• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති බලයට ඇවිත් මාස 17යි විදේශ ගමන් 18යි! ඔය රට ගමන්වලදී මේ රටෙන් ‌හොරා කාපු සල්ලි රටට ගේන විදිහ ගැන එකපාරක් හරි කතා කළාද? හොරුන්ගෙන් බලයට ඇවිත් ඒවා ගැන කතා කරන්න පුලුවන්ද? ඒක කරන්න පුළුවන් අපිට විතරයි! රටෙන් හොරා කාපු ධනය යළි රටට ගේන විදිහ සජිත් හෙළිකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 28, 2024
in Exclusive
Reading Time: 16 mins read
A A
ජනාධිපති බලයට ඇවිත් මාස 17යි විදේශ ගමන් 18යි! ඔය රට ගමන්වලදී මේ රටෙන් ‌හොරා කාපු සල්ලි රටට ගේන විදිහ ගැන එකපාරක් හරි කතා කළාද? හොරුන්ගෙන් බලයට ඇවිත් ඒවා ගැන කතා කරන්න පුලුවන්ද? ඒක කරන්න පුළුවන් අපිට විතරයි! රටෙන් හොරා කාපු ධනය යළි රටට ගේන විදිහ සජිත් හෙළිකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දල දේශීය නිෂ්පාදිතයට 50%ක් මෙන්ම රැකියා නියුක්තියෙන් 52%කට වැඩි දායකත්වයක් ලබා දුන්නත් අද එම පද්ධතිය කඩා වැටී ඇති බවත් රජයේ සංඛ්‍යාලේඛන අනුව ලක්ෂ ගණනින් කර්මාන්තශාලා වැසී ගොස් ඇති බවත් එයට හේතුව අදූරදර්ශ රාජ්‍ය පාලනය, වැරදි ආර්ථික ප්‍රතිපත්තිය, දුර්වල ආර්ථික කළමනාකරණය, ඵලදායි නොවන සුදු අලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ප්‍රතිලාභ නොලැබෙන සුදු අලි ව්‍යාපෘති සඳහා මහා විශාල ණය කන්දරාවක් ගැනීම තුළ අපේ රටේ ණය බරතාව ඉතාම ඉහළ තලයකට ප්‍රවේශ වීම තුළ ණය ගෙවාගත නොහැකිව බංකොලොත් වීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

යුක්තිය සාධාරණත්වය ගැන කතා කරන විට මෙරට ආර්ථික එංජිම වන ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්ත පාස්කු ප්‍රහාරය, කොරෝනා තත්ත්වය සහ බංකොලොත්භාවය තුළ ණය ගෙවීමට නොහැකි තත්ත්වය තුළ තරගයට මේ ව්‍යාපාරවල දේපල පරාටේ නීතිය හරහා වෙන්දේසි කරන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් මෙම කර්මාන්තකරුවන්ට පරාටේ නීතිය ක්‍රියාත්මක කළත් මහා පරිමාන ණය ගත් ණය තොරුන් මොරුන් තල්මසුන් ජනාධිපති, අගමැති හා දේශපාලන අධිකාරිය සමඟ තිබෙන සම්බන්ධකම් නිසා එම ණය ප්‍රතිව්‍යුහගත කර ව්‍යාපාර ආරක්ෂා කර සතුටින් සිටින බවත් මෙහි යුක්තියක් දක්නට නොලැබෙන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

සාමාන්‍ය ජනතාවට එක නීතියක් සහ රටේ දේශපාලන බලවතුන් සමඟ සම්බන්ධ වී ඇති සුපිරි ව්‍යාපාරිකයන්ට එක නීතියක් බවත් මාස ගණනාවක් පුරා මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ වැඩිම තනි පුද්ගල සහ ව්‍යාපාර ණය ලබා ගෙන නොගෙවන පුද්ගලයන් සහ ආයතන ලැයිස්තුව ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා කවදාවත් මේ ප්‍රශ්නවලට පිළිතුරු නොදුන් බවත් මුදල් රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනා පවා එම ප්‍රශ්න යටගැසූ බවත් මෙසේ ණය අරගෙන නොගෙවන මහා පරිමාණ ව්‍යාපාරිකයන් දේශපාලන වාසි වෙනුවෙන් රැකගන්නා බවත් ඔවුන්ගේ මුදල් උපයෝගී කර ගෙන ආණ්ඩුව මැතිවරණවලට මුදල් ලබා ගැනිමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද කඩවත පැවැති යුක්තිය වෙනුවෙන් ජනමතය වැඩසටහනට එක්වෙමිනි.

බදු මුදලින් ජනපති ලෝකෙ වටේ සංචාරේ

රට බංකොලොත් කළ කණ්ඩායම් තමන්ට රිසිසේ ගිණිපොලී ණය ලබා ගෙන ප්‍රතිලාභ නොලබන දැවැන්ත ව්‍යාපෘතිවලට මුදල් වියදම් කර රටේ ජනතාව ණය බරින් තෙරපා රට බංකොලොත් කළ බවත් එම රටේ පවා දූෂණය වංචාව හොරකම රජකරවන බවත් රජය මෙවැනි ප්‍රශ්න තිබියදී කෙසේ හෝ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට පොදුජනතාවගේ බෙල්ලා මිරිකා හෝ බදු ගසා බදු ආදායම් වැඩි කර එම මුදල් ජනාධිපතිවරයාගේ සංචාරවලට පවා යොදා ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරයා බලයට පැමිණ මාස 17 තුළ විදේශීය ගමන් 18ක් ගිය බවත් ඒ සදහා අයවැයෙන් වෙන් කළ මුදලට අමතරව තවත් ලක්ෂ 2000ක් වෙන් කළ බවත් හෙට අනිද්දා කිසිදු වැදගත් නොවන සම්මන්ත්‍රණයකට ඔස්ටේ්‍රලියාවේ පවා යාමට නියමිත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය පිස්සු නැටුවාට විපක්ෂේ අපි පිස්සු නටන්නේ නැහැ

රජය මෙවැනි ආකාරයට හැසිරුණත් සමගි ජන බලවේගය විසින් රට සේවා ආර්ථිකයකට සීමා නොකර නිෂ්පාදන ආර්ථිකයක් කරා ගෙන යන බවත් වර්තමානය වන විට සේවා ආර්ථිකය පවා අප රටේ හරිහැටි සිදු නොවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සෙසු රටවලට වඩා අප රටේ ශ්‍රමිකයන්ගේ ගුණාත්මකභාවය ඉහළ නංවා ඒ තුළින් තරගයක් ලබා දිය හැකි බවයි.

සමගි ජන බලවේගය බලය නොමැතිව පවා රටේ ලක්ෂ 220 වෙනුවෙන් අධිකරණයට ගොස් රට බංකොලොත් කළ රාජපක්ෂ හවුල අනාවරණය කර ගත් බවත් මෙම නඩු තීන්දුව හරහා ඕනෑම කෙනකුට මෙම අදූරදර්ශී රාජ්‍ය පාලනය නිසා අගතියට පත් ඕනෑම පාර්ශ්වයකට වන්දි ලබා ගත හැකි බවත් ඒ සඳහා වන නීති සහාය ලබා දීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

නමුත් වර්තමානයේ ඇත්තේ හොරු රකින් යුගයක් බවත් සමගි ජන බලවේග රජයක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂා වන ආයතන ඇති කර අල්ලස දූෂණ වංචාව තුරන් කරන බවත් දැනට තිබෙන නීති ප්‍රමාණවත් නොවන නිසා නව ක්‍රමවේදයක් හරහා එම නීති සම්පාදනය කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

දූෂණය නැති කරන්න සුළු බහුතරයකින් වෙනස් කළ නොහැකි නීති ගෙන ආ යුතුයි

ඕනෑම බහුතරයක් හරහා හොර දේවල් පවා නීතිගත කරන්න පාර්ලිමේන්තුවට බලයක් ඇති බවත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ පවා එවැනි දෙයක් සිදු වූ බවත් එම නිසා මෙවැනි බහුතරයෙන් සම්මත කර ගන්නා නිතියක් වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා අල්ලස හා දූෂණය නැති කරන ආයතන බිහි කර ඒවා සුළු බහුතරයකින් වෙනස් කළ නොහැකි ආකාරයට ශක්තිමත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් ජනපති හොරු රකිනවා. ජනතාව මේවා දැන ගත යුතුයි

වත්මන් ජනාධිපතිවරයා රැකෙන්නේ පාර්ලිමේන්තුව තුළ සිටින රට බංකොලොත් කළ රාජපක්ෂ මන්ත්‍රී බහුතරයෙන් බවත් ඒ ගැන ජනතාව දැනුවත් විය යුතු බවත් ඔවුන් අසාධාරණ බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් එබැවින් දැන්වත් යථාර්ථවාදීන සත්‍යවාදීව තීන්දු තීරණ ගන්න මැදිහත් වන ලෙසත් පසුතැවිලි වන දේශපාලන තීන්දු නොගන්නා ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අපිව මුදලට ගන්න කාටවත් බැහැ

මේ ගමන යාම ලෙහෙසි පහසු නොවන බවත් සමගි ජන බලවේගය ප්‍රතිපත්ති ගරුක නිසා කිසිදු පාර්ශ්වයකට මුදලකට ගත නොහැකි බවත් යම් දිනක බලයට පැමිණෙන්නේ ජනතා වරමින් බවත් එසේ පැමිණ රටට හිතැති ජනතාවට සෙත සලසන සෞභාග්‍යයක් ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2016 වාර්තාව අනුව රටේ පොහොසතුන් සියයට 20ක් ජාතික ආදායමෙන් 52ක් භුක්ති වින්ද බවත් දුප්පත්ම 20% භුක්ති වින්දේ 5%කට ආසන්න ජාතික ආදායමක් බැවින් මේ තත්ත්වය වෙනස් කර ඇති හැකි නැති බැරි පරතය නැති කර දැමිය යුතු බවයි.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ ඉඩමක් බලෙන් අල්ලගෙන ඒකෙන් එන ආදායම අරගන්නවා කියපු රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්නට වහාම ඒ ඉඩමෙන් පිටවෙන්න කියලා කොන්ද කෙළින් තියා‌ගෙන ලියුම ගහපු උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරියට ස්ථාන මාරුවක් දීලා! ඔන්න අපේ රටේ කෙරුවාව! VIDEO I Sri Lanka Latest News

Next Post

ණය ගෙවාගන්න බහුදින යාත්‍රා ගහන ගේමක් හෙළිකර ගනී! Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.