• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෆීල්ඩ් මාෂල් හතරවටේ ගහද්දී අවසන් මානුෂික මෙහෙයුමේදී 64 වන සේනාංකයට අණ දුන් හමුදාවේ බොහෝ දෙනා ආදරය කරන මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මේ දැන් සජිත් සහ සජබය සමග එකතු වුණා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 23, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
ෆීල්ඩ් මාෂල් හතරවටේ ගහද්දී අවසන් මානුෂික මෙහෙයුමේදී 64 වන සේනාංකයට අණ දුන් හමුදාවේ බොහෝ දෙනා ආදරය කරන මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මේ දැන් සජිත් සහ සජබය සමග එකතු වුණා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා යුද හමුදාවේ 54 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා ( WWV RWP VSV USP ndc psc) අද (23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගයට සහයෝගය පළ කිරීම සඳහා එක්විය.

දශක තුනක යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් සුවිශාල දායකත්වයක් ලබා දුන් ඒ මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කිරීමට පෙර යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනාවිධායකවරයා ලෙස සහ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපතිවරයා ඇතුළු ප්‍රධාන තනතුරු රැසක කටයුතු කර තිබේ.

සමගි ජන බලවේගයට එක් වූ ඒ මහතා ‘දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ ප්‍රධානියා’ ලෙස සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දූෂණ විරෝධී ගමනේ උපදේශකවරයකු ලෙස පත් කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙහි දී කටයුතු කරන ලදී.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය ලැබූ ඒ මහතා පාසල් සමයේ දක්ෂ කැපීපෙනෙන ක්‍රීඩකයෙක් විය. රග්බි, පාපන්දු, මලල ක්‍රීඩා මෙන්ම ශිෂ්‍ය භට ක්ෂේත්‍රයෙන් ද දස්කම් පා ඇති ඒ මහතා රග්බි, පාපන්දු සහ ක්‍රිකට් ක්‍රීඩා සඳහා පාසල් වර්ණ ද හිමි කර ගන්නා ලදී. පාසල් අධ්‍යාපනයෙන් පසු හෙතෙම 1984 මාර්තු 4 වැනි දා කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය බලකායට එක් වූ ඒ මහතා දියතලාව හමුදා විද්‍යාපීඨයේ මූලික පුහුණුව ලැබ 1985 නොවැම්බර් මස 16 වැනි දින සන්නාහ සන්නද්ධ බලකායේ දෙවැනි ලුතිනන් වරයකු ලෙස පත්විය.

වසර 35ක් පුරා දිවෙන ඔහුගේ කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ ඔහු අණදෙන නිලධාරී, මාණ්ඩලික සහ උපදේශක පත්වීම් ලබා ඇත. 4 වැනි සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, ත්‍රිකුණාමලයේ නගර අණදෙන නිලධාරි, 523 පාබල බලසේනාවේ ආඥාපති, සන්නාහ සන්නද්ධ බලසේනාවේ අණදෙන නිලධාරි සහ 55 පාබල සේනාංකයේ නියෝජ්‍ය සාමාන්‍ය නිලධාරියා ලෙස ද කටයුතු කර තිබේ.

අවසන් මානුෂීය මෙහෙයුමේදී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා 52 වැනි පාබල සේනාංකයේ සහ 64 වැනි පාබල සේනාංකයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේය. ඔහුගේ සේවා කාලය තුළ තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව, ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන පාඨමාලාව, පකිස්ථානයේ මධ්‍ය වෘත්තීය පාඨමාලාව, බංග්ලාදේශයේ ආරක්ෂක සේවා සහ මාණ්ඩලික පාඨමාලාව, ඇමරිකා එක්සත් ජනපදයේ සන්නද්ධ නිලධාරීන්ගේ උසස් පාඨමාලාව සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාල පාඨමාලාව ආදී පාඨමාලා රැසක්ම හදාරා තිබේ.

ඊට අමතරව බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනයේ රාජ්‍ය තාන්ත්‍රික හා විදේශ කටයුතු පිළිබඳ ඩිප්ලෝමාව සහ ඉන්දියාවේ ආරක්ෂක කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව ද සම්පූර්ණ කර ඇත. එසේම දර්ශනය විෂය සඳහා ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය හදාරා පළමු පන්ති සාමාර්ථයක් ද ලබා ගැනීමට හෙතෙම සමත් විය.

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා යුද හමුදාව තුළ පෑ දස්කම් සඳහා වීර වික්‍රම විභූෂණ සහ රණ වික්‍රම පදක්කම ඇතුළුව සම්මාන සහ ප්‍රදානයන් කිහිපයකින් පිදුම් ලැබූවෙකි. ඔහු යුද හමුදාවට කළ සේවය අගයමින් පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, ශ්‍රී ලංකා යුද හමුදාවේ 50 වැනි සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දිගු සේවා පදක්කම, රිවිරැස ප්‍රචාරක සේවා පදක්කම, 50 වැනි නිදහස් සංවත්සර සැමරුම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම සහ උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම් ඇතුළු පදක්කම් රැසකින් පිදුම් ලබා ඇත.

පාසල් සමයේ සිටම දක්ෂ ක්‍රීඩකයකු වූ ඒ මහතා යුද හමුදාවේදී ක්‍රිකට්, රග්බි හා පාපන්දු ඇතුළු ක්‍රීඩා රැසක් නියෝජනය කරමින් විශිෂ්ට කුසලතා පෙන්වූ නිසා යුද හමුදා වර්ණ ද දිනා ගැනීමට හෙතෙම සමත් විය.

SendShareShare
Previous Post

බොහෝ දෙනෙක් ආදරය කළ තවත් ‌ප්‍රබලයෙක් තව සුලු මොහොතකින් සජිත්ට සහාය පළකොට සජබෙට එකතු වෙයි! I Sri Lanka Latest News

Next Post

මහඑවුන් විතරක් නෙමෙයි දරුවොත් 1500ක් විතර හිරගෙදර ඉන්නවා! ඔක්කොම මත්ද්‍රව්‍ය කේස්! I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.