• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නොකර මෝඩකතා කමුද ඥානකතා I Sri Lanka Latest News

February 15, 2024
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආයුබෝවන්… ‘මව්රට’ අපි මොන කරදර තිබ්බත් රෝන්දේ ගහන එක නවත්තලා නෑ. මෙදා පොටේ මේ රෝන්දේ ගහන්නේ ගම්පහ පැත්තේ. ව්රෝන්ග් දේ වෙනුවට රෝන්දේ කියන එකේ ඇත්තටම වරදකුත් නෑනේ. මෙදා මේ අපි යන්නේ පට්ට රස අමුතු කෑමක් කන්න. සාමාන්‍යයෙන් පට්ට රස අමුතු කෑම කිව්වම අපට මතක් වෙන එක එක ජාති තියෙනවා.(Sri Lanka Latest News)

හැබැයි පුතේ මෙදා පොටේ අපි කන්න යන්නේ අපේ රටේ මිනිස්සුන්ට දෙනවා නම් හොය හොයා දෙන්න ඕනේ කෑමක්. එළව එළව දෙන්න ඕනේ කෑමක්. නොකා බැරි කෑමක්. මොනවද දන්නවද මේ? මේවා තමයි ඥානකතා. ඥානකතා තියෙන්නේ ගම්පහ. ගම්පහෙන් කරු ජයසූරිය පරද්දලා පබා පාර්ලිමේන්තු ගියා වගේම හුඟාක් අයව පාර්ලිමේන්තු යවලා ගොං වැඩ කළෙත් ගම්පහ උදවිය. මේ ලියන කෙනත් ගම්පහ කෙනෙක් නිසා ලැජ්ජා බය නැතුව ගම්පහ ගැන කියන්න පුළුවන්.

ගම්පහ ඉඳලා උඩුගම්පොල පැත්තට යනකොට, ඒ කියන්නේ ප්‍රසන්න රණතුංග මහත්තයාගේ රාජධානිය පැත්තට යනකොට තමයි මේ කියන තැන මුණගැහෙන්නේ. ඒ හරියේ තියෙනවා සජාන් කියලා මහත්තයෙක්ගේ ‘චේ කැෆේ’ කියලා ලොකු කඩයක්. ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයක් කියලා හිතුවට ඒක එහෙම එකක් නෙවෙයි. ඒක ලොකු රෙස්ටුරන්ට් එකක්. චේ කැෆේ එක පහුවෙලා ටිකක් දුර යනකොට වම් අත පැත්තේ තියෙනවා සිංහල උළු හෙවිලි කරපු අපි හොයන තැන. මේ පාරේ ඒ වගේ කඩ සාප්පු ගොඩක් තිබුණට මේක හරි විශේෂයි.

ඒකට හේතුව තමයි මේ කඩේ තවමත් තියෙන්නේ සිංහල උළු හෙවිල්ලපු ගමන්මයි. ඒ වගේම පොඩි කඩයක්. මහා විශාල කඩයක් නෙවෙයි. කඩේ ඉස්සරහා ගොඩගහලා තියෙන්නේ ඥානකතා. ඥානකතා 100ක් විතරක් පුරවපු ලොකු ෂෝකේස් එකක් ඉස්සරහා පේන්න තියෙනවා. විශේෂත්වය තමයි කඩේ මේ ගොඩේ පේන්න තියෙන ඥානකතාවලට අමතරව වෙන මොනවත් නැති වීම. කඩේ විකුණන්නේ ඥානකතා විතරයි. ඒක ඥානකතා කඩයක්. රෝල්ස්, පැටිස්, කට්ලට්ස් මොනවත් නෑ.

ඥානකතා කඩේ තියෙන පුදුම හැඩේ දැක්කම අපි නතර වෙන්න හිතුවේ දැන් ලංකාවේ කොහෙවත් ඥානකතා කඩ නැහැ. ලංකාවේ තියෙන්නේ වෙන වෙන කඩ. කොත්තු, රයිස්, බිරියානි කඩ දැම්මට ඥානකතා කඩ නැහැ. ඒ වගේම ඥානකතා විතරක් තියෙන කඩවල් මම හිතන්නේ ලංකාවේ වෙන එකක්වත් නෑ. හැබැයි මේගොල්ලෝ ගාව තියෙන්නේ ඥානකතා විතරමයි. බොනවා නම් බාර්ලි බෝතල්. මේක පරණ විදියනේ. ඥානකතා වගේ දේවල් තියෙන පරණ කඩ දැන් දකින්න ලැබෙන්නේ නෑ. ඒක නිසා තමයි මේ කඩේ විශේෂ වෙන්නේ.

ඥානකතා කඩෙන් අපි ඇහුවා, මේ විදියට ඥානකතා මේ කඩේ විකිණෙනවද කියලා. අදහාගන්න බැරි උත්තරයක් එයා දුන්නේ.

‘අනේ ඔව් මහත්තයෝ. ඥානකතා ඕනෙ තරම් විකුණන්න පුළුවන්…’

ඥානකතාවක මිල දැන් ඉස්සර වගේ නෙවෙයි. ලොකු ගානක්. හැබැයි මීට අවුරුදු 100කට කලින් ඥානකතාවක් කීයද? ඥානකතාවල කතන්දරේ මොකක්ද? ඥානකතා තවමත් මිනිස්සු අතර ප්‍රසිද්ධයිද? කඩේට කොච්චර ඉතිහාසයක් තියෙනවද? මේ වගේ ගොඩක් දේවල් දැනගන්න හිතාගෙන අපි ඔන්න ඥානකතා කඩේ ගාව නතර වුණා. ඔයාලටත් ඕනෙ නම් පුළුවන් අපිත් එක්ක ඇවිල්ලා රට වටෙන්ම අහන්න දකින්න ලැබෙන මෝඩ කතා වෙනුවට ඥාන කතාවක් කරලා යන්න.

මේ විදියෙ කඩයක් තියෙනවා කියලා ෆේස්බුක් එකේ කවුද ලියලා තිබුණා. ඒ කියලා තිබ්බෙ අවුරුදු සීයක් පරණ ඥානකතා කඩයක් විත්තිය. ඔන්න ඔය ඔත්තුව නිසාම අපිත් ගියා මේ කඩේ හොයාගෙන.

රටේ හැමෝම කතා වෙන විස්තරය මුදලාලිට කිව්වා. එයා හිනාවුණා.

‘අනේ ඔය කවුරු හරි කෙනෙක් මේ ගැන දාලනෙ. මම දන්නෙත් නෑ…’ ඔහු කිව්වා.

‘ඉතිං අපි ලියමුකො ඔය කතාව’ මම ඔහුට කිව්වා.

‘අනේ ඕනෙ නෑ මහත්තයො’ කියලා ඔහු හිනාවුණා.

‘මේක නෙමෙයි, එහා පැත්තෙයි අපේ කඩේ පටන් ගත්තෙ. කටු මැටි ගහලා තිබ්බෙ. ඒ කාලෙ තිබ්බෙ කඩවල් තුනක්. වී මෝලක් එහෙමත් තිබිලා තියෙනවා. පස්සෙ මේ කඩේ හදලා තියෙන්නෙ. මෙ කඩේ අවුරුදු පනහක් හැටක් විතර පරණ ඇති….’ ඔහු කිව්වා.

අපිට ඔහුගෙ අකැමැත්ත දැනුනට ඔන්න ඔහෙ කමක් නෑ කියලා මේ කතාව ඉවර කළා. මොකද මේ වෙන කොට සමාජ මාධ්‍ය අස්සෙ ඔහුගෙ කතාව හෝ ගාලා යනවා දැකපු නිසා. හැබැයි මුළු රටම දන්නෙ මේ කඩේ ‘ඥානකතා කඩේ’ කියලා.

‘ඥානකතා තවම විකිණෙනවද?’ මම ඔහුගෙන් ඇහුවා.

‘ඔව් ඔක්කොම ටික…’ ඔහු ඥානකතා ගොඩ ගහලා තියෙන ලොකු ෂෝකේස් එක පෙන්නලා කිව්වා. ඒකෙ ඥානකතා මහ ගොඩක් පිරිලා තියෙනවා. ඊට අමතරව බාර්ලි බෝතල් සහ තවත් පොඩි පොඩි කෑම වර්ග.

ඉතින් අනවසරයෙන්ම මේක ලිව්වට සමාවෙන්න ඕනෙ. ඒත් ලංකාවෙ තියෙන එකම ඥානකතා කඩේ ගැන ෆේස්බුක් එකේ මේ තරම්ම කතාබහ වෙන කොට, ඒ කඩේ හොයාගෙනම ගිහිල්ලා අකුරක්වත් නොලියා ඉන්න හිත දෙන්නෙ නෑ.

මුදලාලි කියන විදියට ඥානකතා හැදිල්ල නම් පටන් අරගෙන වැඩි කාලයක් නෑලු. හැබැයි කඩේ ඉතිහාසය පැහැදිලියි. කතන්දරේ ෆේස්බුක් එකේ දාපු කෙනා කවුද දන්නෙ නෑ. ඒ තොරතුරු සමහර එව්වා වැරැදියි. ඒත් මේ කඩේ නම් ඇත්තක්.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ජනාධිපතිතුමනි මේ ගැන දැනගන්න… මහාචාර්ය චරිත ජනාධිපති රනිල්ට ලියපු ලියුම I Sri Lanka Latest News

Next Post

ලංකාව වැඩියෙන් රත් වුණු හැටි දන්නවද? I Sri Lanka Latest News

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.