නාරම්මලදී ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් ලොරි රථ රියදුරෙකු මියයෑමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරින් ගමන්ගත් යතුරුපැදිය ව්‍යාජ අංක තහඩු සවිකර භාවිත කළ එකක් බව හෙළි වී ඇත.Sri Lanka Latest News
කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට ඒ බව වාර්තා කර තිබේ.
2007 වසරේදී අලෙවිසලකින් මිලදී ගෙන ඇති එම යතුරුපැදිය මේ වන තෙක් ලියාපදිංචි කර නොමැති බව වැඩිදුරටත් අනාවරණ වී ඇත.
සිද්ධියට සම්බන්ධ සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා ලබන 16 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර අනෙක් පොලිස් නිලධාරියාගේ විදෙස් ගමන් තහනම් කෙරිණි.










