• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෆොන්සේකා ගහන සජිත් ගත්ත ජෙනරාල් දයා රත්නායක නිකම්ම නිකමෙක්ද? කියවලා තීන්දු කරන්න I Sri Lanka Latest News

February 10, 2024
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රූපවාහිනී මාධ්‍යවේදියා(Sri Lanka Latest News)
ඔබතුමා මෙතෙක් හිටියේ කුමන දේශපාලන කණ්ඩායමකද? දැන් ඔබ අලුත් පක්ෂයකට සහාය දීමට තීරණය කරලා කියලා ප්‍රකාශ වෙනවා. කුමක්ද මෙම නව පරිවර්තනය?

හිටපු හමුදාපතිවරයා
අපට එහෙම විශේෂ පක්ෂයක් තිබුණේ නැහැ. එහෙත් යම් කණ්ඩායමකට අපි පසුගිය කාලයේ සහාය ලබාදුන්නා. දැන් අප යම් තීරණයකට පැමිණ තිබෙනවා සමගි ජන බලවේගය සමග එකතු වෙලා ඉදිරි ගමනක් යන්න.

රූපවාහිනී මාධ්‍යවේදියා
පසුගියදා ඔබගේ ෆේස්බුක් එකේ දාලා තිබුණා සමාවෙන්න කියලා ප්‍රකාශයක් ගැන. මොකක් හෝ යම් වැරැදීමක්ද සිදුවෙලා තියෙන්නේ?

හිටපු හමුදාපතිවරයා
අද සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ තිබෙන තත්ත්වය ඕක තමයි. අන්තර්ජාලයේ තිබෙන පරණ ප්‍රවෘත්ති අරගෙන මේ විදියට අලුත් ප්‍රවෘත්ති විදියට පළකරන එක හරිම කනගාටුදායකයි.

රූපවාහිනී මාධ්‍යවේදියා
ඔබතුමා කියන්නේ පක්ෂ මාරු කිරීමක් ගැන මෙසේ පළවූ පුවත අසත්‍යයක් යැයි කියන එකද?

හිටපු හමුදාපතිවරයා
ඔව් පැහැදිලිවම. සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මම ඔබ වගේ පහත් තත්ත්වයකට පත්වෙලා පුවත් පළකර ගන්න කෙනෙක් නෙවෙයි.

රූපවාහිනී මාධ්‍යවේදියා
ඒ කියන්නේ ඔබ තවමත් ඉන්නේ සමගි ජන බලවේගය සමගයි. පසුව පක්ෂ මාරුකිරීමක් නැවත කළේ නැහැ?

හිටපු හමුදාපතිවරයා
ඔව්, සමගි ජන බලවේගයට සම්බන්ධ වීමට අපි සම්පූර්ණ කැමැත්ත ප්‍රකාශ කළා. ඔවුන්ද එය භාරගෙන තිබෙනවා. එහෙත් තවම එම පක්ෂයේ ක්‍රියාකාරකම්වලට අපි අවතීර්ණ වුණේ නැහැ. ඉදිරියේදී එම කටයුතු සඳහා උපරිම සහාය එම පක්ෂයට ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

රූපවාහිනී මාධ්‍යවේදියා
ඒ වුණත් ඔබව සජබෙට ගන්න සුදුසු කෙනෙක් නෙවෙයි කියලා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කරලා තියෙනවා. ඔබ මේ ප්‍රකාශය ගැන කියන්නේ කුමක්ද?

හිටපු හමුදාපතිවරයා
ඒක එතුමාගේ පුද්ගලික අදහසක් නේ. ඔහු මගේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්, හමුදාපතිවරයෙක්. ඒත් මට මගේ විනයක් තිබෙනවා. මම ඔහු සමග තර්ක විතර්කයට යන්නේ නැහැ. ඒක ඔහුට ප්‍රශ්නයක් වුණාට මට ප්‍රශ්නයක් නෙවෙයි. මම ඕනෙ තරම් මගේ ජීවිතේ ජයග්‍රහණයන් ලබා තිබෙන පුද්ගලයෙක්. ඒ නිසා මම ඔය වගේ කතන්දරවලින් සැලෙන්නේ නැහැ. මේ අභියෝග මට එතරම් දෙයක් නෙවෙයි.

රූපවාහිනී නිවේදකයා
ඒත් මෙවැනි මත ගැටුම් තිබියදී දේශපාලන ගමනක් යන්නේ කොහොමද? ඔබ එම පක්ෂයට සම්බන්ධ වෙලා කටයුතු කරන්න ඕනේ නේද? කොහොමද මේ අර්බුදවලට මුහුණ දෙන්නේ?

හිටපු හමුදාපතිවරයා
ඒ පක්ෂයට නායකයන් ඉන්නවා. ඒ අය ඒ ප්‍රශ්න විසඳා ගනීවි. මට එම පක්ෂ නායකත්වය ඒ බව ප්‍රකාශ කරලා තියෙනවා. මේ වගේ ප්‍රශ්නවලට බය වෙලා ලැජ්ජා වෙලා හිටපු කාලය දැන් ඉවරයි. මේ වගේ ප්‍රශ්න විසඳාගැනීම ගැන එම පක්ෂ නායකතුමාත් පොරොන්දුවක් දී තිබෙනවා.

රූපවාහිනී මාධ්‍යවේදියා
ඔබට දේශපාලන වෙනසක් සිදුකිරීමට අවශ්‍යයි කිව්වා. මේ සඳහා මේ වෙලාවේ ඉන්නේ සජබෙ පමණක් කියලද ඔබ විශ්වාස කරන්නේ? තවත් පක්ෂ කිහිපයක්ම ඉදිරියට ඇවිත් තිබෙනවා නේද? ඉතින් සජබෙ විතරද මේ වෙනසට ඉන්න එකම දේශපාලන පක්ෂය?

හිටපු හමුදාපතිවරයා
ඔබ වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. විවිධ දේශපාලන පක්ෂ ගැන සමාජය තුළ බොහෝ අදහස් මතවාද තිබෙනවා. එහෙත් අපගේ විශ්ලේෂණයට අනුව දැනට දේශපාලන ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න කණ්ඩායම හැටියට සමගි ජන බලවේගය සඳහන් කරන්න පුළුවන්. ඉදිරියේදී මේ රටේ අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් එකම පක්ෂය සමගි ජන බලවේගය පමණක් බව ඒකමතිකව විශ්වාස කරනවා.

රූපවාහිනී මාධ්‍යවේදියා
ඔබට ඒ විශ්වාසය එහෙනම් තිබෙනවා?

හිටපු හමුදාපතිවරයා
ඔව් පැහැදිලිවම. සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂය ගැන අපේ පූර්ණ විශ්වාසය තිබෙනවා.

කුමක්ද මේ උද්වේගකර සංවාදය? මෙය පවසන්නේ කවරකු විසින්? මෙම සුවිශේෂ වගතුග අපට අසන්නට ලැබුණේ මෙයට දින කිහිපයකට ඉහතදීය. මෙම සංවාදයේ එක් කෙළවරක වූයේ ප්‍රකට රූපවාහිනී නාලිකාවක ප්‍රවීණ මාධ්‍යවේදියෙකි. අනෙක් කෙළවර වූයේ අප සමාජය හොඳින් හඳුනාගත් සුවිශේෂ මිනිසෙකි. ඔහු මෙහිදී මුලින් ඔබට හඳුන්වා දී ඇත්තේ හිටපු හමුදාපතිවරයකු වශයෙනි. තවත් විස්තර අවශ්‍ය නැත.

ඔහු නම් මෙරට යුද හමුදාවේ කලක් හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ජෙනරල් දයා රත්නායකය. අප රටේ සිටින දක්ෂතම සහ කීර්තිමත් හමුදා ප්‍රධානියකු ලෙස ඔහු ප්‍රකටය. වසර ගණනාවක් පුරා මෙරට පැවැති වාර්ගික යුද්ධයේදී සුවිශාල මෙහෙවරක නිරත වූ රණවිරුවකු ලෙසද ඔහු ප්‍රකටය. ජෙනරල් දයා රත්නායක යනු කවරෙක්දැයි තවත් වැඩිදුර විස්තර කියන්න ප්‍රථම එසේ නම් ඔහු ගැන මෙයට දින කිහිපයකට පෙර අසන්නට ලැබුණේ කිනම් වගතුගක්ද? එනම් හිටපු යුද හමුදාපතිවරයා ඉදිරියේදී මෙරට තිබෙන ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන සමගි ජන බලවේගය සමග එක්ව කටයුතු කරන බවට කරුණු ප්‍රකාශ විය.

මෙම පක්ෂයේ නායකත්වය දරන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය. මෙහිදී ජෙනරල් දයා රත්නායක මහතා විසින් සමගි ජන බලවේගයට එක්වීමේ තම කැමැත්ත සජිත් ප්‍රේමදාස මහතා වෙත ඉදිරිපත් කරන ලද අතර, ප්‍රේමදාස මහතාද එයට තම කැමැත්ත ලබාදුන්නේය. එහිදී දයා රත්නායක මහතාට සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත්කිරීමටද විපක්ෂ නායකවරයා කටයුතු කළේය. මෙම පක්ෂ ආගමනය ගැන හිටපු හමුදාපතිවරයකු වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විරුද්ධත්වය ප්‍රකාශ කළ අතර, සිදුවීම දැඩි ලෙස විවේචනයට ලක් කළේය.

ඉහත මාධ්‍ය සංවාදය දිගහැරෙන්නේ මෙවැනි වටපිටාවක් යටතේය. මෙම සිදුවීමේදී යම් සමාජ මාධ්‍යයක් විසින් වාර්තා කර තිබුණේ ජෙනරල් දයා රත්නායක සමගි ජන බලවේගයට සම්බන්ධ වී දින කිහිපයක් ඇතුළත නැවතත් ඉන් ඉවත්ව වෙනත් නව පක්ෂයකට සම්බන්ධ වුණු බවය. මෙය දැඩි සමාජ ආන්දෝලනයක් ඇතිකරන පුවතක් බවට පත්විය. දිනයක් ඇතුළතදී දැනගන්නට ලැබුණේ එම පුවත සම්පූර්ණ අසත්‍යයක් බවය. මෙයට පෙර පසුගිය වසරේදී සිදුවූ යම් සිදුවීමක වැරැදි ඡායාරූපයක් භාවිත කරමින් ඉහත පුවත නිර්මාණය කර ඇති බවට කරුණු හෙළි විය.

පසුව සත්‍ය තත්ත්වය අවබෝධ වන්නට ගත්තේය. ඉන් පසුව සමගි ජන බලවේගයද එමෙන්ම එම සිදුවීමෙහි සඳහන් අනෙක් නව දේශපාලන පක්ෂයද නිවේදන ප්‍රකාශ කරමින් කියා සිටියේ සමාජ මාධ්‍යයෙහි සඳහන් වූ පුවත සහ සේයාරූ මුළුමනින්ම නිර්මාණය කරන ලද අසත්‍ය එකක් බවය. මේ ආකාරයේ සමාජ මාධ්‍ය තුළ පළකෙරෙන විවිධ පුවත්වල නිරවද්‍යතාව යම් විමර්ශනයක් හරහා සොයා බලා සත්‍යය වාර්තා කරනු ලබන ප්‍රකට වෙබ් අඩවියක් වන ‘ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ’ (fact crescendo) විසින් මේ සිදුවීම ගැන විමර්ශනයක් සිදුකර තිබිණි.

එහි සියලු විස්තරද එම වෙබ් අඩවිය තුළ වාර්තා කර තිබුණු අතර, අවසාන නිගමනය වූයේ යට කී පුවත මුළුමනින්ම අසත්‍යයක් බවය. මේ ආකාරයට වර්තමාන සමාජය තුළ සමාජ මාධ්‍ය විසින් සිදුකරනු ලබන විනාශයන් බොහෝය. සමහර පාර්ශ්ව මෙය හඳුන්වා දී තිබුණේ දේශපාලනික ඊර්ෂ්‍යාව ලෙසිනි. මෙලෙස අලුත් දේශපාලන ගමනක් යන්නට සැරසෙන හිටපු හමුදාපති ජෙනරල් දයා රත්නායක යනු සැබැවින්ම කවරෙක්ද? ඔහුගේ ජීවන වගතුග සොයා බලමු.

කුරුණෑගල මලියදේව මහා විද්‍යාලයේ ආදි සිසුවකු වූ ජෙනරල් දයා රත්නායක ශ්‍රී ලංකා යුද හමුදාවට මුලින්ම බැඳී ඇත්තේ 1981 වසරේදීය. ඒ, සාමාන්‍ය කැඩේට් නිලධාරියකු වශයෙන් වන අතර, පසුව පුහුණුව නිම වීමෙන් ඔහු දෙවැනි ලුතිනන්වරයකු ලෙස පත්වීමක් ලැබීය. එතැන් සිට ඔහු 2015 වසර දක්වාම නොකඩවා වසර 35ක් ශ්‍රී ලංකා යුද හමුදාවේ නොයෙකුත් තනතුරු රැසක් දැරීය. ඔහුගේ හමුදා ජීවිතයේ කූටප්‍රාප්තිය උදා වන්නේ යුද හමුදාවේ ඉහළම නිලය වන යුද හමුදාපති ධුරයට පත්වීමෙනි.

ජෙනරල් රත්නායක 1981-2015 දක්වා ගෙවුණු තම යුද හමුදා ජීවිතයේදී අතිශය සංක්‍රාන්තිමය සමය පසුකරනු ලබන්නේ 2005 සිට 2015 දක්වා ගෙවුණු කාල සමයේදීය. එනම් එම වසර 10ක කාලය තුළ මෙරට රාජපක්ෂ ජනාධිපති පාලන සමය ගතවූ අතර, එම රජය එවිට වාර්ගික සිවිල් යුද්ධයට අවතීර්ණ වී සිටි උච්චතම සමයකි. එසේම එම වටපිටාවේදී 2009 වසරේදී කුරිරු එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්ත සංවිධානය පරදවමින් රජය මුළුමනින්ම යුද්ධය අති සාර්ථකව ජයග්‍රහණය කළේය.

එම යුද ජයග්‍රහණය සඳහා තම ලේ කඳුළු දහදිය කැපකරමින් කටයුතු කළ ප්‍රධානම හමුදා සෙන්පතියකු වූයේ ජෙනරල් දයා රත්නායකය. ඔහුගේ එම මහා කැපවීම සමාජයේ බොහෝ දෙනකු දන්නා අතර, ඒ වගතුග මෙහි දීර්ඝව කියන්නට අවශ්‍ය නොවේ. ඔහුගේ එම මහා මෙහෙවර වෙනුවෙන් සම්මාන, කීර්ති නාම රැසකින් ඔහු පිදුම් ලබා ඇත. ‘වීර වික්‍රම විභූෂණ’, ‘රණ වික්‍රම’, ‘රණ ශූර’, උත්තම සේවා’, ‘දේශපුත්‍ර’ ආදී කීර්ති නාම රැසක් ඔහු හිමිකරගෙන ඇත. ජෙනරල් දයා රත්නායක යුද හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගිය පසු කර්මාන්ත අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයා ලෙස සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කළේය.

ජෙනරල් දයා රත්නායක යනු ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍යය, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල ඇති යුද හමුදා උසස් අධ්‍යාපන ආයතන යටතේ යුද පුහුණුව ලබා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. පසුගිය කාලයේ යුද හමුදාපති ධුරය දරන විටදී ඔහු තම හමුදා සාමාජිකයන් අතර බොහෝ ප්‍රශංසාවට ලක්වූ අයකු විය. හමුදා සාමාජිකයන්ගේ සුබසාධනය ගැන ඔහු සුවිශාල මෙහෙවරක් සිදුකළ පරිපාලකයකු ලෙසද ප්‍රකටය. හමුදා සේවයෙන් පසුවද ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිත්වය දරද්දී එම ආයතනයේ සේවකයන් අතර මහත් ප්‍රකටත්වයට පත්විය. වරායේ පරිපාලන කටයුතු ඔහු බොහෝ උසස් බුද්ධියකින් සිදුකළ බවට කරුණු ප්‍රකාශ විය. මේ ආකාරයට ජෙනරල් දයා රත්නායක මහතා සිදුකර ඇති මෙහෙවර විශිෂ්ටය. ඒ සියල්ලක්ම ලියන්නට මේ ලිපිය කිසිසේත්ම ඉඩකඩ මදිය.

පසුගියදා ජෙනරල් දයා රත්නායක මහතා සමගි ජන බලවේගයට සම්බන්ධ වූ විට ඔහුට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් එල්ලවූ විරෝධය ගැන සිදුවූ අලුත්ම සිදුවීමට අදාළව තවත් අලුත්ම පුවතක් වාර්තා වී ඇත. එය නම් සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකළ නවතම ප්‍රකාශයකි. ඉහත සිදුවීමට ඔහු දැඩි ආවේගයකින් යුතුව ප්‍රතිචාර දක්වා ඇත්තේ මෙසේය. එය නිර්භය වදන් පෙළකි.

‘අපගේ පක්ෂය විසින් (කෘත්‍යාධිකාරී මණ්ඩලය) ගන්නා තීන්දු තීරණ විවේචනය කරන පිරිස්වලට එරෙහිව තරාතිරම නොබලා විනය ක්‍රියාමාර්ග අපි ගන්නවා. ඒ අනුව විවිධ පුද්ගලයන් පක්ෂයට නොගන්නා ලෙසත්, එලෙස ගතහොත් ඔවුන් ඉවත්ව යන බවටත් ප්‍රකාශ සිදුකරන බවත්, එසේ නම් එවැනි පුද්ගලයන්ට පක්ෂයෙන් ඉවත්ව යා හැකි බවත් අපි ප්‍රකාශ කරනවා. අපගේ අභිප්‍රාය පක්ෂය ශක්තිමත් කර මැතිවරණය දිනාගැනීමයි….’

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

පාතාලයේ 85%ක් ඉවරයි! Sri Lanka Latest News

Next Post

බාලවයස්කාර අපයෝජනයක්ද? 109ට කතා කරන්න! Sri Lanka Latest News

MORE NEWS

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

Load More
රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෂිනි රංගිකා ඈපාආරච්චි සිය උපාධිය නිමකරන්නේ එහි ඉහළම දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන රන් පදක්කම් 30න් 16ක්ම දිනාගෙන....

Read more
ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.