ප්‍රේමදාසවරුන් කළ රාජකාරී සම්බන්ධයෙන් ආචාර්ය නාලක ගොඩහේවා මහතා සිය ෆේස්බුක් පිටුවේ අපූරු සටහනක් තබා තිබිණ.Sri Lanka Latest News
එම සටහන මෙසේය.
…විපක්ෂයේ සිට වැඩ කිරීම…
තරුණයන් ලෙස විශ්ව විද්‍යාලයේ හිටපු කාලයේ අපට පාලකයන් පෙන්නන්නට බැරිය.
ආර් ප්‍රේමදාස මහතා රටේ ජනාධිපති ලෙස පත්වූයේ මා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුපීඨයේ ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනය ලබන කාලයේය. ඔහු බලයට එන විටත් උතුරේත් දකුණේත් කැරලි දෙකක් උත්සන්න වී මහා භීෂණයක් රට පුරා පැතිරී තිබුනි.
“මට බාර ගන්න උනේ දෙකොන ගිනිගන්න විලක්කුවක්” කියා නව ජනාධිපතිවරයා කීවේ ඒ නිසාය.
ආර් ප්‍රේමදාස මහතාගේ වසර 4 ක පාලන කාලයේ අවසාන වසර 3 තුනක කාලය තුල උතුරේ යුද්ධය දිගටම පැවතියද දකුණේ කැරැල්ල අවසන් වී තිබුණ නිසා එය රට වේගයෙන් සංවර්ධනය වූ කාලයක් බව ආර්ථික දත්ත විශ්ලේෂණයෙන් පෙනී යයි.
තරුණයන් වූ අප බොහෝ දෙනෙකුට ඒ කාලයේ රටේ පාලකයා ගැන පැහැදීමක් තිබුනේ නැත. විශේෂයෙන්ම නිතර රූපවාහිනියෙන් හා රේඩියෝවෙන් ඇසෙන ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ දීර්ඝ දේශණ කන්දොස්කිරියාවක් ලෙස සැලකූවා මිස ඒවායේ හරයක් තේරුම් ගැනීමට ඒ කාලයේ අප උත්සාහ කලේ නැත.
මා ලංකාවේ හිටපු රාජ්‍ය නායකයන් ගැන බොහෝ පොත් පත කියවන්නටත් ඔවුන්ගේ සාර්ථකත්වයන් අසාර්ථකත්වයන් ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්නටත් පටන් ගත්තේ පසුකාලීනවය. මේ නායකයන් අතර ප්‍රේමදාස චරිතය ගැන මම විශේෂයෙන්ම අධ්‍යයනය කලේ ඔහුගේ කෙටි රාජ්‍ය පාලන කාලය මුලින්ම ව්ශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස හා ඉන්පසු තරුණ වෘත්තිකයෙක් ලෙස අත් දැක තිබුන බැවිනි.
එදා අපට වදයක් වූ ආර් ප්‍රේමදාස මහතාගේ දීර්ඝ දේශණ හරහා රටේ ආර්ථිකය පිළිබඳව ඔහු තුල වූ දැක්ම සාමාන්‍ය ජනතාවට තේරුම් කර දෙන්නට දැඩි උත්සාහයක් දරා ඇති බවත් ඔහු විශ්වාස කල බොහෝදේවල් එද දේශපාලන ප්‍රතිවාදින්ගේ බරපතල විහිලුවට, අපහාස, උපහාස වලට ලක් වුනත් පසුකාලීනව රටේ ආර්ථිකයට හිතකර ප්‍රතිපල ගෙන දුන් බවත් මට වැටහෙන්නට පටන් ගත්තේ මේ අධ්‍යයනයන් හරහාය. උදාහරණයක් ලෙස ඔහු ලංකාවට හඳුන්වාදුන් ඇඟලුම් කර්මාන්තය අදත් ලංකාවේ ප්‍රධාන විදේශ ආදායම් මාර්ගයයි. දුප්පත් ජනතාව වෙනුවෙන් ඔහු හඳුන්වා දුන් ‘ජන සවිය’ වැඩ සටහන පසු කලක සමෘධිය ලෙස නම්වී, දේශපාලනීකරණය වී, ආයාලේ ගියද ඉදිරි රජයකට වුවද නැවත සලකා බලන්නට අත්‍යාවශ්‍යයෙන්ම සිදුවන ප්‍රායෝගික විසඳුමක් ඒ තුල ඇත.
ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලනය ගැන එදා මට බොහෝ විවේචන තිබුනි. අදද මට යම් විවේචන ඉතුරුව ඇත. නමුත් මධ්‍යස්ථව විමසා බැලුවොත් ඔහු තම පාලනය ගෙන ගියේ ඉතා සංකීර්ණ තත්වයන් යටතේ බව පිළිගන්නට සිදුවේ.
1989 -1993 කාලය තුල ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයා කඩියෙකු මෙන් කඩිසරව වැඩ කල බව පෙනේ. පාන්දර 3 සිට මහ රෑ වන තුරු ඔහු වැඩ කල හැටි ගැන බොහෝ විස්තර පොත පතෙහි ඇත.
හිටපු ජනාධිපතිවරයා ගැන මේ ඉතිහාසය මට මතක් වූයේ ඊයේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ගාළු දිස්ත්‍රික්කයේ සජබ ප්‍රාදේශීය සංවිධයක වරුන්ගේ රැස්වීමක ( ජවය වැඩසටහන) ආරාධිතයෙක් ලෙස මුලසුනේ වාඩි වී සිටියදීය.
සජිත් ප්‍රේමදාස මහතා ඒ රැස්වීම ආවේ ගාලු දිස්තික්කයේ සමාජ සත්කාරක වැඩසටහනක් අවසන් කොටය. පැයක පමන කාලයක් රැස්වීමේ ගත කල ඔහු යලි පිටත්ව ගියේ තවත් සමාජ සත්කාරක වැඩ සටහනකය. පාසැල් දරුවන්ට සුහුරු පංතිකාමර (SMART Class Rooms) සඳහා තාක්ෂණික උපකරණද, රෝහල් සඳහා අත්‍යාවශ්‍ය බෙහෙත් හා වෛද්‍ය උපකරණද, දරුවන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා පාසැල් වලට බස් රථද ලබා දෙමින් ඔහු නොනැවතෙන සමාජ මෙහෙවරක යෙදී සිටින්නේ පාර්ලිමේන්තුව තුල විපක්ෂ නායක කාර්ය භාරයද, පක්ෂය තුල දේශපාලන නායකත්වය සැපයීමේ කාර්ය භාරයද විශාල කැප වීමකින් ඉටු කරමිනි. පියාගේ කඩිසර බව හා කාර්යක්ෂම බව ඔහුටද ලැබී ඇති බව ඉතා පැහැදිලිය.
රාජ්‍ය බලයක් නොමැතිව අධ්‍යාපනයට හා සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් කෝටි ගනන් වටිනා මේ උපකරණ විපක්ෂ නායකවරයා ලබා දෙන්නේ කෙසේදැයි මම සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩසටහන් සම්බන්ධීකරණය කරනා මිතුරෙක් ගෙන් ඇසුවෙමි. ඔහු කීවේ ඒ මුදල් විවිධ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙනා බවයි. කිසි විටක මුදල් බාර නොගන්නා බවත් පරිත්‍යාගශීලීයා විසින් එකඟ වූ උපකරණ හෝ බස් රථය ඍජුවම එය අවශ්‍ය රෝහලට හෝ පාසැලට බාර දී කුවිතාංසියක් ලබා ගත යුතු බවත් ඔහු පැවසීය. මේ සියල්ල ඉතා පාරදෘෂ්‍ය ආකාරයකට සිදුවන බව ඒ පරිත්‍යාගශීලීන් අත්දැකීමෙන් දන්නා නිසා නැවත නැවත විපක්ෂ නායක වරයාගේ සමාජ සත්කාරක වැඩසටහන් වලට උදව් කරන්නට ඔවුන් මැලි නොවෙනා බවත් ඔහු පෙන්වා දූන්නේය.
“අපේ ලොක්කට ලැබෙන හැම සතයම යොදවන්නේ සමාජයට උදව්වක් කරන්න මිස දේශපාලන වැඩ වලට නෙමෙයි. අර සමහර අයට වගේ අපේ party එකට දේශපාලනය කරන්න ලොකුවට funds නැත්තේ ඒකනේ” ඔහු තව දුරටත් පැවසීය.
පසු ගිය ආර්ථික අර්බූධයත් සමග අපේ රටේ දුප්පත් කම දෙගුණ තෙගුණ වී ඇත. රට ආර්ථික අර්බූධයෙන් ගොඩ ගැනීමට විසඳුම් ඉදිරිපත් කරනා අතරම නායකයන් මිනිසුන්ගේ අවශ්‍යතාවන් ගැන සංවේදී වීමද අත්‍යාවශ්‍ය වේ. වර්ථමානයේ රට පාලනය කරන්නන් තුල නැත්තේ ඒ සංවේදී බවයි.
විපක්ෂ දේශපාලනඥයින්ද සාතිශය බහුතරය විපක්ෂයේ සිට කරන්නේ විවේචනය පමනි. ජනතාව ගැන සංවේදී නායකයන් ඉන් ඔබ්බට යා යුතුය. ඒ නිසා විපක්ෂයේ සිටියදීත් නොනැවතී සමාජ සත්කාරයේ යෙදෙන්නට සජිත් ප්‍රේමදාස මහතා ගන්නා උත්සාහය අගය කිරීම සඳහා මේ සටහන තබමි.










