ඇල්පිටිය, පතිරාජ වත්ත ප්‍රදේශයේ නිවසක සිටිය දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.Sri Lanka Latest News
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසුවේ, අද (26) උදෑසන 07ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවය.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ කරන්දෙණිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස සේවය කළ රොෂාන් කුමාර විතානගේ නැමැති 51 හැවිරිදි අයෙකු බව පොලීසිය පැවසුවේය.
මෘත ශරීරිය සිද්ධිය වූ ස්ථානයේ තබා ඇති අතර, පිස්තෝල අවියකින් වෙඩිතැබීම සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ.
මියගිය පුද්ගලයා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික වශයෙන් ද කටයුතු කර ඇතැයි තොරතුරු ලැබී ඇත.
පළාගිය සැකකරුවන් සොයා ඇල්පිටිය පොලීසිය විමර්ශන සිදුකරයි.










