගන්න බැරුව උසාවිය ලොකු අවුලක පැටළුණා. අන්තිමට රෝහණ විජේවීරම තමයි ඒ වචනය පරිවර්තනය කරලා දුන්නේ. නඩුව අවසානයේ විනිශ්චයකාරතුමා මෙන්න මෙහෙම දෙයක් කිව්වා. ඔබ රුසියාවේ ගිහින් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නේ නැතිව නීතිය ඉගෙන ගත්තා නම් ඔබ මුළු ලෝකයේම නීතියට අභියෝග කරනවා කියලා.”
1971 කැරැල්ලේ වැරැදිකරුවන් සෙවීම සඳහා සිරිමාවෝ බණ්ඩාරනායක රජය පත් කළ අපරාධ යුක්ති විනිශ්චය කොමිසම අහෝසි කිරීමට 1977 ජේ. ආර්. ජයවර්ධන නව රජය කටයුතු කිරීමත් සමඟ රෝහණ විජේවීර ඇතුළු සිරකරුවන්ටද නිදහස හිමි විය. අනතුරුව නැවතත් ක්‍රියාකාරී දේශපාලනය පිවිසි ජනතා විමුක්ති පෙරමුණ 1981 දිස්ත්‍රික් සභා ඡන්දය තරග කළ අතර නියෝජිතයන් කිහිප දෙනකු දිස්ත්‍රික් සභා සඳහා ඇතුළත් කර ගැනීමටද ඔවුනට හැකි විය. එම මැතිවරණය අතරතුර විජේවීර සිදු කළ කතාවක් ඥාති සොහොයුරාගේ මතකයේ රැඳී ඇත්තේ මෙලෙසිනි.
“එකක් මතකයි. එයා මාතර උයන්වත්ත පිට්ටනියේ කතාවක් කළා. විශාල සෙනඟක් හිටියා වරුසාව වුණත්. එයා මෙන්න මෙහෙම දෙයක් කිව්වා. රුසියාවේ බයිකල් විලේ යාළුවෝ තුන් දෙනෙක් බෝට්ටු සංචාරයක් කළා. මේ එක යාළුවෙක් ඇමරිකන්කාරයෙක්. එක්කෙනෙක් රුසියන් කෙනෙක්. අනෙක් කෙනා ශ්‍රී ලාංකිකයෙක්. මෙයා කියපු කතාව මම මේ කියන්නේ. බෝට්ටු සංචාරය අතරෙදි ඇමරිකන්කාරයා කිව්වලු අපේ රටෙන් ඇපලෝ කියලා රොකට් එකක් හඳට යැව්වා කියලා. එතකොට රුසියන්කාරයා කිව්වලු උඹල මිනිස්සු එක්කනේ හඳට යැව්වේ අපේ රටෙන් රොබෝ කෙනෙක් එක්ක රොකට් එකක් යැව්වා කියලා. යවලා හඳෙන් පස් ගෙනාවා කිව්වලු. ලාංකිකයට කියන්න දෙයක් නැතුව කිව්වලු මොළයක් නැති ගෑනියෙක් අවුරුදු ගානක් අපේ රටක් පාලනය කළා කියලා. ඔය තමයි රෝහණ විජේවීර කියපු කතාව.”
චතුර කථිකත්වය හරහා විජේවීර අත්කරගත් ජනප්‍රියත්වයට වැඩිම ජනතා වටිනාකමක් හිමිවූයේ ශ්‍රී ලංකාවේ පැවැති පළමු ජනාධිපතිවරණයෙදීය. 1982 වසරේ පැවැති ජනාධිපතිවරණය පිළිබඳ විජේවීර සොහොයුරාගේ මතකය මේ ආකාරය.
“1982 ජනාධිපතිවරණයට ප්‍රථම වතාවට ඉල්ලලා ලංකාවේ තුනට ආවා. කුමාර් පොන්නම්බලම්, වාසුදේව නානායක්කාර වගේ ප්‍රබලයෝ මෙයාට වැඩිය පස්සට ගියා. දෙලක්ෂ ගානක් ඡන්ද ගත්තා. ජේ. ආර්. ජයවර්ධන ඡන්දය දිනුවා. දෙවැනි තැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. තුන්වැනි තැන මෙයා. එතැනදි මෙයා ජනප්‍රිය වුණා. ඔන්න අපි තමයි දැන් තුන්වැනි බලවේගය කියලා මෙයා කිව්වා. ආණ්ඩුවටත් මෙයා ගැන බයක් ඇති වුණා.”
අනතුරුව නැවතත් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමට රජය කටයුතු කළේ 1983 කළු ජූලිය මුල් කර ගනිමිනි. එහෙත් විජේවීරගේ ඥාති සොහොයුරාගේ අදහස නම් එයට ජනතා විමුක්ති පෙරමුණ කිසි ලෙසකින්වත් සම්බන්ධ නැති බවය.
“1983 රටේ කලබල ඇති වුණා. කළු ජූලිය කියන්නේ ඒකට. ඒක දෙමළ ජනතාවත් එක්ක කුපිත වුණු සිංහල ජනතාව කරපු දෙයක්. එතැන දේශපාලනයක් තිබුණේ නැහැ. නමුත් ජේ. ආර්. ජයවර්ධන මහත්තයා ඒක ජනතා විමුක්ති පෙරමුණට පැටෙව්වා. ජේ.වී.පී. එක ඇතුළු පක්ෂ තුනකට ඒ වැරැද්ද පැටෙව්වා. ඒ අතරේ එකක් තමයි වාසුදේව නානායක්කාර මහත්තයාගේ පක්ෂය. ඒ පක්ෂ තුනම තහනම් කළා. තහනම් කරලා දුටු තැන අල්ලන්න නියෝග කෙරුවා. විජේවීර හැංගුණා. වාසුදේවත් හැංගුණා. ඊට පස්සේ ජේ. වී. පී සාමාජිකයන්ට ගහනවා, අත්අඩංගුවට ගන්නවා. ඔහොම තමයි තිබුණේ. ජේ. වී. පී. එකෙනුත් මිනිස්සු මැරුවා.”
1983 වසරේදී තහනම් දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වුණද, ජනතා විමුක්ති පෙරමුණ නිල වශයෙන් සන්නද්ධ අරගලය ආරම්භ කළේ 1987 වසරේදීය. ඒ ඉන්දු ලංකා ගිවිසුමට විරෝධය දක්වමිනි.
“1987 ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයයි, විජය විමලරත්න මහත්මයයි එල්. ටී. ටී. ඊ. සංවිධානයට එරෙහිව වඩමාරච්චි සටන කෙරුවා. අවසාන මොහොතේ ඉන්දියාව අත දැම්මා. අහසෙන් පරිප්පු දැම්මා. යුද්දෙ නැවැත්තුවා. ඊට පස්සේ ඉන්දු ලංකා ගිවිසුම ගැන කතාව ආවා. ඒකට විරුද්ධව තමයි ජේ. වී. පී. එක රට පුරා කලබල ඇති කළේ.”
එතැන් පටන් වසර කිහිපයක් ගත වන තුරුම රට පුරාම පැවතුණේ අඳුරු යුගයකි. ඒ යුගයේ අඳුරු මතක විජේවීරගේ ඥාති සොහොයුරා ආවර්ජනය කරන්නේ මෙලෙසිනි.
“ජේ. වී. පී. කරපු අයව හොය හොය මැරුවා. ජේ. වී. පී. නොකරත් මිනිස්සු මැරුවා. ජේ. වී. පී. නොකරත් තරුණ තරුණියෝ මැරුවා. රටේම එහෙමයි. මේ කෝට්ටෙගොඩම කී දෙනෙක් මැරුවද. මේක මම නෙවෙයි හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල් මහත්තයා කියපු කතාවක්. ජේ. වී. පී. එකට සම්බන්ධ සාන්ත කියලා පුද්ගලයෙක් හොයලා තියෙනවා. ඒ සාන්තව හොයන්න සාන්ත නම තියෙන 13 දෙනෙක් මරලා තියෙනවා. එහෙම බැලුවම අවශ්‍ය සාන්ත නැතිව වෙනත් 12ක් නිකම් මරලා තියෙනවා. ඔය පාතගම බස් හෝල්ට් එක උඩ එක දවසේ ඔළු පහක් තිබුණා. මගේ ගෙදර මිදුලේ අඹ ගහක් තිබුණා. ඒ අඹ ගහ ගාවට එක ඔළුවක් බල්ලෙක් අරගෙන ඇවිත් තිබුණා. මං ඔළු පහක් දැකලා තියෙනවා එක දවසේ ඔළු තුනත් දැකලා තියෙනවා.”
වසර දෙකක් පුරා ඇදී ගිය සන්නද්ධ අරගලය නිමාවට පත් වූයේ උලපනේ වතු බංගලාවක අන්වර්ථ නාමයක් භාවිතා කරමින් සැඟව සිටි රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමට රජයේ ආරක්ෂක අංශ සමත් වීමත් සමඟිනි. ඒ අවස්ථාවේ සිදුවූ සිදුවීමක් ඥාති සොහොයුරාගේ මතකයේ රුඳී ඇත්තේ මෙලෙසිනි.
“උලපනේ බංගලාවෙදිනේ අත්අඩංගුවට ගත්තේ. එයා ඒ වෙලාවේ කියලා තියෙනවා නෝනා සහ ළමයි කිසි සම්බන්ධයක් නැහැ. ඒ අයට මොකුත් කරන්න එපා කියලා. ඊට පස්සේ ඒ ගොල්ලන්ව හමුදා භාරයට අරගෙන රජයට බාර දුන්නා. ඒ ගොල්ලෝ මේ මෑතක් වෙනකම්ම හිටියේ නාවුක හමුදාව බාරයේ.”
එම අවස්ථාවේදී ආරක්ෂක අංශ භාරයට පත් වූ විජේවීරගේ බිරිඳ සහ දරුවන් ඊට පසු එක් අවස්ථාවක කෝට්ටේගොඩට පැමිණි බවද සොහොයුරා පවසයි. ඒ විජේවීරගේ මරණයයෙන් කලකට පසුවය.
“රෝහණ විජේවීරගේ අම්මගේ මරණයට විජේවීරගේ බිරිඳයි, දරුවොයි කෝට්ටේගොඩට ආවා. නේවි එකේ ගාර්ඞ් එක පිට ආවේ. ඒත් ළඟම ඥාතීන්ට විතරයි ළඟට ගිහින් කතා කරන්න දුන්නේ. අපිත් කතා කළා. මරණේ බලල ගියා එච්චරයි.”
රෝහණ විජේවීර මරණයට පත්වූ ආකාරය පිළිබඳව ඥාති සොහොයුරා දැන ගෙන ඇත්තේද මාධ්‍ය මඟින් සහ කටකතා ආශ්‍රයෙනි.
“අත්අඩංගුවට අරගෙන බොරැල්ලේ කනත්තට ගිහින් වෙඩි තියලා මරලා පිච්චුවැයි කියලා තමයි කතාව තියෙන්නේ. මළ කඳ තියා අළු ටිකක්වත් අපට හම්බ වුණේ නැහැ.” ඔහු ඒ පිළිබඳව පවසන්නේ එලෙසිනි. කෙසේ නමුත් විජේවීරගේ ඥාතියකු වීම මත ආරක්ෂක අංශවල ප්‍රශ්න කිරීම්වලට ලක් වීමට අපගේ මේ කතා බහට සම්බන්ධ ඥාති සොහොයුරාටද සිදු වී ඇත. ඒ පිළිබඳව සහ විජේවීරගේ පවුලේ උදවිය පිළිබඳව ඔහු පවසන අදහස මෙබඳුය.
“මහ රෑ අපේ ගෙදරට ඇවිත් බෙල් කෙරුවා. මගේ නමත් කිව්වා. යමු කිව්වා කට උත්තරයක් ගන්න. දවස් දෙක තුනක් තියාගෙන ගහලා නිකම්ම නිදහස් කළා. ගත්ත කට උත්තරයකුත් නැහැ. දාපු අධිකරණයකුත් නැහැ. ඒ වෙද්දී විජේවීරගේ අම්ම හිටියා, නංගි හිටියා. මල්ලි හිටියා නන්දසේන. හැබැයි එයා නම් අදටත් අතුරුදන්.”
රෝහණ විජේවීර ගෙන ගිය අරගලය සාර්ථක වූවා නම් ශ්‍රී ලංකාව වර්තමානයට වඩා බොහෝ සෙයින් වෙනස් රටක් වන්නට තිබූ බව බොහෝ දෙනාගේ අදහසය. ඒ පිළිබඳව විජේවීරගේ ඥාති සොහොයුරා දරන්නේද සුබවාදී ආකල්පයකි.
“ඇත්තටම වෙනස් වෙයි. මම කියන්නේ මෙහෙමයි. වැරැදි කරා නම් ඒවට අධිකරණයෙන් දඬුවම් දෙන්න ඕනෑ. හැබැයි ඒ මොළවලින් වැඩ ගන්න ඕනෑ. ප්‍රභාකරන් වුණත් එක දවසකින් මෙච්චර දේවල් කළේ එයාගේ මොළෙන්නේ. ඒ මොළ හොඳ පැත්තට ගත්තොත් කොහොමද? පුරුත්ථාපනය හරි මනෝ චිකිත්සක උපදෙස් දීල හරි හොඳ පැත්තට ගත්ත නම් කොහොමද. ඒක රටට හොඳ නැද්ද. මම කියන්නේ ඒකයි. පාලකයෝ රට පාලනය කරන විදිය වැරැදි නම්, ඒකට ජනතාව කැමැති නැතිනම් පාලකයට එරෙහිව ජනතාව නැගිටිනවා. ඒක මේ රටේ නෙවෙයි කොයි රටෙත් එකයි. දරිද්‍රතාවයෙන් පෙළෙන්න පෙළෙන්න මිනිස්සු නැගිටිනවා. එහෙම වෙන්න වෙන්න පාලකයෝ ගහනවා. ඒක ලංකාවට විතරක් නෙවෙයි ලෝකෙටම අදාළයි.”
රෝහණ විජේවීර අත්අඩංගුවට පත් වූයේ ඔහුගේ හිතවතුන් ලබා දුන් ඔත්තු මත බවද ජනප්‍රිය කතාවකි. මෙම සාකච්ඡාව අවසන් කරමින් ඇසූ ඒ පැනයට විජේවීරගේ ඥාති සොහොයුරා පිළිතුරු දෙන්නේ මෙලෙසිනි. “ඔව්. සමහරවිට වෙන්න පුළුවන්. මේ කාලේ නෙවෙයි. රජ කාලෙත් එහෙමයි. රජ කාලෙත් රජාගේ හමුදාවේ රජුට විරුද්ධව ඔත්තු දෙන අය ඉඳලා තියෙනවා. මුදලට, බලයට එහෙම කරනවා. ඒ හින්දා ඒ කතාව ඇත්ත වෙන්න පුළුවන්.”

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ස්පාඤ්ඤ උණෙන්-‌ලෝක යුද්ධයෙන්-‌කොරෝනාවෙන් තුන් පාරක් මැරිලා ඉපදුණු අවුරුදු 101ක ඉතාලි සීයා

Next Post

බලය තියෙන්න‌ේ ජනාධිපතිටද-පාර්ලිමේන්තුවටද-‌කොමිසමටද? ජනාධිපති නීතීඥ උපුල්ගේ නීතිමය විග්‍රහය ‌මෙන්න

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.