• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංවිම ඉංජිනේරු ආචාර්ය අමරසිරි මරා කෑලි කපා බැරලයක දමා වැළලුවාට මරණ දඬුවම ලැබුණු වැරදිකාරිය අවුරුදු 34කට පසු අල්ලයි! 1990 ඇප ලැබුණාට පසු උසාවිය පැත්ත පළාතේ ඇවිත් නෑ! සිද්ධිය වෙද්දි අවුරුදු 32යි! දැන් වයස 66ක්! ඝාතනයේ පළමු වැරදිකාර සැමියා තවමත් අතුරුදන්! I Sri Lanka Latest News

February 12, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
ලංවිම ඉංජිනේරු ආචාර්ය අමරසිරි මරා කෑලි කපා බැරලයක දමා වැළලුවාට මරණ දඬුවම ලැබුණු වැරදිකාරිය අවුරුදු 34කට පසු අල්ලයි! 1990 ඇප ලැබුණාට පසු උසාවිය පැත්ත පළාතේ ඇවිත් නෑ! සිද්ධිය වෙද්දි අවුරුදු 32යි! දැන් වයස 66ක්! ඝාතනයේ පළමු වැරදිකාර සැමියා තවමත් අතුරුදන්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අනියම් පෙම් සම්බන්ධයක් මුල්කරගෙන ඇතිවූ ආරවුලක් මත විදුලිබල මණ්ඩල මූලස්ථානයේ සේවයේ නිරතව සිටි ඉංජිනේරුවරයකු වන ආචාර්ය වඩු ආරච්චිගේ අමරසිරි මහතා අතුරුගිරිය පොලිස් වසමේ පනාගොඩ, ඇඹුල්ගම පාරේ වැලිපිල්ලෑව ශ්‍රී සුමන මාවතේ නිවෙසකට ගෙන්වාගෙන ඝාතනය කර සිරුර කොටස්වලට කපා බැරලයක දමා වළ දැමූ අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ 1990 වසරේ සිට වසර 33ක් අධිකරණය මඟහැර සැඟවී සිටි මරණ දඬුවම් නියම වී සිටි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පෙරේදා (10) අත්අඩංගුවට ගෙන තිබේ. එම කාන්තාව එදිනම හෝමාගම මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (12) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.Sri Lanka Latest News

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ඒ. ඩබ්ලිව්. කමනී චම්පිකා නමැති 66 හැවිරිදි වියේ පසුවන එක් දරු මවකි. මේ අපරාධය සිදුවන්නේ 1989 ජනවාරි මස 13 වැනිදාය. ඝාතනය වූ ඉංජිනේරුවරයා සමඟ අනියම් සම්බන්ධයක් පවත්වමින් සිටි ඇය එකල අවුරුදු 32ක කාන්තාවකි. විදුලිබල මණ්ඩලයේ ඉංග්‍රීසි ලඝු ලේඛිකාවක් ලෙස ඇය එකල සේවය කර ඇත්තේ ඝාතනය වූ ඉංජිනේරුවරයා සමඟිනි.

ලංගම වේලා සටහන්කරුවෙක් ලෙස සේවයේ නිරතව සිටි සිය සැමියා සමඟ ඇය පදිංචිව සිට ඇත්තේ වැලිපිල්ලෑව ශ්‍රී සුමන මාවතේ පිහිටි නිවෙසේය. ඉංජිනේරුවරයා මරා දමා ඇත්තේ මේ කාන්තාවගේ සැමියාය. මේ කාන්තාව ඊට ආධාර හා අනුබලදීමේ චෝදනා එල්ලවී තිබී ඇත. අධිකරණයෙන් මරණ දඬුවම නියම වී සිටින්නේ මේ කාන්තාවට පමණක් නොව සැමියාට ද මරණ දඬුවම නියම කර තිබේ. ඇය තලවතුගොඩ උපන් තැනැත්තියකි. ඇය අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයකිනි. කාන්තාවගේ මවුපියන් යමක් කමක් ඇති පවුලක අය බව ද සඳහන්ය.

ඇය විදුලිබල මණ්ඩලයේ ඉංග්‍රීසි ලඝු ලේඛිකාවක ලෙස සේවයට එක්ව ඇත්තේ පාසල් අධ්‍යාපනයට සමුදී කෙටි කාලයකදීය. සරත්චන්ද්‍ර සුමනසේකර නමැති ලංගම බස් රථ වේලා සටහන්කරු සමඟ ඇය පෙම් සම්බන්ධයක් ඇති කර ගන්නේ ද මේ කාලයේදීය. එම සම්බන්ධයට ඇගේ මවුපියන්ගේ කැමැත්තක් නොමැතිවූවත් අවසානයේදී ඔවුන් දෙදෙනා විවාහ වී පදිංචියට යන්නේ වැලිපිල්ලෑව ශ්‍රී සුමන මාවතේ පිහිටි නිවෙසකටය. එම නිවෙස සරත්චන්ද්‍ර සුමනසේකරට අයත් එකකි. බොරැල්ලේ පදිංචිකරුවෙක් වන ආචාර්ය ඩබ්ලිව්. අමරසිරි ඉංජිනේරුවරයෙක් ලෙස විදුලිබල මණ්ඩලයේ සේවයට එක්ව ඇත්තේ ද මේ කාලයේදීය. කඩවසම් තරුණයෙක් වූ ඔහු සහ කමනී අතර අනියම් සම්බන්ධයක් ඇතිවන්නේ ලඝු ලේඛන කටයුතු සඳහා නිතර දෙදෙනා කාර්යාල කාමරයේ තනිවීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

සැමියා නොමැති අවස්ථාවලදී ඉංජිනේරු පෙම්වතාව වැලිපිල්ලෑවේ සිය නිවෙසට ගෙන්වා ගැනීමට පවා ඇය පෙලඹ සිටියාය.

වැඩි කලක් යන්නට මත්තෙන් මේ හැම දෙයක්ම සැමියාගේ කන වැකී තිබුණේය. එහි ප්‍රතිඵලයක් ලෙස 1989 ජනවාරි මස 13 වැනිදා සිය බිරියට රැකියාවට යන්නට ඉඩ නොදෙන සැමියා ඇයට පහරවල් කිහිපයක් එල්ල කර අනියම් පෙම් සම්බන්ධය ගැන විමසන්නේ ඇයව බිය ගන්වමිනි. එහිදී ඔහු ඇයට තර්ජනය කරමින් පවසන්නේ සැමියා නිවෙසේ නොමැති බව පවසා ඔහුව නිවෙසට ගෙන්වන ලෙසයි. සිය සැමියා මහා එපා කරපු පුද්ගලයෙක් බව දැන සිටි ඇයට ඔහුගේ අණ පිළිපැදීම හැර වෙනත් විකල්පයක් නොවූවාය. ඉංජිනේරු පෙම්වතාට ඇය දුරකතන ඇමතුමක් ගෙන පවසන්නේ තමා අද සේවයට නොපැමිණෙන බවයි. සැමියා නිවෙසේ නොමැති බව ද ඇය ඒත් එක්කම ඔහුට කියා තිබුණාය.

ඒ අනුව ඉංජිනේරු අමරසිරි එදා වැලිපිල්ලෑව ශ්‍රී සුමන මාවතේ පිහිටි නිවෙසට පැමිණ තිබුණේ පෙම්වතිය මුණ ගැසීමටයි. ඔහු පැමිණෙන විට ඇගේ සැමියා සිටින්නේ නිවෙසේ සැඟවීය. ඔහු ඇයට පවසා තිබෙන්නේ ඉංජිනේරුවරයා නිදන කාමරයට ගෙන්වා ගන්නා ලෙසයි. ඒ අනුව ඇය ඔහුව නිදන කාමරයට කැටුව ගොස් තිබුණාය. ඉංජිනේරුවරයා කපා කොටා මරා දමන්නේත් සිරුර බැරලයක දමා නිවෙස පිටුපස තිබූ ළිඳකට දමා වළ දමන්නේත් ඉන් අනතුරුයි. මේ ඝාතනයෙන් පසු අඹුසැමි යුවළ ගේ දොර වසා දමා පලා ගොස් ඇත්තේ බොරැල්ලටයි. පසුව කුලියට ගත් නිවෙසක දින කිහිපයක් රැඳී සිට ඇත. මේ අතර ඉංජිනේරුවරයාගේ තරුණ බිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ රැකියාවට ගිය සිය සැමියා දින කිහිපයක් ගියත් නිවෙසට නොපැමිණි බවත්, ඔහු ආගිය තැනක් සොයා ගන්නට නැති බවත්ය. එකල ජංගම දුරකතන පවා නොමැති යුගයකි.

බොරැල්ල පොලිසියට එම පැමිණිල්ල එදා බිරිය කර තිබුණාය. බොරැල්ල පොලිසියේ නිලධාරීන් කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ ඉංජිනේරුවරයාගේ වාහනය විදුලිබල මණ්ඩලයේ රථ ගාලේ ඇති බවයි. එදා උදෑසන රැකියාවට පැමිණීමෙන් පසු ඔහු අතුරුදන්ව ඇත්තේ වාහනය ආයතනය තුළ දමා බව ද පොලිසියට පෙනී ගොස් තිබුණි. මේ සම්බන්ධයෙන් පොලිසිය කළ විමර්ශනයේදී හෙළිවන්නේ ඔහු ඉංග්‍රීසි ලඝු ලේඛිකාව සමඟ අනියම් සම්බන්ධයක් ඇති කරගෙන සිටි බවත්, ඉංජිනේරුවරයා සමඟ ඇයත් අතුරුදන්ව ඇති බවත්ය. ඇගේ ලිපිනය සහ දුරකතන අංකය ඉංජිනේරුවරයා සිය දින පොතේ සටහන් කර තිබු බැවින් බොරැල්ල පොලිසිය ඒ ඔස්සේ අතුරුගිරිය පොලිසියෙන් එම ලිපිනය සම්බන්ධයෙන් යම් සොයා බැලීමක් කර තිබේ. එහිදී පෙනී ගොස් ඇත්තේ ඉංජිනේරුවරයාගේ අතුරුදන්වීමත් සමඟ එම නිවෙස වසා දමා එහි ජීවත්වූ අඹුසැමි යුවළ ද අතුරුදන්ව ඇති බවයි. ඒ අනුව දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන බැරලයක දමා ළිඳේ වළ දමා තිබු ඉංජිනේරුවරයාගේ මළ සිරුර ගොඩ ගෙන තිබුණි. එකල පුවත්පත්වල ප්‍රමුඛ පුවතක් බවට එම සිදුවීම පත්ව තිබී ඇත.

මේ අඹුසැමි යුවළ එකල ඉදිරිපත් කර ඇත්තේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයටයි. රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔවුන් දෙදෙනා මාස 06කට පසු ඇප මත නිදහස් කර තිබේ. ඒ 1990 වසරේදීය. එහිදී ඔවුන් ඇපකරුවන් ලෙස ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාජ පුද්ගලයන්ය. නම් ගම් පවා ව්‍යාජය. ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇප ගත් ඔවුන් එතැන් සිට ජීවත්ව ඇත්තේ සැඟවීය. අධිකරණයේ පැවති නඩු කටයුතු සඳහා ද ඔවුන් ඉදිරිපත්වී නැත. ඉංජිනේරුවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් ලඝු නොවන නඩු කටයුත්ත හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ මේ අඹුසැමි යුවළට නඩු පවරා ඇත. චුදිතයන් නොමැතිව නඩුව විභාගයට ගෙන එහි තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත්තේ 2019 වසරේදීය. ඒ ඔවුන් දෙදෙනාට මරණීය දණ්ඩනය නියම කරමිනි. එහිදී හෝමාගම මහාධිකරණය විසින් මේ අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විවෘත වරෙන්තුවක් ද නිකුත් කර තිබී ඇත.

මේ විවෘත වරෙන්තුව සම්බන්ධයෙන් අවධානය යොමු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් සම්පත්ට (70701) යම් තොරතුරක් ලැබෙන්නේ මේ යුවළ බණ්ඩාරගම පැත්තේ රැඳී සිටින බවටයි. ඒ සිය නම් ගම් පවා වෙනස් කරමින් අලුත් අනන්‍යතාවක් සහිතවයි. නිශ්චිතවම ඔවුන් ගැවසෙන ස්ථානයක් දැනගන්නට නොවූවත් පොලිස් සැරයන් සම්පත් ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයන්නට ගෙන ඇත්තේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ උපදෙස් හා අවසරය මතයි. එහිදී මේ අඹුසැමි යුවළගේ පවුලේ ඥාතීන් කිහිප දෙ‍ෙනකු හඳුනාගෙන ඒ අයගේ ජංගම දුරකතන පවා විශ්ලේෂණය කරමින් පැවති විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස වසර 33ක් පුරා කට්ටි පනිමින් සිටි අඹුසැමි යුවළ අතරින් මුලින්ම අත්අඩංගුවට ගනු ලබන්නේ බිරියවයි. ඒ පානදුර අළුබෝමුල්ලේදීය. මේ වන විට අවුරුදු 66ක් වයසැති ඇයට දරුවෙක් ද සිටියාය. රියැදුරු රැකියාවක නිරතව සිටින එම දරුවා ඒ වන විටත් සිය මවුපියන් මිනිස් ඝාතනයකට අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින බව දැන නොසිටියේය.

ඇගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ සැමියා විසින් තමාව රැගෙන රටපුරාම ගිය බවයි. සිය නම් ගම් ඇතුළු හැම දෙයක්ම වෙනස් කරගෙන පොලොන්නරුව, හිඟුරක්ගොඩ, හෝමාගම, කඩවත, මහනුවර ආදී ප්‍රදේශවල මේ වසර 33ක කාලයේ ජීවත්වූ බවත්ය. වැඩි කාලයක් එක ගමක රැඳී නොසිටි බව ද ඇය ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණාය. කුලී නිවාසවල මෙන්ම මුදලට ගත් නිවාසවල ද ජීවත් වූ බව ඇය පවසා තිබුණාය. ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පවසා තිබුණේ තමන් පොලිසියට හසුවේවි යැයි කිසිවිටෙකත් නොසිතූ බවයි. ඇගේ සැමියාද විවිධ රැකියාවල නිරතව ඇයවත් දරුවාත් නඩත්තු කර ඇති බව ද විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.

සැමියා නිවෙසේ වැඩිපුර නොගැවසුණු බවත්, අත්‍යවශ්‍ය කාරණාවකදී හැරුණු කොට නිවෙසට නොපැමිණෙන බවත් ඇය පොලිසියට පවසා ඇත. මේ වන විට ඔහු සැඟවී සිටින බවත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ කාන්තාවට අධිකරණයෙන් නියම කර ඇති මරණීය දණ්ඩනය අද (12) සිට බලාත්මක කරමින් අධිකරණය විසින් නියෝගයක් අද දිනයේ දෙනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු විශ්වාස කරති.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂකවරුන් වන පියල්, සිල්වා, කාන්තා උප පොලිස් පරීක්ෂක මානෙල්, පොලිස් සැරයන්වරුන් වන ගමගේ (40947), සම්පත් (70701) ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ වැටලීමට සම්බන්ධව සිට ඇත. -දිනමිණ

SendShareShare
Previous Post

විරෝධතා හමුවේ ඔන්ලයින් පනතට සංශෝධන 47ක් අද කැබිනට් එකට ගේන්න පොලිස් ඇමැති ලෑස්තියි! I Sri Lanka Latest News

Next Post

අනුරගේ ඉන්දියා ගමනට ජනාධිපතිවරයාගේ සම්බන්ධයක් නෑ! කටකතාවලට හරිනි දුන්න උත්තරේ මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.