• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පහුගිය කාලෙම කෑවා කෑවා කෑවා… ඔන්න දැන්නම් අපේ එවුන් ක්‍රිකට් ගහනවා… ඉස්සරහ දිහා බලාගෙන ඉමු I Sri Lanka Latest News

February 29, 2024
in Exclusive, News, Sports
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඉවරෙටම ඉවරයි කියලා හිතපු ක්‍රිකට් ආයෙත් පණ ගහලා ඇවිල්ලා වගේ ගතියක් දකිනකොට පුදුම සතුටක් දැනෙන්නේ.(Sri Lanka Latest News) ඉස්සර අපි රේඩියෝ එකෙන් ක්‍රිකට් අහන කාලේ අර්ජුනලා, අරවින්දලා, සනත්ලා කළුවිතාරණලා, මාවන්ලා ඊට පස්සේ වාස්ලා, මුරලිලා ඒ පරම්පරාවෙන් පස්සේ සංගක්කාරලා, මහේලලා දිල්ෂාන්ලා හැඩ කරපු ක්‍රිකට් ක්‍රීඩාව අපෙන් ඈතට ඉගළිලා ගියා. ක්‍රිකට් කියලා එකක් අපිට නෑ කියලා හිතෙන්න පටන් ගත්තා. ක්‍රිකට් ගැන කලකිරීමක් ඇතිවුණා.

ඒත් පස්සෙ ආයෙත් ක්‍රිකට් පණගහලා ආවා. යන්තම් දසුන් ශානකගේ නායකත්වයෙන් යුක්තව ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අලුත් යුගයක් උදාවුණා. ඒ යුගය නිමාකරමින් දසුන්ට බකට් ඇදෙන්න ගත්තා. නැත්නම් දසුන්ට බකට් අදින්න ගත්තා. හැබැයි ඒ බකට්වලට 100%ක්ම දසුන් සාධාරණයි කියලා කියන්න බෑ. මොකද ඒකට හේතුව දසුන් ලකුණු අතර නැතිවෙලා ගියා. දසුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව අපි හිතපු තරම් වර්ණවත් වුණේ නෑ. ඒත් එක්කම ක්‍රිකට් ඉවරයි කියලා හිතලා හුඟ දෙනෙක් හිත හදාගත්තා. පිට්ටනිවලට මැච් බලන්න මිනිස්සු නොගිහින් හිටියා. මේ ලිපිය ලියන මමම අපේ ක්‍රිකට් විනාශ කළා කියලා ලිපියක් ලිව්වා.

ඒත් දැන් එහෙම නෑ. නරඹන්නන් පිට්ටනියට එනවා. පාළු වෙලා තිබ්බ කොළඹ පිට්ටනි දැන් පිරිලා. දඹුල්ලට ක්‍රිකට් වසන්තය ඇවිල්ලා. පිට්ටනිවල ක්‍රීඩා ලෝලීන් පොරකනවා. ඔල්වරසන් හඬ ඇහෙනවා. ක්‍රිකට් බලන්න දකින්න මිනිස්සු ආසයි. තරගයක් අන්තිම බෝලෙ දක්වා අරගෙන යන තැනට ඇවිල්ලා.

හැම ක්‍රීඩකයෙක්ම ගේමෙ ඉන්නෙ. ටීම් එකේ තවම නම් මොකක්ද මන්දා සමගියක් පේනවා. ක්‍රීඩක විනය පැත්තෙන් ලොකු අවුලක් පෙනුණත් දසුන්, ලින්ඩන් හැනිබල්ගෙන් ගේමක් ඉල්ලනවා. සාමාන්‍යයෙන් ක්‍රීඩකයො එහෙම කරන්නෙ නෑ. ඒ නොකරන්නෙ විනය ගැනම හිතන නිසාම නෙමෙයි. ඒ ක්‍රීඩකයන්ගෙ අනාගතය ගැන හිතන නිසා. ලෙඩක් වැටුණොත් ඉවර නිසා. ඒත් මෙයාලා ලෙඩ ගැන හිතන්නෙ නෑ. මිනිස්සු කිව්වෙ හරියට අර්ජුන වගේ කියලා.

ටීම් එකේ මොකක්ද මන්දා සමබරකමක් දැනෙනවා. අත්දැකීම් තියෙන ඇනජලෝත් ඉන්නවා. ටීම් එක ගොඩ දාන්න අවදානමක් ගත්ත එකා දස්සත් ඉන්නවා. අලුතෙන්ම ආපු එකාගෙ හිඳලා හැම ක්‍රීඩකයෙක්ම එක ගේමක එකම වෙලාවක ඉන්නෙ.

ගැහුවෙ ඇෆ්ගනිස්තානයට වෙන්න පුළුවන්. ඒත් ඇෆ්ගනිස්තානය කියන්නෙ ලෝකෙ හැම තැනම ක්‍රිකට් ගහන එවුන් ඉන්න රටක්. අපේ අයටත් වඩා සුපර්ස්ටාර්ලා ඇෆ්ගනිස්තානයේ ඉන්නවා. ඒ නිසා ගැහුවෙ ඇෆ්ගනිස්තානයට වුණාට කමක් නෑ. ඒක ක්‍රිකට් වසන්තය.

අලුතෙන් ආපු බෝඩ් එක ගැන කාගෙ කාගෙ වුණත් හැමෝම ඒ ගැන සතුටෙන් කතාකරන තැනකට ඇවිල්ලා. උපුල් තරංග ප්‍රධාන ක්‍රිකට් බෝඩ් එක හැම වෙලාවකම හොඳ තීරණ ගන්න බවක් පේන්නෙ. ඒක ඉස්සරහට වෙනස් වෙයිද දන්නෙ නෑ. සමහර විට ආසන්නම කාලයක ක්‍රිකට් ගහපු අය අද බෝඩ් එකට ආවම ක්‍රිකට් ගැන එයාලට තියෙන විශ්වාසය නිසා මේක මෙහෙම වෙන්න හේතුවක් වෙන්න ඇති.

ඒ වගේම අනවශ්‍ය ඇඟිලි ගැහිලි නැත්නම් ලංකාවෙ ක්‍රිකට්වලට නරක දෙයක් වෙලා නෑ කියන එක හොඳටම පැහැදිලියි. ඒ නිසා දැන් අපිට ක්‍රිකට් තියෙනවා. අපි හිතුවෙ අපිට ඕකත් නැති කරලා දායි කියලා.

අපි ක්‍රීඩකයන්ගෙන් ඉල්ලන්නේ පිස්සු නටන්නෙ නැතිව එක එකාගෙ ලණු කාලා බෙදෙන්නෙ නැතිව ඉන්න කියලයි. බොරුවට ප්‍රශ්න හදාගන්න එපා. එක එක ටීම්වලට බෙදිලා ඇතුළෙ ගහගන්නත් එපා. ජ්‍යෙෂ්ඨ අයට විශාල වගකීමක් තියෙනවා. අපිට අපේ ක්‍රිකට් පරිස්සම් කරලා දෙන්න. දැන් තියෙන ගානටවත් අපේ ක්‍රිකට් ඉතිරි කරන්න. අපිට ක්‍රිකට් ඇර වෙන කිසිම දෙයක් නෑ. ඒ නිසයි අපි ක්‍රිකට්වලට ආදරේ.

වනිඳුට ක්‍රිකට් පුරාවෘත්තයක් වෙන්න පුළුවන්. ලංකාවෙ ක්‍රිකට් හදපු අය අතරට එක්වෙන්න පුළුවන්. ළඟදීම එන ලෝක කුසලානය අපේ රටට ගේන්න පුළුවන්. මේ හැමදේම කරලා නොබෙදී ඉඳලා මුළු ලෝකෙම ආදරය කරන මිනිස්සු වෙන්න ඔයාලට පුළුවන්. ක්‍රිකට්වලින් සමුගෙන ගියපු දවසකත් ‘ක්‍රිකට් කෑවා’ කියලා කුණු කතා අහගන්නෙ නැතිව ඉන්න පුළුවන් නම් උඹලත් දිනුම්, අපිත් දිනුම් ක්‍රිකටුත් දිනුම්, රටත් දිනුම්.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

තලතාට-රෝහිණීට සජබ මාධ්‍ය සාකච්ඡා තහනම්ද? සමාජ මාධ්‍යයේ යන කතා ඇත්තද? I Sri Lanka Latest News

Next Post

කඳු උඩ පන්සල් හැදීමෙන් බුද්ධාගම වර්ධනය වෙනවාද? පුරාවිද්‍යා ස්ථාන විනාශ වෙනවාද? I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.