• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

මැරුණත් දිනුම් සනත් නිශාන්ත! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

January 27, 2024
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
මැරුණත් දිනුම් සනත් නිශාන්ත! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2019 ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා පොදුජන පෙරමුණු පාක්ෂිකයන් ජය සමරද්දී මෛත්‍රී-රනිල් ආණ්ඩුවට එරෙහිව මහින්ද සුළඟ රට වටා රැගෙන ගිය මහින්දවාදියකු ලෙස බය නැතිව පෙනී සිටි පොදුජන පෙරමුණ නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත්වූ මන්ත්‍රී රංජිත් ඩී. සොයිසා මරණයට පත්විය. ඒ මරණය හැමෝටම කම්පනයක් වූයේ ඔහු රාජපක්ෂලා යළි බලයට ගෙන එන්නට දිවි හිමියෙන් කැපවූ මන්ත්‍රීවරයෙකු නිසාය.Sri Lanka Latest News

2024 ජනාධිපතිවරණය කට ළඟ තිබියදී දැන් ඒ වගේම රාජපක්ෂවරුන්ට බෙල්ල වුණත් දෙන්න සූදානම් මන්ත්‍රීවරයෙක් මරණයට පත්ව ඇත. ඔහු සනත් නිශාන්තය.

සනත් නිශාන්ත ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරවත් ජනප්‍රිය නමකි. එයට හේතුව ඔහුගේ ඔක්සිජන් කතාව නිසාය. ඔහු වනජීවී දෙපාර්තමේන්තු නිලධාරිනියක වූ දේවානි ජයතිලක සමග කැලෑ ඉඩමක් ක්‍රීඩා පිට්ටනියක් කිරීමට ගොස් ඇතිවූ බහින්බස් වීමකදී ඇය කැලෑ විනාශ කිරීමෙන් ඔක්සිජන් නැති වෙනවා යැයි කියද්දී ඔක්සිජන් කන්න දැයි ඇසීය. ලංකාවේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් ඔක්සිජන් කන්න දැයි අසනවා කියා ජාත්‍යන්තර මාධ්‍යයත් මේ කතාවට ප්‍රසිද්ධිය දුන්නේය.

එකල සමාජ මාධ්‍ය හොල්ලපු චරිතයක් වූයේ ඔහුය. ඔක්සිජන් කතාවෙන් මුළු සමාජ මාධ්‍යම ඔහුව හෙළාදුටු අතර, වනජීවී නිලධාරිනිය වීරවරියක් වූවාය. ලක්ෂ 69කින් බලයට පත්වූ ගෝඨාගේ ආණ්ඩුව මුහුණදුන් පළමු සමාජ මාධ්‍ය බෝම්බය එය විය.

ඉන් පසුව ඔහු යළිත් කරළියට ආවේ අරගලයට පහර දෙන්න ගෝල්ෆේස් ගිහින්ය. ඒ වෙලාවේත් ඔහු සමාජ මාධ්‍ය මාධ්‍යවල අංක එකේ ඉලක්කයක් විය. මේ නිසාම ගෝඨාභය ඔහුව අත්අඩංගුවට ගන්න නියෝග කළේය.

ඉන් පසු සනත් නිශාන්ත සමාජ මාධ්‍යයේ චරිතයක් වන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මතය.

ඔහු නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවයේ ලයිට් බිල ගෙවා යළිත් සමාජ මාධ්‍ය ඉලක්කයක් වන අතර, තමන්ගේ ලයිට් බිල් ගෙවන ලෙස මහජනතාව ඔහුගේ නිවෙසට ලයිට් බිල් යැවීමෙන් ඔහු සමාජ මාධ්‍යයෙහි තවත් ජනප්‍රිය වෙයි.

සනත් නිශාන්ත පසුගියදා විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේ රට බංකොලොත් කිරීම පිළිබඳ රාජපක්ෂලාට එරෙහි නඩු තීන්දුව කියවද්දී ඔහු අතේ තිබුණු ෆයිල් කවරය උදුරාගෙන ගියේ ඔහුට ගහන්න පනින්නාක් මෙන්ය. ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ කවදාවත් විපක්ෂ නායකවරයකුට මෙවැනි තර්ජනයක් එල්ලවී නැත.

එසේම සමාජ මාධ්‍ය වාරණ පනත සම්මත කරන වෙලාවේ සභානායක සුසිල් ප්‍රේමජයන්ත්ට ගාඞ් එක දුන්නෙත් සනත් නිශාන්තය.

එලෙස සමාජ මාධ්‍ය හොල්ලපු සනත් නිශාන්ත පසුගිය බදාදා පාර්ලිමේන්තු එන්නේ සමාජ මාධ්‍ය වාරණය කරන පනතට පක්ෂව ඡන්දය දෙන්නටය. ඔහු පසුගිය කාලයේ සමාජ මාධ්‍යයන්ටත් අරගලකාරයන්ටත් එරෙහිව කතා කළ අයෙකි. ඔහුව සමාජ මාධ්‍ය ඉලක්කයක් කරගන්න පටන් ගත්තේ වෙන කවුරුවත් නොව රනිල් හදපු යූ.ඇන්.පී. සමාජ මාධ්‍ය බළකායය. ඒ වන විට ලංකාවේ ලොකුම සමාජ මාධ්‍ය බළකාය තිබුණේ පොදුජන පෙරමුණටය. ඒ බළකාය සමග ඔට්ටු වෙන්න රනිල් යූ.ඇන්.පී. සමාජ මාධ්‍ය බළකායක් හැදුවේය. සනත් නිශාන්තගේ ඔක්සිජන් කතාවට වැඩියෙන්ම ගැහුවේ යූ.ඇන්.පී. සමාජ මාධ්‍ය බළකායය. ඔවුන් පෙනී සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ඇතුළු ලිබරල් මතය වෙනුවෙන්ය. අරගලය තුළත් ඔවුන් ලොකු චරිත විය. රනිල් ලිබරල්වාදියකු බවත්, ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවත් කීවේ ඔවුන්ය. අරගලය වෙලාවේ රනිල් ගෝඨාභය යටතේ අගමැති වන විට එය සාධාරණීකරණය කළේත් ඔවුන්ය. රනිල් රාජපක්ෂවරුන්ගේ පිහිටෙන් ජනාධිපති වන විට අපිට දැන් ලිබරල් ජනාධිපති කෙනෙක් ඉන්නවා යැයි උදම් ඇනුවේත් මේ යූ.ඇන්.පී. සමාජ මාධ්‍යයය.

මේ සමාජ මාධ්‍ය රැල්ල ලංකාවේ පටන්ගත්තේ 2015 ජනාධිපතිවරණයට කලින්ය. මහින්ද මේ සමාජ මාධ්‍ය රැල්ල සී.අයි.ඒ. කුමන්ත්‍රණයක් කිව්වත් එය වාරණය කරන්න බය විය.
2019 ජනාධිපති වූ ගෝඨා ‘සර් ෆේල්’ කැම්පේන් එක හරහා සමාජ මාධ්‍යයේ ලොකුම ඉලක්කය විය. ඒත් ඔහුත් සමාජ මාධ්‍ය වාරණය කරන්න බය විය. ගෝඨාට කලින් සමාජ මාධ්‍ය තුළ ද්‍රෝහියකු බවට පත්වූ සනත් නිශාන්ත සමාජ මාධ්‍යවලින් තමාට එල්ල වන ප්‍රහාර ගැන රාජපක්ෂ පවුලට දුක්ගැනවිලි කියන්න ඇත. ඒත් රාජපක්ෂලා සමාජ මාධ්‍යයට අත තියන්න බය වූහ.
අන්තිමේදී ලිබරල් රනිල් සමාජ මාධ්‍ය වාරණය කරන්න නීතිරීති ගේන්න තීරණය කළේය. රනිල් සමාජ මාධ්‍ය වාරණය කරන පනත ගෙන එද්දී ලිබරල්ස්ලා රනිල්ට ගහන සමාජ මාධ්‍යයට හොඳ වැඬේ කියා ඇඳන් යට රිංගා ගත්හ. රනිල්ගේ පොහොට්ටු ආණ්ඩුව පනත ගේන විට ලිබරල්ස්ලා හොයන්නවත් හිටියේ නැත. මහින්ද හරි ගෝඨා හරි මේ සමාජ මාධ්‍ය වාරණ පනත ගෙන ආවේ නම් ලිබරල්ස්ලා යකා නටනවාට සැක නැත.

රනිල් ජනාධිපති කරලා පොහොට්ටුව පසුගිය කාලය පුරාම ඔවුන්ව ප්‍රජාතන්ත්‍ර විරෝධීන්, මාධ්‍ය මර්දකයන්, මැරයන් කියා හංවඩු ගහපු ලිබරල්ස්ලාගේ ඇඳිවත උනා දැමූහ. ඔවුහු රනිල් ලවා අරගලය මර්දනය කරගත්හ. විශ්වවිiාල, වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ උද්ඝෝෂණ නවතා ගත්හ. වැඩ වර්ජන මර්දනය කොට වෘත්තීය සමිතිවල කොන්ද කඩාගත්හ. නිදහස් සාහිත්‍යයක් වෙනුවෙන් මත ප්‍රකාශ කරන්නවුන් අත්අඩංගුවට ගත්හ. අවසානයේ සමාජ මාධ්‍යයත් වාරණය කරගත්හ. දැන් රාජපක්ෂ කෙනෙක් බලයට ආවොත් ඕනෙ ඕනෙ විදියට සෙල්ලම් කරන්න පිටිය ශුද්ධ කර දීලා අවසන්ය. පිටිය ශුද්ධ කරලා දීලා තියෙන්නේ ලිබරල්ස්ලාය. එහෙම බලන කොට සනත් නිශාන්තලා දිනුම්ය. ඔහු සිය ජීවිතය අවසන් කරගෙන තියෙන්නේ තමාට ගහපු ලිබරල්ස්ලා ලවාම තමාට ගහන්න පාවිච්චි කරපු සමාජ මාධ්‍යයට විලංගු දමන පනත ගෙනැවිත් ඒ පනතට පක්ෂව අත් දෙකම ඔසවලාය. සනත් නිශාන්ත මියගියත් දිනුම්ය. ඇත්තටම මියගියේ සනත් නිශාන්ත නොව, ලිබරල්ස්ලාය. මේ ලිබරල්ස්ලා දැන් හොල්මන් කරන මළ මිනීය.

සනත් නිශාන්ත පුත්තලමෙන් රටේම කතාබහට ලක්වන චරිතයක් වීමට පෙර පුත්තලමේ රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයා ලෙස පෙනී සිටින්නේ ද.මු. දසනායකය. ද.මු. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් වුණාට ඔහුව උස්සන්නේ මහින්ද රාජපක්ෂය. 1999 වයඹ පළාත් සභා ඡන්දයේදී පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද මංකොල්ලය මෙහෙයවන්නේ ඔහුය. කැලෑ ගස් කපා පුත්තලමේ පරිසරය විනාශ කරනවා යැයි ඔහුට චෝදනා එල්ල වූයේ වරක් දෙවරක් නොවේ. ඒත් ඔහු මහින්දගේත්, රාජපක්ෂලාගේත් හුරතලෙක් විය. ඔහු පුත්තලමේ විපක්ෂ දේශපාලනඥයන් බය කරමින් පුත්තලම මැර රජදහනක් කරගෙන සිටියේය. 2002 රනිල්ගේ ආණ්ඩු කාලේ හිරේ විලංගුවේත් හිටියේය. අවසානයේ ඔහු එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බයකට හසුවී ඝාතනය විය.

මහින්ද සනත් නිශාන්තව හැදුවේ පුත්තලමේ ද.මු.ගේ අඩුව පුරවන්නටය. සනත් නිශාන්ත ද.මු.ටත් වඩා සේවයක් මහින්දට සහ රාජපක්ෂ පවුලට කළේය. ද.මු.ගේ අවසානය ඛේදවාචකයකි. ඒත් සනත්ගේ අවසානය ඛේදවාචකයක් නොවේ.

ඒත් සනත් නිශාන්තගේ අවසානය අවසන් වුණේ ජයග්‍රහණයකින්ය. ඔහු සමාජ මාධ්‍යයට එරෙහිව ගෙනගිය සටන දින්නේය. ඔහුගේ තීරණය වෙනුවෙන් වැඩියෙන්ම ශෝකය පළකළේ ඔහුට පහර ගහපු යූ.ඇන්.පී. ලිබරල්ස්ලාගේ සමාජ මාධ්‍යයය. ලිබරල්ස්ලාට අවුල සනත් නිශාන්ත මහින්ද වෙනුවෙන් සාක්කුවෙන් තුවක්කුව අදිද්දීය. රනිල් වෙනුවෙන් ඔහු මිසයිල ඇද්දත් යූ.ඇන්.පී. ලිබරල්ස්ලාට ඔහු ‘මචං’ කෙනෙකි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

2023 අවුරුද්දේ විතරක් පාසල් දැරියන් 1502 ක් දූෂණයට ලක්වෙලා! 584 ක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්වෙලා! VIDEO I Sri Lanka Latest News

Next Post

දිඹුලාගල සෙල්ලිපිය හොයාගෙන මාස ගානක්! පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තවම කිසිවක් හෙළිකරලා නෑ! කුමන්ත්‍රණයක් කියලා සැකයි! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.