• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රත්තරං හදවතක් තියෙන මුතුබණ්ඩා මාමගෙ කැඳ කඩේ I Sri Lanka Latest News

February 23, 2024
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔන්න එකෝමත් එක දවසක අපි අනුරාධපුරේ ඉඳන් යාපනේ යන්න පිටත් වුණා. ගිර ගිනි අරගෙන. මහපොළොව ගිනියම් වෙලා. අහසේ වලාකුළුත් තැන් තැන්වලට වෙලා හැංගිලා බලාගෙන ඉන්නවා ඉර මොකද මේ මහපොළොවට කරන්න යන්නේ කියලා. ගහකොළ වැල් මල් සද්ද නෑ. හෙලවෙන්නෙවත් නෑ. ඈත වෑදිය නිල්ල නිසොල්මන්ව බලාගෙන ඉන්නවා. ඕලු, නෙලුම්, මානෙල් මල් හෙලවෙන්නෙවත් නෑ.(Sri Lanka Latest News)

එච්චර ගිනියම් වෙච්ච දවසක උදේ 10-11 වෙද්දිම රස්නේ දැනෙන්න පටන් අරගත්තම අපිට තිබහයි බඩගින්නයි මේ හැම එකම දැනෙන්න පටන් අරගන්නවා. යාපනේට යනකන් රස කෑමක බීමක අයිරුවක් නැති නිසා අපි කල්පනා කරමින් යන්නේ ඔන්න ඔය අස්සේ තමයි අපිට මුණගැහෙන්නේ කැඳ කඩයක්. හතරැස් කොටුවේ තියෙන්නේ. දුම්රිය මාර්ගය පහුවෙලා පුංචි දුරක් යනකොට පාරේ වම් පැත්තේ. මේ කඩේට කියන්නේ මුතුබණ්ඩා මාමගේ කැඳ කඩේ කියලා. කැඳ කඩයක් දැක්කම ඒක ඕනෑවට වඩා විස්තර කරමින් වැඩිපුර කයිවාරු ගහන්න තරම් දෙයක් නෑනේ. මොකද ලංකාවේ ඕනෙ තරම් කැඳ විකුණන කඩ තියෙනවා. එතකොට මොකක්ද මේ මතුබණ්ඩා මාමගේ කැඳ කඩේ තියෙන විශේෂත්වය. ඒක තමයි මේ කියන්න යන්නේ.

මුතුබණ්ඩා මාමා ගාව තියෙනවා කැඳ වර්ග මහ ගොඩක්. හැබැයි ඒක නෙවෙයි විශේෂත්වය. සාමාන්‍යයෙන් කැඳ වර්ග ගොඩක් තියෙන කැඳ කඩ අපිට ඕනෙ තරම් මුණගැහෙනවනේ. හැබැයි මුතුබණ්ඩා මාමගේ කැඳ කඩේ තියෙන විශේෂත්වය වෙන්නේ මුතුබණ්ඩා මාමා කැඳ විකුණනවා කියන එක නිකන්ම නිකන් බිස්නස් එකක් කරගෙන නැති නිසා. මුතුබණ්ඩා මාමා ගාව තියෙනවා කැඳ බාස්කට් 5ක්. ඒ පහේ තියෙන්නේ කැඳ වර්ග 5ක්.

ඒ වගේම මුතුබණ්ඩා මාමා පටන්ගන්නෙම කැඳ දීලා නෙවෙයි. කැඳ බොන්න නැවැත්තුවට මුතුබණ්ඩා මාමා අපට දෙනවා වෙනිවැල්ගැට පත්පාඩගම් සහිත පොඩි වඩියක්. ඒකෙන් චුට්ටක් බීලා ඉන්න ඕනේ. ඒක හරි තිත්තයි. බොන්න හිතෙන්නේ නැති තරම් අප්පිරියයි. හැබැයි ඒ කිසි දෙයක් නොහිතා අපි ඒක බොන්නම ඕනේ. ඊට පස්සේ ගොටුකොළ කැඳ, කරපිංචා කැඳ, වැල්පෙනෙල කැඳ, මුගුණුවැන්න කැඳ, කුරක්කන් කැඳ ඇතුළු කැඳ වර්ග 7ක් තියෙනවා අපිට තෝරගන්න.

පළමුවෙන්ම වෙනිවැල්ගැට එක බිව්වට පස්සේ තමයි කැඳ බොන්න පුළුවන්. වෙනිවැල්ගැට එක අනිවාර්යයි. ඊට පස්සේ කැඳ බොනකොටත් අපේ ලෙඩ රෝග ගැන මුතුබණ්ඩා මාමා අහනවා. කොලෙස්ටරෝල් තියෙනවද, සීනි තියෙනවද, සෙම තියෙනවද කියලා ඔහු අහනවා. එවැනි අසනීපයක් තියෙනවා නම් ඒකට ගැළපෙන කැඳ වර්ගයක් දෙන්න මුතුබණ්ඩා මාමා දන්නවා.
කොහොම නමුත් මුතුබණ්ඩා මාමා මේ කැඳ වර්ග බොන පිළිවෙළක් තියෙනවා.

ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා කැඳ බොන්න ගියාම අපි කැඳ වීදුරුවක් බීලා ඒකට මුදල් දීලා එන්න ඕනේ. හැබැයි මුතුබණ්ඩා මාමාගේ කැඳ බිස්නස් එක ඊට වඩා වෙනස්. සාමාන්‍යයෙන් කැඳ බොන කෙනෙක්ට කැඳ කෝප්ප තුන හතරක් විතර මුතුබණ්ඩා මාමාගෙන් බොන්න වෙනවා. බොහෝ වෙලාවට දෙවැනි තුන්වැනි කෝප්පවලට පෙරැත්ත කරමින් දෙන්න උත්සාහ කරනවා. සමහර විට හතරවැනි කෝප්පෙකුත් දෙන්න උත්සාහ කරනවා. මුතුබණ්ඩා මාමාගෙන් කැඳ බිව්වා කියන්නේ ආයේ උදේට කෑමක් කන්න බඩේ ඉඩ ඉතුරු වෙන්නේ නෑ.

ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒ වගේම මුතුබණ්ඩා මාමා මේ සියලු කැඳ වර්ග හදන්නේ කැලේ ගිහින්, කොළ වර්ග කඩාගෙන ඇවිත් ඉතාම පිරිසිදුව සහ ගුණාත්මකව කියන එකත් ඔහු අපිත් එක්ක කියනවා. අවුරුදු ගානක් තිස්සේ මෙතැනදී දහ දොළොස් වතාවක් මුතුබණ්ඩා මාමාව මුණගැහිලා තියෙනවා. මුතුබණ්ඩා මාමාගෙන් කැඳ බිව්වට පස්සේ ආයෙත් දවල්ට කන්න වෙන්නේ යාපනෙන් කියලා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ. ඒ තරමටම ඔහුගේ කැඳ එක අපිට උදව් වෙනවා බොහොම ශක්තිමත්ව ගමන යන්න.

ඇත්තටම මුතුබණ්ඩා මාමා නිසා මේ අවට වටපිටාවේ ඉන්න බොහෝ දෙනෙක්ට නිරෝගී වෙන්න අවස්ථාව උදාවෙලා තියෙනවා. ඔහු මේ කැඳ ව්‍යාපාරය කරන්නේ බිස්නස් එකක් විදියට නෙවෙයි. මොකද ඒකට හේතුව කැඳ කෝප්ප හතරක් පහක් දීලා රුපියල් 80ක් විතරක් ගන්න මුතුබණ්ඩා මාමා අවංක වෙන නිසා. සාමාන්‍යයෙන් ඔබට හිතෙන්න ඇති වෙනිවැල්ගැට කෝප්පේ, ඊළඟට කැඳ කෝප්ප තුන හතරකුයි එක්ක සාමාන්‍යයෙන් මිල රුපියල් තුන් හාරසීයක්වත් වෙයි කියලා. නෑ. රුපියල් 80යි මුතුබණ්ඩා මාමාගේ කැඳ කෝප්පෙක මිල. කොච්චර බිව්වත් රුපියල් 80යි. මුතුබණ්ඩා මාමාගේ හිත රිදෙන්නේ බිව්වොත් නෙවෙයි, නොබිව්වොත්. පුළුවන් තරම් මුතුබණ්ඩා මාමා උත්සාහ කරන්නේ මේ අයට කැඳ කෝප්පයක් දීලා කොහොම හරි සතුටු කරන්න.

ඉතින් මේ කතන්දරේ ඇතුළේ ඉතා වැදගත් තවත් දෙයක් තියෙනවා. ඒ තමයි ඉස්කෝලෙ ළමයෙක් පාසල් නිල ඇඳුමෙන් ඇවිල්ලා කැඳ බිව්වොත් කොච්චර බිව්වත් ඒ දරුවගෙන් සල්ලි ගන්නේ නෑ. ඒ වගේම දරුවෙක් ලැබෙන්න ඉන්න බව බාහිරින් පේන කෙනෙක් හෝ නැත්නම් දරුවෙක් ලැබෙන්න ඉන්න බව කියන කෙනකුගෙන් මුතුබණ්ඩා මාමා කිසිදු මුදලක් අයකරන්නේ නෑ. සාමාන්‍යයෙන් අපි දන්නවා අනුරාධපුර ප්‍රදේශයේ වැඩිපුරම තියෙන ප්‍රශ්නයක් තමයි වකුගඩු රෝගය.

මේ පැත්ත පළාතේ ඉන්න බොහෝ දෙනෙක් වකුගඩු රෝගීන් බවට පත්වෙලා ඉන්නවා. ඒ නිසාමද කොහෙද මුතුබණ්ඩා මාමා තීරණයක් අරගෙන කිසිම වකුගඩු රෝගියෙක්ගෙන් මුදල් අය නොකරන්න. ඒක නිසා මුතුබණ්ඩා මාමාගෙන් කැඳ බිව්වොත් කිසිම වකුගඩු රෝගියෙක් සල්ලි දෙන්න ඕනේ නෑ. එහෙමයි කියලා හොයාගෙන ගිහිල්ලා මේ මනුස්සයාව අමාරුවේ දාන්න හෝ බොරු කියලා වංචා කරනවා එහෙම නෙවෙයි. ඒ නිසා අපි මේ කතන්දරේ කියන්නේ ඔහුගේ තියෙන ශ්‍රේෂ්ඨකම සහ උතුම් බව ලෝකෙට කියන්න අවශ්‍ය නිසා.

අපිට පාරේ තොටේ යන එනකොට මේ වගේ මනුස්සකම් පිරිච්ච මිනිස්සු ලක්ෂ ගානක් මුණගැහෙනවා. මුතුබණ්ඩා මාමත් එහෙම කෙනෙක්. අපේ උත්තමාචාරය මුතුබණ්ඩා මාමාට මේ මොහොතේ පුද කරන ගමන් අපිත් මුතුබණ්ඩා මාමාගේ වෙනිවැල්ගැට එකක් බීලා කැඳ කෝප්ප තුන හතරක් බීලා රසවත් වෙලා ශක්තිමත් වෙලා ගමන යන්නයි මේ සූදානම් වෙන්නේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

හොර ආචාර්ය මහාචාර්ය තනතුරු-ගෞරව නාම දෙන අයටත් නඩු! ගන්න අයටත් නඩු! ජනාධිපති ලේකම්ගෙන් නියෝගයක්! I Sri Lanka Latest News

Next Post

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

සමගි නීති සම්මේලනය හමුවේ අදහස් දක්වමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් අද මාධ්‍ය හමුවේ අදහස් දක්වන ඇතැමුන්ගේ දෙබිඩි...

Read more
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper