ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර තිබෙන සංශෝධන ඇතුළත් කරන්නේ නම් පමණක්, පනත සරළ බහුතරයෙන් සම්මත කළ හැකි බවත්, එසේ නොවන්නේ නම්, ඇතැම් වගන්ති සම්මත කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දය අවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබිය දී, එම නියෝග නොතකා හරිමින්, ඔන්ලයින් සේෆ්ටි පනත සම්මත කර ගැනීමට කටයුතු කිරීමෙන්, සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි චෝදනා කරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් මහතා විසින් කතානායක සහ නීතිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබේ.Sri Lanka Latest News
තමන් පනතට අත්සන් තබන ලද්දේ නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කරන ලද සංශෝධන පනතට ඇතුළත් කර ඇති බව සහතික වීමෙන් පසුව බව කතානායකවරයා පවසා ඇති බැවින්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා නීතිපතිවද මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර තිබේ.










