• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොර බෝධිසත්වවරු මතුවෙන කාලේ මේ ඉන්නේ ඇත්තම බෝධිසත්වද? I Sri Lanka Latest News

February 1, 2024
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඩොලර් බිලියන 9.5ක දේපොළක් තියෙනවා… ලංකාවේ උපන් තාත්තා මැලේසියාවේ දෙවැනි ප්‍රධානතම ධනකුවේරයා… පැවිදි ජීවිතයේ දැන් අවුරුදු 20ක් සම්පූර්ණ කළා…

මාධ්‍යවේදියා(Sri Lanka Latest News)
ඔබවහන්සේගේ ජීවිතය වරක් සමාජය විසින් හඳුන්වා දී තිබුණේ ඔබ නූතන ලෝකයේ සිද්ධාර්ථ ගෞතම විදියටයි. එකල බුද්ධත්වය පතා ගිය සිද්ධාර්ථ කුමාරයාත් තමන්ගේ ගිහි ගෙයින් නික්මිලා ගියේ තමන්ගේ පරම්පරාවට අයත් මහා ධන නිධානයක් අතහැරලා. මේ විදියට පසු සමාජයේදීත් ධනවත් පවුල්වල දරුවන් ගිහිගෙය අතහැර යනවා අප දැකලා තියෙනවා. එහෙත් ඔබගේ කතාව ඊට වඩා බොහෝ වෙනස් එකක්. ඔබ මැලේසියාවේ සිටින දෙවැනි මහා ධනකුවේරයාගේ පුතා. ඔබ තායිලන්තයේ ආරණ්‍ය සේනාසනයක බණ භාවනා කරන්න ගියේ කෝටි දහස් ගණනක දේපළක් අතහැරලා?

පූජ්‍ය අජාන් සිරිපාන්යෝ හිමි
ඒ අතිඋත්තම සිද්ධාර්ථ ගෞතම විදියට මා හඳුන්වා දීම අවශ්‍ය නැහැ. එහෙත් සැබෑ ලෙසම මනුෂ්‍ය ජීවිතයේ නිසරුභාවය ගැන කලකිරී තමයි මම පැවිදි වන්නට තීරණය කළේ. මගේ මවුපියන්ට තිබෙන ධනවත්කම් ගැන ලෝකයම දන්නවා. එහෙත් මට ඒවායින් වැඩක් නැහැ. පිරිසිදු ථෙරවාදී බුදු දහම අවබෝධ කරගෙන ඒ අනුව ජීවත් වීමයි මගේ ප්‍රාර්ථනය. ඒ සඳහා මම සියලු සැප සම්පත් අතහැරලා දාලා ආවා. වන සෙනසුනක ආරණ්‍යගතව බෞද්ධ භාවනාවන් සිදුකරමින් ජීවත්වීම තරම් සතුටක් මට තවත් නැහැ. ඒ අතරේ මම ලබාගන්නා බොදු දැනුම අනෙක් අයටත් ලබාදීමට කටයුතු කරනවා.

මාධ්‍යවේදියා
ඔබවහන්සේ පැවිදි ජීවිතයට පිවිසිලා දැනට වසර 20ක පමණ දීර්ඝ කාලයක් ගතවෙලා. ඔබ බොහෝ ප්‍රකටව මෙම කාලය තුළදී ධර්ම ප්‍රචාරක කටයුතු සිදුකරනවා. ඔබට දස දහස් ගණනින් අනුගාමිකයන්ද සිටිනවා. මෙම අතීතය තුළ ඔබගේ ශාසනික මෙහෙවර කුමන එකක්ද? එසේම ඔබවහන්සේ මෙම ජීවිතයට මුලින්ම පිවිසියේ කුමන වටපිටාවක් යටතේද?

පූජ්‍ය අජාන් සිරිපාන්යෝ හිමි
මගේ තාත්තා මුලින්ම ශ්‍රී ලාංකික සම්භවයක් තිබුණු මැලේසියානු ජාතිකයෙක්. මගේ අම්මා තායිලන්ත ජාතික කාන්තාවක්. මේ අනුව මම මැලේසියාවේ හිටියත් අම්මාගේ රට වන තායිලන්තයටත් බොහෝ පිය කළා. මම තරුණ වයසේදී එංගලන්තයේ තමයි අධ්‍යාපනය හැදෑරුවේ. තාත්තා මමත්, නංගිලා දෙන්නත් එංගලන්තයේ අධ්‍යාපනයට යොමුකරලා තිබුණේ. මට වයස අවුරුදු 16-17 වගේ කාලයේදී අම්මත් සමග තායිලන්තයට ගියාම එහේ තිබෙන කැලෑබද ආරණ්‍යවල මම තාවකාලික බණ භාවනා කළා. එහෙම කරලා මම නැවත ගිහි ජීවිතයට ඇවිත් කටයුතු කරනවා. මෙහෙම ජීවත් වන අතරවාරෙදී මට අවුරුදු 18 පමණ වන විට ලෝකයේ අතිශයින්ම ප්‍රකට ආරණ්‍ය සේනාසන නායක භික්ෂුවක් වන තායි ජාතික අතිගරු අජාන් චා ස්වාමින්වහන්සේගේ වන සෙනසුනේ පැවිදි විය යුතුයි කියලා. එවිට උන්වහන්සේ අපවත්වී සිටියත් තවත් ප්‍රධානතම ගෝල හිමිවරුන් කිහිප නමක් සිටියා. ඒ අනුව මම එහි පැවිදි වුණා.

මාධ්‍යවේදියා
ඔබවහන්සේ සසුන්ගත වුණු අතිපූජ්‍ය අජාන් චා හිමිනම මුලින් ආරම්භ කළ වන සෙනසුනෙහිද ඔබ තවම වැඩඉන්නේ? අජාන් චා නායක හිමියන් මාර්ගඵලලාභී භික්ෂුවක් යැයි පැවැසෙනවා. උන්වහන්සේට ලොව වටා මිලියන ගණනක අනුගාමිකයන් සිටිනවා?

පූජ්‍ය අජාන් සිරිපාන්යෝ හිමි
ඒක ඇත්ත. අජාන් චා හිමියන් මාර්ගඵල කිහිපයක්ම ළඟාකරගත් ඉතා සිල්වත් භික්ෂුවක්. උන්වහන්සේ වනයේ භාවනා කරන විට කොටින්, ව්‍යාඝ්‍රයන් වගේ භයානක සතුන් උන්වහන්සේ ඉදිරියෙහි බිම සැතපී සිට තිබෙනවා. කිසිම විටෙක ඒ සතුන් උන්වහන්සේට හිරිහැර කරලා නැහැ. උන්වහන්සේගේ ආශ්චර්යයන් ගැන කතන්දර රැසක් තිබෙනවා. මම එම සෙනසුනේ වසර ගණනාවක්ම ධර්මය හදාරා පසුව මම හදාගත් වෙනත් සෙනසුනකට ආවා. එහි නායකත්වය මම දරනවා.

මාධ්‍යවේදියා
ඔබවහන්සේ බොහෝ අල්පේච්ඡ ජීවිතයක් ගතකරන බව සඳහන් වෙනවා. සසුන්ගත වූ සමයේ සිටම පිඬුසිඟා වඩිමින් ආහාර සොයාගන්න බවයි පැවසෙන්නේ. ඔබගේ මවුපියන් පසුගිය වසර 20ක කාලය තුළදී ඔබගේ සුවදුක් බැලීමට පැමිණියාද?

පූජ්‍ය අජාන් සිරිපාන්යෝ හිමි
ඔව් පැහැදිලිවම. මගේ මවුපියන් වසරකට දෙවතාවක්වත් මගේ සෙනසුනට එනවා සුවදුක් බලන්න. එහෙත් තවමත් මගේ කටයුතු සඳහා මම ඒ අයගේ ධනය කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හින්දු ආගමික පවුලක හින්දු බැතිමතකු විදියට ශ්‍රී ලංකාවේ යාපනයේදී උපන් මගේ තාත්තා, පසුව මැලේසියාවට ඇවිත් බෞද්ධයකු බවට පත්ව තිබෙනවා. ඒ මගේ අම්මා තායි ජාතික බෞද්ධ කාන්තාවක් නිසා. මගේ තාත්තා මැලේසියාවේ දෙවැනි ධනකුවේරයා වුණත් ඔහු හොඳ බෞද්ධයකු හැටියට තමන්ගේ ධනය විශාල ප්‍රමාණයක් ආගමික කටයුතුවලට වැය කරනවා.

කුමක්ද මෙම හැඟුම්බර සංවාදය? මෙයට ටික දිනෙකට පෙරදී මෙම වගතුග අසන්නට ලැබුණේ තායිලන්තයේ ප්‍රකට පුවත්පතක පළවූ විශේෂ ලිපියකිනි. යම් මාධ්‍යවේදියකු විසින් එක්තරා බෞද්ධ භික්ෂුවක සමග සිදුකරන ලද විශේෂ සංවාදයක් එහි සටහන් විය. මෙම භික්ෂුව යම් සුවිශේෂ ජීවිත සටහනක් තැබූ චරිතයකි.

තවමත් තාරුණ්‍යයේ පසුවන ඔහුගේ නම වන්නේ අජාන් සිරිපාන්යෝ (Ven Ajahn Siripanyo) වෙයි. එනම් දැනට 37 වැනි වියෙහි පසුවන ඔහු පැවිදි ජීවිතයට ඇතුළු වන්නේ වයස අවුරුදු 18දී පමණය. ඉහත පුවත්පත් ලිපිය පළව ඇත්තේ උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ වසර 20 සම්පූර්ණ කරන විටදීය. අජාන් සිරිපාන්යෝ හිමියන්ගේ ජීවිත කතාව සැබෑ ලෙසම ඉතිහාසගත එකක් වනු ඇත. එනම් ඔහුගේ පියා වන ආනන්ද ක්‍රිෂ්ණන් යනු දැනට මැලේසියාවේ සිටින දෙවැනි ප්‍රකෝටිපතියාය. ඔහු දැනට දශක කිහිපයක සිට මැලේසියාව තුළ දේපළ වෙළෙඳාම්, තෙල් හා ගෑස් කැණීම්, මාධ්‍ය ක්ෂේත්‍රය, කැසිනෝ ව්‍යාපාර, විදුලි සංදේශ සේවා සහ මූල්‍ය සේවාවලට අදාළ විවිධ ව්‍යාපාර රැසක හිමිකරු වෙයි.

ඇමෙරිකානු ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන ෆෝබ්ස් ප්‍රකාශයනයට අනුව ඔහුගේ මුළු වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 9.5ක් පමණ බව පැවැසෙයි. 85 හැවිරිදි ආනන්ද ක්‍රිෂ්ණන් උපත ලබා ඇත්තේ යාපනයේ ග්‍රාමීය ප්‍රf්දශයක බව පැවැසෙයි. ඔහු කුඩා අවධියේදී තම මවුපියන් සමග මැලේසියාවට පැමිණ ඇත. කාලය ගතවෙද්දී ඔහු හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් සහ මෙල්බර්න් විශ්විවිද්‍යාලයෙන් උපාධි දෙකක්ද හිමිකරගෙන ඇත. මේ ආකාරයට ඔහු ව්‍යාපාර ක්ෂේත්‍රයට අදාළව උසස් පරිචයක්ද ලැබූ පුද්ගලයෙකි. ඒ අනුව ඔහු නිතර සාර්ථක ව්‍යාපාර සිදුකරනු ලැබුවේය.

නොයෙකුත් සුවිශාල සුපිරි ගොඩනැගිලි, සුඛෝපභෝගී යාන වාහන, ජෙට් යානා මෙන්ම නාවික යාත්‍රාද මෙම මැලේසියානු ධන කුවේරයා සතුව ඇත. ඔහු මෙලෙස තම ජීවිතය ගතකරමින් සිටින විටදී දිනක් ඔහුගේ තායි ජාතික බිරිය ප්‍රකාශ කර ඇත්තේ තිගැස්සෙන පුවතකි. එනම් ඇය තම ස්වාමියා වන ආනන්ද ක්‍රිෂ්ණන් හට ප්‍රකාශ කර ඇත්තේ තමාගේත්, ඔහුගේත් එකම පුත්‍රයා ගනු ලැබූ ආන්දෝලනාත්මක තීරණයක් ගැනය. ඇය ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ගේ පුත්‍රයා ගිහි ගෙය හැරදා පැවිදි බිමට පිවිසීමට තීරණය කර ඇති බවය.

එම පුවත ඇසූ පියා ඒ අවස්ථාවේ මහත් සංවේගයට සහ සන්තාපයට පත්වූ බව පැවැසෙයි. තමන් සතු මහා ධනය ඉදිරි කාලයේදී පවරන්නේ කාටදැයි ඔහු බොහෝ දුක්බරව තම බිරියගෙන් විමසා ඇත. එවිට ඇය ප්‍රකාශ කර ඇත්තේ තම පුතු පසුගිය කාලයේ කිහිප වතාවක් තමන් සමග තායිලන්තයට ගිය විටදී අතිපූජ්‍ය අජාන් චා හිමියන්ගේ වන සෙනසුනේ තාවකාලිකව බණ භාවනා සිදුකළ බවත්, පසුව වසර දෙකක පමණ කාලයක් ගතවෙද්දී එම සෙනසුනේම පැවිදි වීමට තීරණය කළ බවත්ය. මෙම තීරණය ඔහුගේම ආශාව මත ගත් එකක් හෙයින් එයට විරුද්ධත්වයක් ප්‍රකාශ කළ යුතු නැතැයි ඇය තම ස්වාමියාට ප්‍රකාශ කර ඇත.

මෙම කතාව මුළුමහත් ලෝකයෙන්ම ඉතා දුර්ලභ ලෙස අසන්නට ලැබුණු ඉතිහාසගත එකකි. එහි කිසිදු තර්කයක් නැත. අපගේ රටෙන් පමණක් නොව ලෙව අන් කිසිදු රටකින් හෝ මෙවැනි වගතුගක් අසන්නට ලැබී නැත. ඒ ආනන්ද ක්‍රිෂ්ණන් මැලේසියාවේ දෙවැනි ධනකුවේරයා වීම හේතුවෙනි. මැලේසියාව යනු ඉතා දියුණු ආර්ථිකයක් ඇති ධනවත් රාජ්‍යයකි. මෙම වගතුග සැබෑ ලෙසම නූතන යුගයේ සිද්ධාර්ථ ගෞතම කතාවක් නොවේද?

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ශ්‍රීධරන් උතුර ආයෙත් පෙරළයිද? මෙන්න ආපු හැටිය කරපු කතා ටික I Sri Lanka Latest News

Next Post

මහාධිකරණයේ නඩුව ඉවර වෙලා තියෙන්නේ දවල් 1.05ට! කැබිනට් අනුකාරක සභාවට ගිහිනුත් නෑ! කෙහෙළිය ගැන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් උසාවියට තොරතුරු හෙළිකරයි! එතකොට කෙහෙළිය ලිඛිතව දීලා තියෙන කරුණු බොරුද? I Sri Lanka Latest News

MORE NEWS

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

Load More
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මේ වනවිට අනුර පාලනය අසමත් වී ඇති බව පැහැදිලි වී ඇති බැවින් 'අනේ ප්ලීස් අනුර යන්න' යැයි වරුණ දීප්ත රාජපක්ෂ...

Read more
මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.