කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට මීට සුළු මොහොතකට පෙර සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් රැස්වූ විපක්ෂයේ පක්ෂ නායකයෝ තීන්දු කළහ. (Sri Lanka Latest News)
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් උපදෙස් ඇතුළත් නොකොට ඔන්ලයින් පනතට කතානායකවරයා අස්සන් තැබීම හේතුකොටගෙන මෙම විශ්වාසභංගය ගෙන ඒමට එම පක්ෂ නායකයන් තීන්දු කොට තිබේ.
මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු තව සුළු මොහොතකින් බලාපොරොත්තු වන්න.










