විදේශ රටකින් ගෙන්වා වත්තල, වැලිසර සහ කැලණිය ප්‍රදේශ තුනකට කන්ටේනර් පෙට්ටිවල ගෙනැවිත් දමා ඇති රුපියල් කෝටි ගණනක් වටිනා ප්‍රතිජීවක එන්නත්වලට වගකිවයුත්තන් කවුරුන්ද යන්න ගැන වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
රුපියල් කෝටි ගණනක් වටිනා එම එන්නත් තොගය අව් රශ්මිය තදින් පතිත වන ස්ථානවල තැබීමෙන් ඒවා විනාශ වී යෑමේ අවදානමකට ලක්ව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම පමා කිරීම හරහා ඉතිහාසයේ සිදුවූ වැරැදි නැවතත් සිදුවන බවත් ඔහු සඳහන් කළේය.
එම එන්නත් තොගය තවමත් අදාළ සමාගම විසින් අමාත්‍යාංශයට බාරදී නොමැති බවට සහ ඇතැම් වගකිව යුතු නිලධාරීන් ඒ ගැන වගකීම භාරගැනීමට පැකිළෙන හේතූන් ගැනද සොයා බලන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කොට තිබේ.
මෙම වටිනා එන්නත් කන්ටේනර් ස්ථාන තුනකට ගෙනැගොස් දමා ඇත්තේ කිසියම් යටි අරමුණක් සහිතවද යන්න පිළිබඳවද සැකයක් මතුවන බවයි වෛද්‍ය විජේසිංහ මතා සඳහන් කළේ.
ප්‍රේමලාල් විජේරත්න










