• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිතුමනි මේ ගැන දැනගන්න… මහාචාර්ය චරිත ජනාධිපති රනිල්ට ලියපු ලියුම I Sri Lanka Latest News

February 15, 2024
in Exclusive, News
Reading Time: 10 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තුව පමණක් නොව විධායක ජනාධිපතිවරයාද ජනතාවට වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කර තිබේ. පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව සහ ජනාධිපතිවරයා අතර ගොඩනැගෙමින් පවතින ගැටලුකාරීත්වය පිළිබඳ වාර්තා වූ කරුණු පදනම් කරමින් ඔහු එම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත.(Sri Lanka Latest News)

පහත පළවන්නේ එම ලිපියයි.

2024.02.05
අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 07.

අතිගරු ජනාධිපතිතුමනි,

පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව සහ ජනාධිපතිවරයා අතර ගොඩනැගෙමින් පවතින ගැටලුකාරීත්වයක් පිළිබඳ විවිධ වාර්තා මේ දිනවල පළවෙමින් පවතී. මෙම ගැටලුකාරීත්වයට මූලික පදනම වී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙසින් සිටි බුවනෙක අළුවිහාරේ මහතා විශ්‍රාම ගැනීමෙන් හිස් වූ පුරප්පාඩුව සඳහා ඔබ විසින් පත්කිරීමට යෝජනා කරන ලද වත්මන් අභියාචනාධිකරණ සභාපති, විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ නම පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව විසින් මුලදී අනුමත කිරීම කල් දැමීමත්, පසුව 2024 ජනවාරි 30 දින රැස් වූ ව්‍යවස්ථාදායක සභාව එය 5ට 3 ලෙසින් බහුතරයේ කැමැත්ත මත ප්‍රතික්ෂේප කිරීමත් යන කාරණාවයි.

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් සිටින මා උක්ත ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයකු නොවන බව ඔබ හොඳින් දන්නා කරුණකි. එසේ නමුත් මෙම සිදුවීම (නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කිරීම) සහ එම මතය විධායක ජනාධිපතිවරයා ලෙසින් ඔබතුමන් නොපිළිගැනීම යන කරුණු හරහා බරපතළ ව්‍යවස්ථා ගැට‍ලුවක් ඇති වන බව මාගේ නිරීක්ෂණයයි.

උක්ත ව්‍යවස්ථාදායක සභාවේ තීරණයට එරෙහිව ඔබතුමන් මීට පෙර අවස්ථාවක පාර්ලිමේන්තුව තුළදී ද, පසුගිය දිනෙක විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් හරහා ද අදහස් දක්වා ඇත. ඔබගේ මූලික තර්කය වන්නේ යැයි මා සිතන්නේ පහත සඳහන් ආකාරයේ අදහසකි. ‘ව්‍යවස්ථාදායක සභාව යනු ජනාධිපතිවරයා සතු විධායක බලය ක්‍රියාත්මක කිරීමට ඇති ආයතනයකි. එහෙයින් ජනාධිපතිවරයාගේ බලතල යටතේ සිදුකරන පත්කිරීම් (41 C වගන්තිය යටතේ ඇති පත්කිරීම්) අනුමත කිරීම හැර වෙනත් දෙයක් පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවට අදාළ නැත’ වැනි අදහසකි.

මෙම අදහස ඔබ විසින් මෙම කාරණය මුල් කරගනිමින් නිකුත් කර ඇති 2024.01.31 දින දරන (PDM-PRO131#04 අංකය සහිත) ප්‍රවෘත්ති නිවේදනයේ දක්වා ඇත. එහිදී ඔබතුමන් මෙසේ ප්‍රකාශ කරයි “The Constitution Council, Which is chaired by the Hon speaker of the Parliament and Established Under the Constitution has been empowered to assist the President in the making of certain decisions and is part of the executive” (Paragraph 05). ඔබතුමන්ගේ ඉහත ප්‍රකාශය මගින් රටේ බරපතළ ව්‍යවස්ථාමය ගැට‍ලුවක් (Constitutional Crisis) නිර්මාණය කරන බව මාගේ තේරුම් ගැනීමයි.

ඒ නිසාම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයකු නොවන නමුත් වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වශයෙන් විධායකයේ මෙම ස්ථාවරය සම්බන්ධව අදහස් දැක්වීමට තීරණය කරමි.

මෙහිදී අවධානයට යොමුවිය යුතු ප්‍රධාන කාරණයක් වන්නේ, ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ ඔබතුමා දරන ස්ථාවරය ඉතාමත් පාර්ශ්වීය හා ඒකමානීය (Marginalized and One Dimensional) ස්ථාවරයක් බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණ වශයෙන් සලකා බැලීමෙන් හා / හෝ ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉදිරිපත් වූ මූලික අභිලාෂයන් (Main Expectations of 17A) සමග සලකා බැලීමෙන් ඔබතුමා දරන ස්ථාවරය නිවැරදි නොවන බව පෙනීයයි. ඔබතුමාගේ ස්ථාවරය සීමිත සහ පාර්ශ්වීය එකක් බවත් (Limited and Biased) යෝජනා කිරීමට කැමැත්තෙමි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමස්ත අර්ථය තුළ තේරුම් ගතයුතු එක් ප්‍රධාන කාරණයක් වන්නේ රටේ පරමාධිපත්‍ය ජනතාව සතු අත්හැරිය නොහැකි බලයක් වන බවයි. එය (a) ඡන්ද බලය (b) මූලික අයිතිවාසිකම් සහ (c) රාජ්‍ය පාලන බලය යන තෙයාකාරයකින් යුතු පරමාධිපත්‍ය බලයක් ලෙස ක්‍රියාත්මක වන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තිය මගින් මෙම තත්ත්වය ඉතාමත් නිශ්චිතව බලගන්වා ඇත. (In the Republic of Sri Lanka, Sovereignty is in the people and is inalienable. Sovereignty includes the Powers or government Fundamental Rights and Franchise.) (Article 3)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය මගින් ඉහත සඳහන් පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වන ආකාරය නීතිගත කර ඇත. ඒ අනුව ප්‍රමුඛතාව සමාන ලෙස බෙදීයන ආකාර 05කින් පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වේ. ඒවා වන්නේ, 1. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව මගින්ද, 2. ජනතාවගේ විධායක බලය ජනාධිපතිවරයෙකු මගින්ද, 3. ජනතාවගේ අධිකරණ බලය අධිකරණය මගින්ද, 4. ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධීකරණය අධිකරණය හරහා ක්‍රියාත්මක කිරීම මගින්ද, 5. ජනතාවගේ ඡන්ද බලය පාර්ලිමේන්තු නියෝජනය හරහා සහ ජනමත විචාරණයක දී ඍජු මැදිහහත්වීම් හරහාද ක්‍රියාත්මක කිරීමයි.

මෙහිදී ඔබතුමාගේ අවධානය යොමුවිය යුතු තවත් කාරණයක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි සහ 4 වැනි වගන්ති එක්ව කියවිය යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අවස්ථා ගණනාවකදීම පාර්ලිමේන්තුවට දෙන ලද අර්ථ දැක්වීම් හරහා නිර්දේශ කර ඇති බවයි. SD 5/80, 1/82, 2/83, 1/84, 7/87 සහ SD 12/2002 ඒ ඒ අවස්ථාවල පාර්ලිමේන්තුවට යොමුකර ඇති ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ දැක්වීම් මේ සඳහා නිදසුන් සපයයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්පූර්ණ ව්‍යුහාත්මක තත්ත්වය මත සලකා බලන විට විධායක ජනාධිපතිවරයා යනු ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන මූලික ක්‍රමවේද 5 අතරින් එකක් ලෙස මිස විශේෂතම අවස්ථාව ලෙස නොගත යුතු බව පැහැදිලිය. මාගේ යෝජනාව වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිච්ඡේද 7A හි (41A, 41B, 41C, 41E, 41F, 41G, 41H, 41J යන වගන්ති) එන ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ අවධානය යොමු කළ යුත්තේ ඉහත සඳහන් පළල් හා ඒකාබද්ධ (Broader and Holistic approach) එළඹුමක් හරහා බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 41 වගන්තියට අවධානය යොමු කළ යුත්තේ ඉහත සඳහන් පළල් තේරුම් ගැනීමක් හරහා මිස තනිකර කියවීමක් (Isolated Reading) මත නොවේ. විශේෂයෙන්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය වෙතට අවධානය යොමු කිරීම මෙහිදී ඉතාමත් වැදගත්ය. “Clearly, the Constitution did not intend the president to function as an Unfettered repository of executive power unconstrained by the other organs of Governance” (S.D. No 04/2015).

ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ නෛතික තත්ත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් වූයේ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සමග බව හැමෝම දන්නා කරුණකි. 17 වැනි සංශෝධනයේ සිට 18, 19, 20 හා 21 වැනි සංශෝධනය ලෙස මේ කාරණය අර්බුදජනක ගමන් මාර්ගයක මේ වන විටත් ගමන් කර ඇත. පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ ඔබතුමන්ගේ ස්ථාවරය වන්නේ එය ව්‍යවස්ථාදායකයේ අභිමතය නියෝජනය කරන්නක් නොව විධායකයට සහාය වනු පිණිස ඇති කළ එකක් බවයි. (අවධාරණය මගින්).

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කොට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විධායකයේ කොටසක් වශයෙන් ක්‍රියාත්මක වන අතර ජනාධිපතිවරයාට තම ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටුකිරීමට සහයෝගය ලබා දෙන බව’ (PMD-PR0131#4 නිවේදනයේ 5 වැනි ඡේදය) ඔබතුමන්ගේ ප්‍රවෘත්ති නිවේදනයේ නිශ්චිතවම දක්වා ඇත්තේ මේ නිසා විය යුතුය. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සිට 18, 19, 20, 21 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති අර්ථ නිරූපණ සලකා බලන විට, ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ ඔබතුමන් දරන ස්ථාවරයට පැමිණියේ කෙසේ දැයි බරපතළ ප්‍රශ්නයක් මතුවේ.

ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා වෙත ලබාදී ඇති බලතල (33 වැනි වගන්තිය, 41 B වගන්තිය, 42, 43, 44, 45 වැනි වගන්ති තුළ සහ අනෙකුත් අදාළ වගන්ති හරහා ජනාධිපතිවරණය වෙත ලබාදී ඇති බලතල) කප්පාදුවක් පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව ඇති කිරීම හරහා සිදු නොවන බව මගේ මතයයි. විශේෂයෙන්ම මේ ප්‍රශ්නය 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සිට 18, 19, 20, 24 සංශෝධනවලදී නෛතිකව අර්ථ දක්වා ඇති කාරණාවක් බව ප්‍රකාශ කළ යුතුය. මේ සම්බන්ධයෙන් SD No 6/2001 හි ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයේ කරුණු 04ක් මත පදනම්ව ඉහත සඳහන් බල කප්පාදුවක් සිදු නොවන බව නිශ්චිතවම සඳහන් කර ඇත.

ඊට අමතරව මෙම කාරණය සම්බන්ධව 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අර්ථ නිරූපණය කෙරෙහිද ඔබතුමන්ගේ අවධානයට තවදුරටත් යොමු කරමි. SD No 40/2022 ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණය තුළ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සභාගත කරමින් දක්වන්නේ ව්‍යවස්ථාදායක සභාව යනු විධායකයේ කොටසක් නොව පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් බවයි. The (Council is essentially a body that comes within the aegis of parliament with the speaker as its chairman) (Page 14)

එසේම ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපතිවරයාගේ නියෝජිතයකු පත්කිරීම හරහා ජනාධිපතිවරයාගේ ස්ථාවරය එම සභාව තුළ නියෝජනය වන බවද මෙහිදී අවධාරණය කර ඇත.

උක්ත 21 වැනි ව්‍යවස්ථා සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණය දැක්වෙන තවත් එක් කාරණයක් වන්නේ ව්‍යවස්ථාදායක සභාවට ‘ජනාධිපතිවරයෙකුට තනි කැමැත්තට විධායක තීරණ ගැනීම වළක්වමින් ආවරණ හා තුලන නියාමනයට යටත් කිරීම’ අදහස් කරන බව නීතිපතිවරයාගේ මතය වූ බවයි. (Constitutional council “serve As a check and balance on the powers of the president and prevents the arbitrary exercise or the executive powers) (SD 40/2022 Page 18)

ඉහත තත්ත්වය තුළ පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව යනු විධායකයේම කොටසක් ලෙසින් ඔබතුමා දරන ස්ථාවරය නිවැරදි නොවන බවට යෝජනා කරනු කැමැත්තෙමි.

අවසාන වශයෙන් ඔබතුමන්ගේ නිවේදනයෙහි තවත් එක් වැදගත් කාරණයක් සම්බන්ධව අවධානය යොමු කරවමි. එම නිවේදනයේ දැක්වෙන්නේ ‘කතානායකවරයා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 4 (ඇ) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව විසින් අධිකරණය හරහා ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරයි. එබැවින් පාර්ලිමේන්තුව වගකිව යුත්තේ ජනතාවට පමණ’ යනුවෙනි. මෙහි අවසාන වාක්‍යයෙන් කියන්නේ කුමක්දැයි මා හරියටම දන්නේ නැත. පාර්ලිමේන්තුව වගකිව යුත්තේ ජනතාවට බව සැබෑවක්ය. ජනාධිපති ධුරය යනු එම ජනතාවගෙන් ව්‍යුත්පන්නව පවතින වෙනත් අයකුගේ වපසරියක් නොවන බවද ඒ වගේම සැබෑවක්ය.

ජනාධිපතිවරයා ජනතාවට වගකීමටත් පාර්ලිමේන්තුවට පිළිතුරු දීමටත් යටත් බව ව්‍යවස්ථාවේ 42 වගන්තියෙන් පිළිගෙන තිබෙන බව අවධාරණය කරනු කැමැත්තෙමි. එපමණක්ද නොවේ. ඔබතුමා සඳහන් කරන්නේ ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව අධිකරණය හරහා ක්‍රියාත්මක කරන බවයි. එය සත්‍යයක්ය. එසේම විධායක බලය යනු ද ජනතාවගේ විධායක බලය මිස වෙන වෙන අයකුගේ විධායක බලයක් නොවේ. පාර්ලිමේන්තුවත් අධිකරණයත් පමණක් නොව විධායකය ද ජනතාවගේ පරමාධිපත්‍යයේ නියෝජනයක් මිස එයට පිටින් පවතින දෙයක් නොවේ. මෙම අදහස 21 වැනි සංශෝධනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අර්ථ නිරූපණයෙහි ද දක්වයි. ඒ නිසා පාර්ලිමේන්තුව පමණක් නොව විධායක ජනාධිපතිවරයා ද ජනතාවට වගකිව යුතු බව අවසාන වශයෙන් නැවත වරක් සඳහන් කරනු කැමැත්තෙමි.

එම වගකීම ව්‍යවස්ථාවේ 30 (2) වගන්තිය ජනතාවගෙන් ඍජුව පත්වන ජනාධිපතිවරයකුට පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තිය යටතේ පාර්ලිමේන්තුව මගින් පත්කරන ලද අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුටද අදාළ වන බවද තවදුරටත් අවධාරණය කරමි.

ස්තුතියි,
මහාචාර්ය චරිත හේරත්
පාර්ලිමේන්තු මන්ත්‍රී

SendShareShare
Previous Post

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන කැරට් අලය ජනමතයක් නැති රනිල්ටත් – රට කාලා බංකොලොත් කරපු පොහොට්ටුවටත් දිගටම බලයේ ඉන්න කරන කුමන්ත්‍රණයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

නොකර මෝඩකතා කමුද ඥානකතා I Sri Lanka Latest News

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.