• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපවත් වෙලත් පන්සලේ ඉන්න හාමුදුරුවරු I Sri Lanka Latest News

February 9, 2024
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තණ්හාවෙන් භරිත වෙච්ච මිනිස්සුන්ට ජීවිතේ ඇත්ත කතාව කියලා දෙන අපූරු තැනක්…

අප රටේ තිබෙන ආරණ්‍ය සේනාසන අතරින් එක් සුවිශේෂ සෙනසුනක් පිළිබඳවයි මේ ලිපියෙන් ඔබට කියන්නේ. මෙම සෙනසුන පිහිටා තිබෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්තල ප්‍රදේශයේ. එහි නම ‘මල් අස්න බුදුරුවගල ආරණ්‍ය සේනාසනය’යි.(Sri Lanka Latest News) එහි භාවනානුයෝගීව පිළිවෙත් පුරන ස්වාමින්වහන්සේ නමක් අපවත් වූ විට උන්වහන්සේගේ දේහය ආදාහනය නොකර විශේෂ කුටියක තැන්පත් කර තැබීම මෙම සෙනසුනේ විශේෂත්වයයි.

මල් අස්න බුදුරුවගල ආරණ්‍ය සේනාසනයේ වැඩසිට අපවත්වූ හිමිවරුන් විශාල ප්‍රමාණයකගේ දේහයන් අදටත් එහි වූ විශේෂ කුටිවල දැකගන්නට ලැබෙනවා. දිරාපත්ව, ඇටකටු මතුවූ එම දේහයන් දකින ඕනෑම කෙනකුට මනුෂ්‍ය ශරීරයේ යථා ස්වභාවය ගැන අංශු මාත්‍ර හෝ අවබෝධයක් ඇති කරගැනීමට හැකියාව ලැබෙනවා. බොහෝ දෙනකු අසා දැක නැති මෙම අපූරු ස්ථානය ගැන කියැවෙන තොරතුර අපි උපුටා ගත්තේ Trip Pisso යූටියුබ් නාලිකාවෙන්.

දැන් අපි ඇවිත් ඉන්නේ මල් අස්න බුදුරුව ගල ආරණ්‍ය සේනාසනයේ මෘත ශරීර තැන්පත් කර ඇති ස්ථානයට. එකිනෙකට යාවෙන සේ නිර්මාණය කර ඇති එම කුඩා කුටීරවල එක් පැත්තකට වීදුරුවක් සවිකර තිබෙනවා. ඒ, මෘත දේහය දිරාපත් වන ආකාරය පිටතින් බලන කෙනකුට පැහැදිලිව දැකගන්නට ලැබීම සඳහායි. සෑම කුටීරයකම ස්වාමින්වහන්සේ නමකගේ නමක් සඳහන් කර ඇති අයුරුද දැකගත හැකියි. ඉන් කියැවෙන්නේ එම කුටීරයේ තැන්පත් කර ඇත්තේ අදාළ නම සහිත ස්වාමින්වහන්සේගේ දේහය බවයි.

මෙම මෘත ශරීර තැන්පත් කිරීම පිළිබඳ වැඩිදුර තොරතුරු අපට සඳහන් කළේ අපට එහිදී මුණගැසුණු ස්වාමින්වහන්සේ නමක්.

‘මේ සෙනසුනේ වැඩසිටින ස්වාමින්වහන්සේ නමක් අපවත් වුණාම උන්වහන්සේගේ දේහය මේ වීදුරු කුටියක තැන්පත් කරනවා. රැවුල් කොණ්ඩා කපලා තමයි තැන්පත් කරන්නේ. එම්බාම් කරන්නේ නැහැ. අඩියක විතර අළුහුණු තට්ටුවක තමයි දේහය තැන්පත් කරන්නේ. දවස් 21ක් යනතුරු දේහයෙන් ඕජස් ගලනවා. කොණ්ඩා රැවුල් පවා වැවෙනවා. දවස් 21 වෙද්දී දර ගොඩක් වගේ වෙනවා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ යම් කෙනෙක් මියගියාම ආදාහනය කළේ නෑ. දේහය රෙදිකඩක ඔතලා අමු සොහොනට ගෙනිහින් දැමීම තමයි කළේ. ඒ දේහය දිහා බලාගෙන පිළිකුල් භාවනාව වඩලා එකල බොහෝ ස්වාමින්වහන්සේලා මාර්ගඵල ලැබුවා. එක රැයක් එළිවෙද්දී අරහත්වයට පත්වුණා ඇතැම් ස්වාමින්වහන්සේලා. නමුත් අද අමු සොහොන් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ ආදාහනාගාරය. එහෙමත් නැත්නම් අඩි 6ක් යට වළදැමීම. ඒ නිසා, මෙහි වැඩසිටින ස්වාමින්වහන්සේලාට ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න උපකාර පිණිස තමයි මල් අස්න ආරණ්‍ය සේනාසනයේ නායක ස්වාමින්වහන්සේ තීරණය කළේ අපවත් වන ස්වාමින්වහන්සේලාගේ දේහයන් මේ විදියට තැන්පත් කරන්න ඕනේ කියලා.

මේ ස්ථානය ගිහි පැවිදි බොහෝ අය ඇවිල්ලා දැකබලාගෙන යනවා. නමුත් සමහරු නම් එන්න බයයි. හොල්මන් තියෙනවා කියලා සමහරු කියනවා. ඒ නිසා හවස 6න් පස්සේ කවුරුවත් මෙතැනට එන්නෙ නෑ. මෙතැන ලයිට් නෑ. අඳුරු ස්වභාවයෙන්ම තමයි නිතරම තියෙන්නේ. සමහර මෘත ශරීර තියෙනවා අවුරුදු 15ක් විතර පරණයි. ඒ සිරුරු දිරාගිහිල්ලා ඇට සැකිල්ල විතරයි තියෙන්නේ.

එක ස්වාමින්වහන්සේ නමකගේ දේහයක් තියෙනවා. උන්වහන්සේ හවස 5ට විතර වැවට නාන්න ගිය අතරේ අලියෙක් පහර දීලා තමයි අපවත් වුණේ.

වවුල්ලු එහෙම ඉන්නවා. ගුප්ත බවක් තමයි හැම වෙලාවෙම මේක ඇතුළේ තියෙන්නේ. අපටත් දවසක සිදුවෙන්නේ මේ මෘත දේහවලට වෙලා තියෙන දේම තමයි. ඒක නොදැන කටයුතු කරන හින්දා තමයි අද අපේ රටේ මේ තරම් අපරාධ වැඩිවෙලා තියෙන්නේ. තණ්හාවෙන් භරිත වෙලා හම්බකරන මිනිස්සු පිරිසක්නේ රටේ ඉන්නේ. මැරෙන්නේ නෑ කියලා හිතාගෙන. එවැනි අයට මේක හරි වැදගත් වෙනවා. මම හිතනවා ඒ නිසා, මෙවැනි තැනක් හැම පන්සලකම තියෙන්න ඕනේ කියලා. ජීවිතේ යථා ස්වභාවය හැමෝටම දැකගන්න පුළුවන් එතකොට.

Trip Pisso යූටියුබ් නාලිකාවෙනි.

SendShareShare
Previous Post

ෆීල්ඩ් මාෂල් කෙනෙක් විදිහට හැසිරෙන්න! ලාන්ස් කෝප්‍රල් කෙනෙක් විදිහට වැඩ කරන්න එපා! සජබෙ තුෂාර‌ ඉදුනිල්ගෙනුත් ෆොන්සේකාට තව ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

කඳ බඩ තිබ්බට මීහරක් බලාගත්ත අයට කෝච්චිවල වඩේ විකුණනවා වගේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ හැසිරෙන්න දෙන්න එපා! කතානායකතුමාට මන්ත්‍රී රෝහණ බණ්ඩාරගෙන් පැමිණිල්ලක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.