හිමිකරුවකු නොමැතිවීම හේතුවෙන් අධිකරණය විසින් අධිකරණ අමාත්‍යාංශය යටතට පවරනු ලැබු මල්වාන නිවස නිරීක්ෂණය කර ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.Sri Lanka Latest News
ඒ අනුව අධිකරණ අමාත්‍යවරයා අද පස්වරුවේ එම නිවස පිහිටි පරිශ්‍රයට යාමට නියමිතව ඇත.
එම පරිශ්‍රය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කිරීමටද නියමිතව තිබේ.










