පොලිසිය සහ ආරක්ෂක හමුදා ඒකාබද්ධව සිදුකරගෙන යන ‘යුක්තිය’ මෙහෙයුමේදී පසුගිය කාලයේ සිදුව ඇති සියලු පාතාල ක්‍රියාකාරකම්වලට අදාළ ප්‍රධාන පෙළේ සැකකරුවන්ගෙන් 85%කට අධික සංඛ්‍යාවක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ‘මව්රට’ට පැවැසීය.
හම්බන්තොට ප්‍රදේශයේදී මෑතකදී සිදුවූ පාතාල වෙඩිතැබීමට අදාළ ප්‍රධාන පෙළේ සැකකරුවකු පමණක් රටින් පැනගොස් ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය ඉල්ලා ඇති බවත් පොලිස්පතිවරයා සඳහන් කළේය.
මේ අතර, යුක්තිය මෙහෙයුමට සමගාමීව පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන්ට හිරිහැර වන අන්දමට හැසිරෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්ද පසුගිය බදාදා සිට ආරම්භ කොට ඇති බවයි ඔහු සඳහන් කළේ. එහිදී 18 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වෙද්දී පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහායකයන් කුලී නිවෙස් සොයමින් සැඟවී යෑමේ සැලසුමක් ඇති හෙයින් නිවෙස් කුලියට දීමේදී ප්‍රවේශම් වන ලෙසත් ඒ ගැන සොයා බලා සැක සහිත පුද්ගලයන්ට නිවාස කුලියට දීම ප්‍රතික්ෂේප කරන ලෙසත් පොලිස්පතිවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ පිළිබඳ සෑම පොලිස් ස්ථානයක්ම විමසිල්ලෙන් පසුවන ලෙසද දැනුම් දී ඇත.
ප්‍රේමලාල් විජේරත්න











