කලෙකට පෙර අඟහරු ග්‍රහයා මත යෝධ ද්‍රෝණියක් පිරවූ ජලයෙන් තැන්පත් වූ පැරණි විල් අවසාදිත පැවැත්ම තහවුරු කරන දත්ත NASA හි රෝවර් Perseverance විසින් රැස්කර ඇති බව සිකුරාදා සිදුකරන ලද අධ්‍යයනකයකින් පසුව නාසා ආයතනය නිවේදනය කළේය.
රොබෝ රෝවරය විසින් සිදු කරන ලද පොළව විනිවිද යන රේඩාර් නිරීක්ෂණ වලින් සොයා ගෙන ඇති පරිදි අඟහරු ග්‍රහයාගේ මතුපිට ප්‍රදේශ වරෙක ජලයෙන් වැසී තිබී අතර එහි ක්ෂුද්‍රජීවී ජීවය පැවතිය හැකි බවට වූ න්‍යායාත්මක තහවුරු කිරීම සඳහා මින් විශාල පිටිවහලක් ලැබී තිබේ.
නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ (UCLA) සහ ඔස්ලෝ විශ්ව විද්‍යාලයේ කණ්ඩායම් විසින් මෙහෙයවන ලද මෙම පර්යේෂණය, Science Advances සඟරාවේ ප්‍රකාශයට පත් කර තිබිණි.
එම පර්යේෂණයට පදනම් වූයේ 2022 මාස කිහිපයක් පුරා මෝටර් රථ ප්‍රමාණයේ රෝද හයක රෝවරය විසින් සිදුකරන ලද පොළොව මතුපිට ස්කෑන් කිරීම්වලදී අඟහරු මතුපිට කක්ෂයේ සිට ගෙතුම්, අවසාදිත වැනි ලක්ෂණ සහිත යාබද වපසරියකට ගමන් කරන පෘථිවියේ ඇති ගංගා ඩෙල්ටාවන් වැනි ආවාට තට්ටුවේ නිරීක්ෂණයන්ය.
රෝවරයේ RIMFAX රේඩාර් උපකරණයෙන් නිකුත් වූ ශබ්ද මගින් විද්‍යාඥයින්ට අඩි 65 (මීටර් 20) ගැඹුරකින් යුත් පාෂාණ ස්ථරවල හරස්කඩ දර්ශනයක් ලබා ගැනීමට හැකි විය. මෙම භූගත නිරීක්ෂණය සෑබෑ ලෙසම පොලව කැණ නිරීක්ෂණය කරන හරස්කඩක් ලෙස නිරික්ෂණය කළ හැකි වූ බව එම පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කරමින් ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ග්‍රහලෝක විද්‍යාඥ ඩේවිඩ් පේජ් පවසා තිබිණි.
පෘථිවියේ විල්වල තිබෙන ආකාරයටම ජලයෙන් ගෙන යන පාංශු අවසාදිතයන් ජෙරේසෝ ලෙස නම් කර ඇති අඟහරු ආවාටයේ සහ එහි ඩෙල්ටාවේ හමු වී තිබේ. එවා එම ඩෙල්ටාව පෝෂණය කරන ගංගාවක් නිසා තැන්පත් වූ බවට එම ස්තරවලින් නොවරදින සාක්ෂි සපයන බව විද්‍යාඥයෝ කීහ.
lankasara










