හෙට දිනයේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට සූදානමින් සිටින පාකිස්තානය තුළ, පක්ෂ කාර්යාල දෙකක් ආසන්නයේ සිදු වූ බෝම්බ පිරිරීම් දෙකකින් පුද්ගලයන් විසි හයදෙනකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Sri Lanka Latest News
මේ මොහොත තුළ පාකිස්තානයේ වඩාත්ම ජනප්‍රිය දේශපාලන චරිතය බවට පත්ව සිටින ඉම්රාන් ඛාන් සහ ඔහුගේ පක්ෂයට එරෙහිව දැවැන්ත මර්දනයක් දියත් කර තිබෙන පසුබිමක, හෙට පැවැත්වෙන මැතිවරණය සාධාරණ එකක් වේවි යැයි විශ්වාස කළ නොහැකි බව බොහෝ දෙනාගේ අදහසයි.
පුපුරා ගිය බෝම්බ පිපිරී ඇත්තේ, හෙට පැවැත්වෙන මැතිවරණය සදහා තරග වදින අපේක්ෂකයන් දෙදෙනෙකුගේ පක්ෂ කාර්යාලයක් ඉලක්ක කරගනිමිනි.
පළමු බෝම්බ පිපිරීම, ඇෆ්ගනිස්ථාන දේශ සීමාවේ පිහිටා ඇති පාකිස්තානයට අයත් පිෂීන් නමැති දිස්ත්‍රික්කයේ සිදුව ඇති අතර, අනෙක් බෝම්බ පිපිරීම සිද්ධ වී ඇත්තේ Qilla Saifullah ප්‍රදේශයේ ය.
මෙම බෝම්බ ප්‍රහාර දෙකෙන් පුද්ගලයන් විසි හය දෙනෙකුවත් මිය යන්නට ඇතැයි ගණන් බලා තිබේ.











