• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාතාලයේ කංජිපානි ඉම්රාන්-හීනටියන මහේෂ් එළිපිට තර්ජනය කරයි! බිරිඳ සහ සත් හැවිරිදි දියණිය සඟවා පොලිසියේ IP දුමින්ද ජයතිලක රටින් පනී! I Sri Lanka Latest News

February 28, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් තමාට සහ සිය පවුලට එල්ල වූ මරණ තර්ජන හමුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා විදෙස්ගතව තිබේ.Sri Lanka Latest News

ඔහුට මරණ තර්ජන එල්ල කළ පිරිස අතර කංජිපානි ඉම්රාන්ද සිටින බව සඳහන් ය.

පසුගිය 14 වනදා පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා විදෙස්ගතවී තිබුණි.

පෞද්ගලික ආරක්ෂයන්ද සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඔහු ප්‍රංශය බලා පිටක්ව ගොස් ඇත්තේ පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් ඔහුට සහ පවුලේ අයට එල්ලවන බව කියන  මරණ තර්ජන හමුවේ බව වාර්තා වෙයි.

කප්පම් ගැනීමේ සිද්ධියක සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හීනටියන මහේෂ් නැමැති පාතාල කල්ලි සාමාජිකයා බව පවසමින් ඔහුට දුරකථන ඇමතුමක් දී තිබුණි.

පසුගියදා අදුරුප්පුවීදිය පොලීසිය තුළදී සැකකරුවන් දෙදෙනකුට වස ලබාදීමේ සිද්ධියේ විමර්ශන සිදුකළේද පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමකි.

විමර්ශනවලදී  සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්වීමත් සමග නැවත  පොලිස් පරීක්ෂකවරයාට මරණ තර්ජන එල්ලවී තිබුණි.

ඒ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන්ගෙන් බව පැවසෙයි.

මෙලෙස පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් එල්ලවන දැඩි තර්ජන හමුවේ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතාට සන්තකයේ තබාගැනීම සඳහා නිල ගිනි අවියක් ද නිකුත් කර තිබුණි.

කෙසේවෙතත් සිය ආරක්ෂාව තකා ඔහු ප්‍රංශය බලා පිටත්ව ගොස් තිබෙන්නේ සිය බිරිඳ සහ සත් හැවිරිදි දියණිය මෙරට ආරක්ෂිත ස්ථානයක සඟවමිනි.

ප්‍රංශයේ සිට අද දෙරණ ඇමතූ පොලිස් පරීක්ෂඛවරයා සඳහන් කළේ තම දියණියගේ පාසල් ගමන පවා සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි.

“මට පහුගිය කාලය තුළ කොළඹ සිද්ධවෙච්ච සියලුම මනුෂ්‍ය ඝාතනවලට අදාළ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. ඒ විමර්ශනය කරලා. නමුත් මේ විමර්ශන දිගින් දිගටම කරගෙන යනකොට පාතාල කල්ලි සියල්ල අල්ලගෙන යනකොට මගේ ජීවිතයට සහ මගේ බිරිඳගේත්, දියණියගේත් ජීවිතවලට තර්ජනයක් ආවා. මං ඒවා නොතකා දිගින් දිගටම රාජකාරි කළා. අන්තිමට මම ලංකාවෙන් ආවේ 14 වැනිදා. එදා එනකොටත් මම ආදුරුප්පුවීදිය පොලිසියේ සැකකරුවන්ට වසදීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් කරලා ආවේ ප්‍රංශයට. මේ දිගින් දිගටම තියෙන තර්ජන හේතුවෙන් තමයි මම රටින් ආවේ. දැන් මම ලංකාවෙන් ආවත් මගේ දියණිය බිරිඳ මගේ නිල නිවාසයෙන් එළියට ගෙනල්ලා හංගලා තියෙන්නේ. එයාලගේ ජීවිතවලට ලොකු ප්‍රශ්නයක් තියෙන හින්දා. මම ඉල්ලා හිටින්නේ ඒ කට්ටියගේ ජීවිතවලට තර්ජනයක් නොවෙන ආකාරයෙන් එයාලව ආරක්ෂා කරලා දෙන්න කියලා. රටේ, හරි ස්ථාවර තත්ත්වයකට ඇවිල්ලා නිවැරදි ගමන් මාර්ගයක් ඔස්සේ යනවනම් මට තව දශක දෙකකට වැඩි සේවා කාලයක් තියෙනවා. ඕනම වෙලාවක ලෑස්තියි ඇවිල්ලා රට වෙනුවෙන් වැඩකරන්න”.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා පසුගිය වසරේ වැඩිම මනුෂ්‍ය ඝාතන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් නිලධාරියා බව පොලිස් ආරංචිමාර්ග පැවසීය.

එමෙන්ම පසුගිය වසරේදී නීතිවිරෝධී ගිනි අවි හා අත්බෝම්බ වැඩිම ප්‍රමාණයක්  අත්අඩංගුවට ගෙන ඇත්තේද ඔහු බව සඳහන් ය.

හරක්කටා CIDයෙන් පලායෑමේ සිද්ධියේදී විමර්ශන සිදුකළ දුමින්ද ජයතිලක මහතා විසින් ඊට අදාළ සැකකරුවන් රැසක්ද අත්අඩංගුවට ගත් අතර ඔවුන් බහුතරයක් මේවන විටත් කොළඹ අපරාධ කොට්ඨාසයේ රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදුකෙරෙයි.

පාතාලයට එරෙහිව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්ට පාතාලයෙන් තර්ජන එල්ලවීම් මෙන්ම එවන් නිලධාරීන් ඝාතනයට ලක්වූ අවස්ථාද පසුගිය කාලයේ වාර්තා විය.

එවන් පසුබිමක මෙවන් නිලධාරීන් ආරක්ෂා කරගැනීම, පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම සිය ප්‍රමුඛ අරමුණ කරගත් අභිනව පොලිස්පතිවරයාගේ වගකීම වෙයි. -දෙරණ

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයෙන් පස්සේ කොරෝනාවලින් පස්සේ අපේ ව්‍යාපාර කඩන් වැටුණාම පරාටේ නීතිය යොදාගෙන අපේ ව්‍යාපාර අත්පත් කරගන්න බැංකු උත්සාහ කළා! ඒ වෙලාවේ අපේ පිහිටට ආවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මැතිතුමා! එතුමා නිතරම අපිව මුණගැහුණා! පරාටේ නීතියෙන් ව්‍යාපාරිකයන්ට සහනයක් දෙන්න කියලා පාර්ලිමේන්තුවේදී සටන් කළා! විදෙස් නියෝජිතයන් මුණගස්වා ආධාර ලබා දුන්නා! ඒ සියල්ලටම විපක්ෂනායකතුමාට අපි ස්තූති කරනවා! පරාටේ නීතිය ඉවත් කිරීමෙන් පසු ව්‍යවසායකයන් විපක්ෂනායක කාර්යාලයටම ඇවිත් සජිත්ට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සූරියවැව මහ කැලෑව මැද STF එකයි පාතාලයයි ඇවිලෙයි! වෙඩි හුවමාරුවෙන් පාතාලයකු මරුට! I Sri Lanka Latest News

MORE NEWS

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

Load More
සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...

Read more
මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.