• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රීධරන් උතුර ආයෙත් පෙරළයිද? මෙන්න ආපු හැටිය කරපු කතා ටික I Sri Lanka Latest News

February 1, 2024
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ ඉලක්කය ෆෙඩරල් විසඳුමක් සඳහා පමණි. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය දෙමළ ජනතාව අපේක්‍ෂා කරන දේශපාලන විසඳුම නොවේ. දෙමළ ප්‍රජාව වනාහි මේ රටේ දේශීය ජනතාවය. මවිසින් ඉටුකරනු ලැබිය යුතුව ඇති සියලු සහන සැලසීම් සහ කැපකිරීම් තත්වානුරූපව එකහෙළාම ඉෂ්ට කිරීමට සූදානම්ය.(Sri Lanka Latest News) දෙමළ ජාතික බලවේගය ඒකරාශී කිරීම උදෙසා එම ඩයස්පෝරාවේ කාර්යභාරය අතිමහත්ය. තම අභිලාෂයන් මෙන්ම තම ජනතාවගේ අභිලාෂයන් පිළිබඳ ද්‍රවිඩ අර්සුකච්චි පක්‍ෂයේ නව නායක සිවඥානම් ශ්‍රීධරන් මහතා ටැමිල් ගාර්ඩියන් පුවත්පත සමග පැවති සුවිශේෂ සාකච්ඡාවේදී යථෝක්ත ප්‍රකාශ කෙළේය. පහත දැක්වෙන්නේ එම සාකච්ඡාවේ උපුටනයකි.

ද්‍රවිඩ අර්සුකච්චි පක්‍ෂයේ නව නායකවරයා වශයෙන් ඔබව පත්කරනු ලැබ තිබේ. සියලු පක්‍ෂ එකමුතු කරගැනීමේ අභිප්‍රායක් ඔබට තිබේද?

2009ට පෙර ද්‍රවිඩ සෑම කෙනකුම අතර පැවති ජාතික ඒකග්‍රතාවය යළි දිනාගැනීම හා සක්‍රීය කිරීම වෙනුවෙන් නායකත්වය පිළිබඳ කිසිදු අපේක්‍ෂාවකින් තොරව ගතයුතු සියලු උත්සාහයන් මම ගනිමි. මවිසින් ඉටුකරනු ලැබිය යුතු සියලු වගකීම් සහ කැපකිරීම් අකුරටම ඉටු කරන්නට වගවෙමි. ද්‍රවිඩ ප්‍රජාවගේ ජාතික අපේක්‍ෂා සාක්ෂාත් කරගැනීම අරබයා සෑම කෙනකු සමගම එක්ව එකහෙළාම කටයුතු කිරීමට සූදානම්.

ටී.එන්.ඒ. එක 13 වැනි සංශෝධයෙන් සෑහීමකට පත්වෙන බවට මතයක් තියෙනවා. පක්‍ෂයේ නව නායකයා වශයෙක් ඔබේ මතය කුමක්ද?

පි- දහතුන් වැනි ව්‍යවස්ථා සංශේධනය දෙමළ ප්‍රජාවගේ දේශපාලන විසඳුම නොවන බව මම අවස්ථා ගණනාවකදීම විවිධ සාකච්ඡා මණ්ඩප වලදී සහ සම්මේලනවලදී පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. එය මගේ මතය නොව සමස්ත, දෙමළ ජනතාවගේම මතයයි. අපේ ගමන ෆෙඩරල් විසඳුම අපි මෙය අපේ පක්‍ෂ ප්‍රතිපත්තියටත් අන්තර්ගත කර තියෙනවා. ඒ අනුව 13 වැනි සංශෝධනය අපේ මිනිසුන් අපේක්‍ෂිත විසඳුම නොවේ. ශ්‍රී ලංකාවේ රජය 13 වැනි සංශෝධනයේ ප්‍රතිපාදන බොහොමයක් මේ වන විට ඉවත් කර තිබෙනවා. ප්‍රධාන විසඳුම 13 වැනි සංශෝධයෙන් කිසිසේත්ම ඉටුකරගත නොහැකි බව අපේ ඒකායන විශ්වාසයයි.

උතුර නැගෙනහිර කියන දෙමළ ප්‍රජාවගේ නිජබිම වන උතුර සහ දකුණ යන දෙපළාත ඒකාබද්ධ කළ යුතුයි. දෙමළ ප්‍රජාවගේ භාෂාව, සංස්කෘතිය සහ සංස්කෘතික අනන්‍යතා හඳුනාගත යුතුයි. එපමණක් නොවේ. මේ භූමියේ දෙමළ ප්‍රජාවට ඇති හිමිකම ද ඔවුන් වෙනත් වැදගත් ජන කොට්ඨාසයක් බවද පිළිගත යුතුයි. අප විශ්වාස කරන්නේ මේ සඳහා කාලය උදාවී ඇති බවයි. ඒ බව ස්ලෝගන් එකකට පමණක් සීමා වන්නක් නොවේ. අපි ඒ සඳහා වෙනත් පක්‍ෂත් සමගත් එකතුවී අපේ ශක්තිය ප්‍රදර්ශනය කිරීමට උද්ඝෝෂණ කරමින් අපේ දේශපාලන විසඳුම ලබාගැනීමට කටයුතු කරනවා.

ඩයස්පෝරාව ඊළාම්වාදී දේශපාලනයේ විශාල බලපෑමක් කළ හැකි කණ්ඩායමක් බව පැහැදිලියි. නව නායකයා වශයෙන් ඔබ ඩයස්පෝරාවට කියන්නේ කුමක්ද?

පසුගිය පක්‍ෂ නායක නිලවරණයේදී මම දිගින් දිගටම කී දෙයක් තමයි මෙරට වෙසෙන ද්‍රවිඩ ප්‍රජාවත් ඩයස්පෝරාවත් යන කණ්ඩායම් දෙක එකට එකතුවී අනතුරුව තමිල්නාඩුවේ දෙමළ ප්‍රජාව සමග එක්විය යුතුයි කියන කාරණය. එවිට ඉතා පහසුවෙන්ම ඊළාම්වාදී ප්‍රජාවට දේශපාලනික සහනයක් ලබාගත හැකි මාවතක් නිර්මාණය කරගත හැකියි. මොනවා කීවත් මේ වන විට දෙමළ ඩයස්පෝරාවත් ජාත්‍යන්තර ද්‍රවිඩ අර්සුකච්චි පක්‍ෂයත් අතර පවත්නා සම්බන්ධතා බොහෝ අවමයි. ඊට හේතු කාරුණාද බොහොමයි. දෙපාර්ශ්වය මේ සඳහා එක්ව සාකච්ඡා කළ යුතුයි. එසේ එක් වුවහොත් අපට එක ගමනක් යා හැකියි. මේ දෙගොල්ලො එකතු වුවහොත් පමණයි ඊළාම් විමුක්ති අගලය ජයග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නෙ. අපි මේ ප්‍රශ්නය නිරාකරණය කරගන්න දැඩි උත්සාහයක් ගන්නවා.

ඔබ සෙසු පක්‍ෂ නායකත්වය සමග සාකච්ඡාවලට සූදානම්ද?

ඇත්ත වශයෙන්ම ඔව්. මට අවස්ථාව ලැබුණොත් ඔවුන් සමග ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ඡා කරනවා. ඒ අවස්ථාවේ දී මම උතුරේ සහ නැගෙනහිර සමාජ ක්‍රියාකාරීන් සහ දෙමළ ජාතිකත්ව ක්‍රියාකාරීන් එකම මේසයකට ගෙනැවිත් සාකච්ඡා කරනවා. පළමුවෙන්ම ඒ ගැන ද්‍රවිඩ ඩයස්පෝරාව සමග සාකච්ඡා කළ යුතුයි.

ඔබ නායකත්වය භාරගත් වහාම ඔබ කනගපුරම් තුයිලුම් ඊළාම් ස්ථානයට ගොස් මිගගිය යුද විරුවන්ට ගෞරව දැක්වූවා?

පාර්ලිමේන්තුවේ වසර 14ක් උන් මහජන මන්ත්‍රීවරයකු වශයෙන් මා පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටදීත් පැවසුවේ අප අවදිවිය යුතු බවයි. පසුගිය නිලවරණයේදී මට සාමාජිකයන් 184 දෙනකු කැමැත්ත ප්‍රකාශ කළා. එහි තේරුම ඔවුන් මගේ ප්‍රතිරූපයට කැමැතියි කියන එකයි. ඒක වෙනත් වචනයකින් කියනවා නම්, ඔවුන් දෙමළ ජාතිකත්වයට කැමැතියි කියන එකයි. එසේම එහෙනම් අප පටන්ගත යුත්තේ මියගිය ඊළාම් ජාතික විමුක්ති සටන්කාමීන්ගේ මිනී වළෙන් කියන එකයි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

අධ්‍යාපනයේ මහිමයෙන් ලෝකය ජයගත් හේනේ පැලක පාඩම් කළ ශ්‍රී ලාංකිකයා I Sri Lanka Latest News

Next Post

හොර බෝධිසත්වවරු මතුවෙන කාලේ මේ ඉන්නේ ඇත්තම බෝධිසත්වද? I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.