• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටම උඩු යටිකුරු වෙන අස්සේ යාපනේ මොකද වෙන්නේ… (Sri Lankan Latest News)

January 25, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
රටම උඩු යටිකුරු වෙන අස්සේ යාපනේ මොකද වෙන්නේ… (Sri Lankan Latest News)
Share on WhatsAppShare on Facebook

‘මව්රට’ ගිහිල්ලා හොයාගත්ත දේවල් මෙන්න…

එළවළු මිල අහසට උසයි… මිනිස්සු එනවා අඩුයි… කොළඹට දුර වැඩිවෙලා… ඉන්දියාවට ළංවෙලා…

කාලෙකට පස්සේ අපි ආයෙත් යාපනේ ආවේ රට මෙච්චර වෙනස් වෙනකොට යාපනේට මොකද වෙලා තියෙන්නේ කියලා හොයන්න. පුරුදු විදියටම යාපනේ නම් ගිනි ගන්නවා. ඒත් මිනිස්සු සාමාන්‍ය විදියට ජීවත් වෙනවා. අපි ආවේ පොංගල් දවස්වල හින්දා පොඩි උත්සවාකාරයක් යාපනේ අස්සේ තිබුණා. එහෙම ආවට අපිට යාපනේදී දැනගන්න තිබුණා හුඟක් දේවල්. මොකද දකුණේ ඉඳන් අපි බලාගෙන ඉන්නකොට උතුර පැත්ත අපිට උතුරෙන් ඇහෙන සමහර ආරංචි ඇත්තද බොරුද කියලා හොයාගන්න බෑනේ. (Sri Lankan Latest News)

මොකද දකුණේ මේ වෙනකොට ටින් අංකයක් ගැන හරි උනන්දුවෙන් ඉන්නවා. මේ ටින් අංකය හදන එක ගැන උතුරද දකුණද කියලා වෙනසක් නෑනේ. ඒක මුළු රටටම අදාළ නිසා අපි ගියා ටින් අංකය උතුරට බලපාන්නේ කොහොමද කියන එක ගැනත් හොයන්න. ඒ විතරක් නෙවෙයි අපිට තව වුවමනා වුණා එළවළු මිල වැඩිවෙනවා, හැම දේකම මිල වැඩිවෙනවා, ඒවා කොහොමද වෙන්නේ, ඇත්තටම ඒවා වැඩි වෙලාද, උතුරටත් එහෙම වැඩිවෙලාද කියන එක හොයන්න.

ඒ අස්සේ තවත් කතන්දරයක් තියෙනවනේ අපිට නැතිවුණාට උතුරට නම් කිරි උතුරනවා, ඒකට හේතුව ඉන්දියාවෙන් ඕනෙ තරම් බඩු උතුරට එනවා කියලා. ඒකත් අපිට හොයාගන්න අවශ්‍ය වුණා ඇත්තටම උතුරට එහෙම බඩු එනවද කියන එක. අපි දන්නවා කවුරුවත් මේක අපට එළිපිට කියන්නේ නෑ කියලා. ඔව්, ඉන්දියාවෙන් බඩු එනවා, අපි දැන් ඉන්දියාවෙන් දේවල් එන නිසා සතුටෙන් ඉන්නවා කියලා කවුරුත් කියන්නේ නෑ. හැබැයි ඇත්ත කතාව ඒකද කියලා හොයන්න ඕනෙ නිසා ‘මව්රට’ අපි ගියා උතුරට. ඇත්තටම උතුරට.

අපි සාමාන්‍යයෙන් යම් දෙයක් කරන කොට මොන ජාතියෙන් එක් කළත් කණ්ඩායමක් විදියට ඉතා වෙහෙසිලා කරන පත්තර කණ්ඩායමක්. එහෙට මෙහෙට ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට මව්රටට ඇවිල්ලා අදත් අපි කරන්නේ එදා කරපු පරණ පුරුදු රාජකාරියම තමයි. අපි ඇත්ත පත්තරකාරයෝ. පත්තරකාරයෝ විදියට අපි ඇත්ත හොයාගෙන යනවා. උතුරට ගිහිල්ලා තමයි මේ කතන්දර සියල්ල හොයාගත්තේ. එතකොට අර උඩින් එනවා, මුහුදෙන් එනවා වගේ ආරංචි පැතිරෙනවනේ. ඇත්තටම එහෙම උතුරෙන් දකුණෙන් උඩින් බිමින් එනවද උතුරට? යාත්‍රා සේවය සාර්ථකව ක්‍රියාත්මක වෙනවද? ඊළඟට අහසින් යන ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක වෙනවද?

මේ සියල්ලම අපට හොයාගන්න අවශ්‍ය වුණා. අපි මේ ගමන පටන් අරගන්නකොට මැදවච්චියෙන් මේ උතුර කියන එක ගැන අපිට හැඟවෙන ප්‍රමාණය තමයි තෝරගන්නේ. වවුනියාවෙන් එහාට යද්දී උතුර කියලා අපි විශ්වාස කරනවා. අපිට පළමුවෙන්ම කියන්න තියෙන්නේ උතුරට මුලින්ම උදාවෙලා තිබුණේ යුක්තිය. හැබැයි යුක්තියද අයුක්තියද කියන එක ගැන නම් අපට ප්‍රශ්නයක් තියෙනවා. මොකද උතුරට ඇතුළු වෙන මුවදොරම හිටියේ පොලිසියෙන් බර ගානක්. ඒගොල්ලෝ අරවා චෙක් කරනවා, මේවා චෙක් කරනවා, එහෙන් බලනවා, මෙහෙන් බලනවා, කොලේ වහනවා, වහලා ගහනවා, සමහර වෙලාවට අපිට හිතෙනවා බොරු කියනවා කියලා. ඒගොල්ලෝ සමහර විට ඇත්ත කියනවා වෙන්නත් ඇති. මෙහෙම දේවල් ටිකක් තිබුණා.

කොහොම නමුත් අපිට හයිස්පීඩ් කතන්දරේ ගැන නම් පොඩි සැකයක් ඇතිවුණා. මොකද ඒගොල්ලෝ කියන්නේ හැම වාහනේකම 59ට ගියා කියලා. ඇත්තටම ඒවා 59ට ගියාද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ වුණාට එහෙම දෙයක් උතුරෙදී අපි දැක්කා. ඒ නිසා අපිට මුලින්ම කියන්න තියෙන්නේ උතුරටත්, දකුණට වගේම යුක්තිය උදා වෙලා තියෙනවා වෙන මොනවා නැතත් කියලයි.

ඒ විදියට යුක්තියෙන් යාපනේ වටකරලා තියෙන බව අපි දැක්කේ ඇස් දෙකෙන්. ඊට පස්සේ අපි යාපනේ මාර්කට් පැත්තේ, යාපනේ සමහරුන්ගේ ජීවිත අස්සේ කරක් ගහලා බැලුවා. යාපනේ මිනිස්සුන්ට TIN අංකය ගැන කිසිම අදහසක් නෑ කියන එක අපට හොඳටම තේරුණා. හැබැයි සමහර තැන්වල මේ අංකය හදන්න කීයක් හරි අරගෙන පොඩි පොඩි කොමියුනිකේෂන්වලින් වැඩ පටන් අරගෙන කියලත් දැනගන්න ලැබුණා. රුපියල් 400ක් 500ක් විතර අරගෙන අංකය හදලා දෙනවා කියලා තමයි කියන්නේ. කොහොම වෙතත් අපිට සාත්තරයක් කියන්න තියෙනවා. ඒක තමයි ලංකාවේ මෙන්න මේ TIN අංකය කියන එක සම්බන්ධයෙන් නම් විශාල ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඒක යාපනේ පැත්තේ අනිවාර්යයෙන් සිද්ධ වෙනවා. ඒකට හේතුව මේගොල්ලන්ට කවුරුවත්ම මේ ගැන නිසි වැඩපිළිවෙළක් හදලා නිසි ආකාරව දේවල් කියලා දීලා නෑ කියලා තමයි අපට පැහැදිලි වුණේ. (Sri Lankan Latest News)

ඒක නිසා මේ වැඩේදී නම් යාපනේ අසමත් බව පේනවා.

අපි ගොඩක් තැන්වල ඉන්න ගොඩක් තරුණ තරුණියොත් එක්ක මේ ගැන කතා කළා අපට පුළුවන් විදියට. සමහර කට්ටිය දැනගෙන හිටියා. හැබැයි බහුතරයක් දෙනා ඒක දැනගෙන හිටියේ නෑ. ඒක තමයි වැදගත්ම ඊළඟ කාරණාව. ඔය අස්සේ අපිට තව වැඩක් ගැන හිතන්න හිතුණා. ඒ තමයි යාපනේ කොහොමද මිල ගණන් සඳහන් වෙලා තියෙන්නේ කියලා එළවළුවල. මොකද යාපනේ එළවළු මිල ගැන විවිධ කයි කතන්දර පැතිරෙමින් තිබිච්ච නිසාවෙන්. අපි යාපනේට ආවට පස්සේ දැනගත්ත දෙයක් තමයි යාපනේ මාර්කට් එකේ එළවළු මිල කොළඹට සාපේක්ෂව ඉහළ ගිහිල්ලා තිබුණා. අපි අවසන් වතාවට බලන විට කැරට් කිලෝවක මිල රුපියල් 1600 ඉක්මවා ගිහින් තිබුණා.

තවත් එළවළු වර්ගවල මිල විශාල ලෙස ඉහළ ගිහින් තිබුණා. යාපනේ මාර්කට් එකට වෙලා තියෙන්නෙත් කොළඹට වෙච්ච දේම තමයි. යාපනේ හාල් මිල ටිකක් වැඩිවෙලා තියෙන බවත් අපට පේනවා කොළඹට වඩා. ඒ වගේම මාළු මිලත් විශාල ලෙස ඉහළ ගිහින් තියෙනවා. නමුත් කරවල මිල නම් වැඩිය ඉහළ ගිහින් නැහැ. සාමාන්‍යයෙන් දැන් යාපනේ එළවළු කෑම එකක මිල රුපියල් 700, 800, 900 වෙන දෙමළ කඩවල් කිහිපයක් අපට දකින්න ලැබුණා.

මොකද දැන් යාපනේ ජන ජීවිතය වෙනදාට වඩා හුඟක් වෙනස් වෙමින් යනවා මේ මිල ඉහළ යෑමත් එක්ක. දැන් මේකටම අපි සාමාන්‍යයෙන් කොළඹදී එකතු කරන එක කාරණයක් තමයි යාපනේට ඉන්දියාවෙන් බඩු එනවා, ඒ නිසා යාපනේදී මේ මිල හරිම අඩුයි, යාපනේ මිනිස්සුන්ගේ ජීවිත හරි සාර්ථකයි කියලා. ඇත්තටම යාපනේ වෙළෙන්දෙක් වුණු රූබන්ගෙනුත් අපි මේ ගැන ඇහුවා. ඒ වගේම අපි ඒ පැත්තේ කරක්ගහලා බැලුවා. නමුත් ඇත්තටම එහෙම දෙයක් නෑ. යාපනේට ඉන්දියාවෙන් බඩු එනවාද කියන ප්‍රශ්නයට ප්‍රසිද්ධියේ ලබාදෙන උත්තරය ‘නෑ’ කියන එක. හැබැයි අප්‍රකට උත්තරය ‘ඔව්’ කියන එක. ඇත්තටම යාපනේට බඩු එනවා. යාපනේට එන්නේ මොන මොන බඩුද? ඒක අපි ඉස්සෙල්ලම හොයලා බලන්න ඕනේ.

යාපනේට එන්නේ නීත්‍යනුකූලව ගේනවාට වඩා නීත්‍යනුකූලව ගේනන බැරි විදියේ බඩු බාහිරාදිය තමයි. ඒ අතර කේරළ ගංජා සහ වෙනත් මත්ද්‍රව්‍ය වර්ග ගැන ඉහළින්ම කියවෙනවා. මේවා සිලාවතුර සිට පොන්නාලේ, මාදගල් සිට පොයින්ට් පේදුරු දක්වා මුහුදු තීරයේදී දකින්න අහන්න ලැබෙනවා. ඒවා විවිධාකාරයේ ක්‍රමවලින්, විවිධාකාරයෙන් එන බව තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ නිසා ඒවා ගැන අපි ඒ තරම් කතාවෙන්නේ නෑ, අහන්නේ නෑ, දකින්නේ නෑ වගේ හිටියට එහෙම දෙයක් ඇත්තටම තියෙනවා.

ඉතින් ඒ ගැන හොයන්න බලන්න අපේ ආරක්ෂක අංශ බොහොම උනන්දු වුණත් ඇත්තටම ඒක තාමත් නිසි ආකාරව කරගන්න පුළුවන් වෙලා තියෙනවා කියන එක අපට පේන්නේ නැහැ. ඊට අමතරව විවිධාකාරයේ ව්‍යාපාර කටයුතු සිදුකිරීම සඳහා පිත්තල බඩු, සාරි වගේ දේවල් ඉන්දියාවෙන් එන බව අපට අනියමෙන් අහන්න ලැබෙනවා. නමුත් මේ හාල් එළවළු වගේ දේවල් ඉන්දියාවෙන් ඇවිල්ලා යාපනේට මිල ගණන් තීරණය කරන්න උදව් වෙනවා කියන එක බොරුවක් බව තමයි අපට පැහැදිලිව පේන්න තියෙන කාරණය.

යාපනේ මාර්කට් එක පැත්තේ පොඩි රවුමක් ගහලා බලනකොට අපට දැනගන්න ලැබුණා යාපනේ මාර්කට් එකේ කැරට් මිල රුපියල් 2400 දක්වා ඉහළ ගිහිල්ලා කියලා. මම හිතන්නේ ලංකාවේ වාර්තා වෙන වැඩිම කැරට් මිල වාර්තා වෙන්නේ යාපනේ මාර්කට් එකෙන්. යාපනේ නගරයේ තියෙන මාර්කට් එකේ කැරට් මිල රුපියල් 2400 වෙනකොට යාපනේ ප්‍රාදේශීය වෙළෙඳපොළවලත් කැරට් රුපියල් 1600 සිට 1800 දක්වා මිලකට ලබාගන්න පුළුවන්කම ලැබුණා කසුරිනා ප්‍රදේශයේ තිබිච්ච යම් යම් කඩවලින්. හැබැයි දැන් අපි එළවළු මිල ගණන් ගැන ටිකක් එහෙන් මෙහෙන් හොයද්දී තිරුරුල්වේලු මාර්කට් එකේ විතරක් එළවළු මිල ගණන් යම් සාධාරණ මට්ටමකට පවත්වාගෙන ගිහිල්ලා තිබුණා.

වම්බටු, මෑකරල්, බෝංචි වගේ දේවල මිල ඉතා අඩුවෙන් සඳහන් වෙලා තිබුණා. හැබැයි මුරුංගා කිලෝවක මිල රුපියල් 2500ත් 3500ත් අතර මිලක් වුණු බව තමයි දැනගන්න ලැබුණේ තිරුරුල්වේලු මාර්කට් එකේදීත්. හැබැයි අපට යාපනේ මාර්කට් එකේදී මුරුංගා හොයාගන්න ලැබුණේ නෑ. එදා සුළු එළවළු ප්‍රමාණයක් තමයි ඒ අය ගාව තිබුණේ. දැන් මිල ගණන් ගැන හොයා බලද්දී බෝංචි කිලෝවක මිල රුපියල් 800ක් විදියට සඳහන් වෙලා තිබුණා. ඒ වගේම තක්කාලි කිලෝවක මිල රුපියල් 800ක් වෙද්දී කරවිල කිලෝවක මිල රුපියල් 1600ත් 2000ත් අතර විදියට තමයි සඳහන් වෙලා තිබුණේ. මේ විදියට තමයි මිල ගණන් සඳහන් වෙන්නේ එළවළු මාර්කට් එකේ. අපට කියන්න තියෙන්නේ ඔය දකුණේ ඉඳන් කියන කතන්දර මොනවා වුණත් යාපනේටත් සුපුරුදු පරිදි මේ තියෙන ආර්ථික අර්බුදය මහාපරිමාණයෙන්ම බලපාලා තියෙනවා කියන එක තමයි පේන්න තියෙන්නේ.

එතකොට මේ ප්‍රශ්නෙත් එක්ක බලද්දී අපිට තව පේන කාරණා කිහිපයක් තිබුණා. යාපනේ වැඩි ප්‍රමාණයක් දෙනා මේ වෙනකොට ලංකාවෙන් ගිහිල්ලා. යාපනේ සමහර ප්‍රදේශ තියෙනවා පවුල් දකින්න නොලැබෙන. ඒ නිසා තමයි යාපනේට අනාගතේදී මේ ප්‍රශ්නෙ කොයි විදියට දැනෙයිද කියන එක අපිට හොයලා බලන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම යාපනේ දේශපාලනික වශයෙන් වෙනස් වෙලා තියෙන්නේ කොයි විදියටද කියලා හොයලා බලන්නත් අපි උත්සාහ කළා. ඇත්තටම යාපනේදී ඡන්දයක් එනවා කියන ආරංචිය පැතිරුණාට, කිසිම විදියකින් යාපනේ මිනිස්සුන්ට ඡන්දයක් ගැන අදහසක් නෑ කියන එකයි අපට පේන්න තියෙන්නේ.

සමහර විට යාපනේ දේශපාලකයෝ මේ ගැන උනන්දු වෙලා ඇති. නමුත් මේ වෙනකොට යාපනේ දේශපාලනික වශයෙන් දියුණුවක් තියෙනවා කියලා නොපෙනෙන්නේ යාපනේ පාරවල් එහෙම කැඩිලා ගිහිල්ලා දැන් කවුරුත් ඒවා නඩත්තු කරන්නේ නැති බව තමයි පේන්න තියෙන්නේ. මොකද අපි හිතනවා යාපනේ මිනිස්සුන්ට දේශපාලනික වශයෙන් සක්‍රීය වෙන්න නම් යාපනේ දේශපාලකයන්ගෙන් යාපනේට වැඩක් වෙන්න ඕනේ කියලා. යාපනේ බහුතරයක් මහාමාර්ග පද්ධතිය අද වෙද්දී කැඩිලා ගිහිල්ලා ඉවරයි. ඒ 9 පාර වගේ ප්‍රධාන පාරවල් කිහිපයක් විතරක් හොඳට පවත්වාගෙන යද්දී යාපනෙන් එළියේ තියෙන පොයින්ට් පේදුරු, වෙල්වැටිතුරේ, පොන්නාලේ වගේ ප්‍රදේශවල තියෙන පාරවල් සම්පූර්ණයෙන්ම කැඩිලා ගිහිල්ලා තියෙන්නේ. ඒවා නඩත්තු කිරීමක්වත් සිදුවෙන්නේ නෑ. ඒ නිසා දේශපාලකයෝ යාපනේට කරලා තියෙන දෙයක් නෑ කියලා අපට හොඳටම තේරෙනවා බැලූ බැල්මටම. ඒ වගේම යාපනේට දකුණේ දේශපාලකයෝ මුකුත් කරන්නේ නෑ කියන එක අපට දැන් හොඳටම පැහැදිලියි.

ඒ නිසා මොනවා කිව්වත් වැඩක් කරනවා කියලා අපට විශ්වාස කරන්න පුළුවන් දෙමළ දේශපාලකයෝ විතරයි. හැබැයි දෙමළ දේශපාලකයන්ට වගකිව යුතු අමාත්‍යාංශයක් ලැබුණට පස්සේ දෙමළ දේශපාලකයෝ කරන්නේ උතුරට එන්නේ නැතුව දකුණට වෙලා තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහා අවශ්‍ය කරන ගේම් ටික ගහගෙන වැල්ලවත්තේ හරි දෙමටගොඩ පැත්තේ හරි තැනක තමන්ගේ ස්ථිර පදිංචිය හදාගෙන තමන්ගේ පවුල නඩත්තු කරලා තමන්ගේ පන්තිය නඩත්තු කරගන්න එක විතරයි. ඒ නිසා යාපනේට දේශපාලනයක ඇති අවශ්‍යතාවක් නම් අපට පේන්න නෑ. හැබැයි දේශපාලකයෝ කිහිප දෙනෙක්ගේ නම්ගම් එක්ක බලද්දී, විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක වගේ දේශපාලකයන්ට යාපනේ යම් බලයක් පිළිබඳ අදහසක් තියෙනවා. යම් තරුණයෝ පිරිසක් ඔහු ගැන කතා කරනවා. නමුත් යාපනේ වැඩිහිටියෝ තාමත් ඔවුන් ගැන කතා කරන්නේ නෑ. ඔවුන්ගේ දේශපාලනය හරිම නිෂ්ක්‍රීය මට්ටමක තියෙන්නේ. ඔවුන් කිසිම විදියකට දේශපාලනිකව ඒ ගැන කතා කරපු නැති එක තමයි විශේෂත්වය. (Sri Lankan Latest News)

මේ වගේ බොහෝ කාරණා අපිට උතුරේදී දකින්න ලැබුණා, අහන්න ලැබුණා. කොහොම නමුත් ඉදිරි මැතිවරණයකදී යාපනේ දේශපාලන සහභාගිත්වය ඉතා අඩු වෙයි කියන එක ඉතා පැහැදිලියි. මොකද හේතුව යාපනේට තියෙන ප්‍රශ්නයක් තමයි ප්‍රකට දේශපාලකයෝ මේ වෙලාවේ කරළියේ නැති වීම. ඔවුන් රනිල් වික්‍රමසිංහව දන්නවා. ඔවුන් මහින්ද රාජපක්ෂව දන්නවා. ඔවුන්ට අනුර කුමාර දිසානායකව කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ ගැන අදහසක් තියෙනවා. නමුත් ඔවුන්ට සජිත් ප්‍රේමදාස ගැන දන්නවට වඩා ඔවුන්ට මතක තියෙන්නේ ආර්. ප්‍රේමදාස ගැන. හැබැයි ඔවුන් සජිත් ප්‍රේමදාස ගැන නොදන්නවා නෙවෙයි. නමුත් ඔවුන්ට නමගිය දේශපාලකයෝ නැත්නම් මහ පක්ෂ ගැන තමයි අදහසක් තියෙන්නේ.

දකුණේ නව දේශපාලන පක්ෂ බිහිවීම උතුරට බලපානවා කියලා අපට හිතෙනවා එක එක්කෙනා එක්ක කතා කරද්දී දැනෙන දේවල් එක්ක. මොකද ඔවුන්ට නම පුරුදු දේශපාලන පක්ෂ අද වෙද්දී ලැයිස්තුවේ නෑ. ඒ වෙනුවට තියෙන්නේ නම නුහුරු නව දේශපාලන පක්ෂ. ඉතින් මේ නව දේශපාලන පක්ෂ මේ වේදිකාවට ආවට පස්සේ ඔවුන් දැකලා තියෙන අත, අලියා, පුටුව වගේ ලකුණු ගැන තමයි ඔවුන්ට උනන්දුව තියෙන්නේ. නමුත් මේ වෙලාවේ දේශපාලන පක්ෂ සහ දේශපාලන කණ්ඩායම්වල නව අපේක්ෂකයෝ එනවා. අලුත් අපේක්ෂකයෝ කිහිප දෙනෙක්ගේ නම් ගැන අපි කතා කරනවා. දිලිත් ජයවීර, ඒ වගේම ධම්මික පෙරේරා වගේ අය ගැන.

ඒ අය ගැන ලොකු අදහසක් උතුරේ ජනතාවට තිබුණේ නෑ. ඒක තමයි ඇත්ත යථාර්ථය. නමුත් ඔවුන්ට තිබෙනවා විශාල වුවමනාවක් අලුත් කෙනෙක්, දේශපාලනය නොකරපු කෙනෙක් ගැන. අපි ඔවුන්ගෙන් ප්‍රශ්න කළාම එහෙම කෙනෙක් උතුරේ ඉන්නවාද කියලා. ඔවුන්ට එහෙම අදහසක් නෑ. නමුත් එක දේශපාලකයෙක් ගැන ඔවුන්ගේ යම් අදහසක් ඉතාම කලාතුරකින් අපට අහන්න ලැබුණත් ඒ ගැන අපි කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ මේ මොහොතේ. මොකද වීරයන් නිර්මාණය කිරීමට හවුල් වීම සහ නිර්මාණය වූ වීරයන්ට හිමිකම් කීම ඉතා භයානක කාර්යයක් නිසා මේ මොහොතේදී සහ මේ තියෙන ක්‍රමවේදය ඇතුළේ. මොකද දේශපාලකයෝ කියන්නේ අපට කිසිම දවසක විශ්වාස කරන්න පුළුවන් ජාතියක් නොවන නිසා.

යාපනේ ජීවිතේ දැන් හරිම අමාරුයි. අපි හිතන තරම් ලේසියෙන් කිසිම දෙයක් වෙන්නෙ නෑ. ප්‍රවාහන වියදම ඉහළ යාම වගේ දේවල් නිසා ඒක යාපනේට ඉතාම තදින් බලපානවා. ඒ දුර ආසන්න වශයෙන් කිලෝමීටර හාරසීයක්. ඉතාම හොඳින් ඉන්ධන වැඩකරන වාහනේක ගියත් සාමාන්‍යයෙන් යන්නම විතරක් තෙල් ලීටර පනහකට ආසන්න ප්‍රමාණයක් යනවා. ගතවෙන කාලය පැය දහයකට ආසන්නයි. මේ විදියට ගත්තාම ආසන්න වශයෙන් තෙල් වියදම රුපියල් විසිදහසක් ඉක්මවා යනවා. ඒ වගේම වාහනයේ අමතර කොටස්වල ගෙවීම් ඇතුළු මේ දේවල් එකතු වුණාම ඒක තවත් විශාල වෙනවා. සාමාන්‍යයෙන් වෑන් එකකින් යාපනේ යන්න කුලිය රුපියල් අසූදහසේ ඉඳලා ලක්ෂය ඉක්මවා යනවා කියලා අපිට තේරුණා. ඒ එක ගමනක වියදම විතරයි. යාම් ඊම් සඳහා ලක්ෂ දෙකක් විතර වෙනවා. සාමාන්‍ය කාර් එකක ගියත් මේ ගාන අසූදහසක් වගේ වෙනවා. අපි මේ කියන්නෙ දැනට තියෙන තෙල් මිල අනුව. මේ මිල වැඩිවෙන හැම වෙලාවකම ඔය ගාස්තුව වැඩි වෙනවා.

‘එතකොට….’

අපි මේ කියන්නෙ කොළඹ ඉඳලා. ගාල්ල මාතර හම්බන්තොට ඉඳලා නෙමේ. එහෙම වුණොත් මේ මිල ඉතාම ඉහළ යනවා.

ඔය අතරෙ, අපි හඳුන්වා දෙනවා අලුත් සංකල්පයක්. ඒ, ඉන්දියාවට බෝට්ටුවෙන් යන්න. ගමන් වාරයක මිල රුපියල් විසිහය දහසකට ආසන්න මුදලක් වෙන්නෙ. කිලෝ හැටක් ගේන්න පුළුවන්. ඒකට ගතවෙන කාලය අඩුයි. ඒ වගේම භාෂා ප්‍රශ්න අරවා මේවා මොනවවත්ම නෑ. ඒ විදියට ගත්තම යාපනේ කොළඹට ඈත් වෙලා ඉන්දියාවට ළංවෙනවා කියලයි අපිට පේන්න තියෙන්නෙ.
ඕනෑ නම් ඔබට කියන්න පුළුවන්, එහෙම වෙන්නෙ නෑ, මේ මිනිස්සුන්ට බස් එකේ වුණත් එන්න පුළුවන් කියලා. ඒක තර්කයක් විදියට හරි, ඒත් ප්‍රායෝගිකව තත්ත්වය හුඟාක් වෙනස්. ඒ නිසා මේ වෙනකොටත් උතුර සහ දකුණ අතර විශාල පරතරයක් නිර්මාණය වෙමින් යනවා. ඒක යුද්ධය නිසා තැනුණු බාධකයටත් වඩා විශාල එකක් වෙන්න පුළුවන්. මේ අර්ථිකය විසින් මිනිස්සුන්ව සීමා කරමින් යනවා. ඒක උතුරටත් බලපාන්න පුළුවන්.

හැබැයි එකක්. තවමත් මේ බෝට්ටු කතන්දරය හරියටම වෙන්නෙ නෑ. ඕං ආවා මේං ආවා කිව්වට තවමත් කයිය විතරයි. මේ වෙලාවෙ කියන්නෙ පෙබරවාරි පළමුවැනිදා ඉඳලා වැඩේ වෙනවා කියලා.

මේ වෙනකොට ඒ සඳහා වෙන්කර ගැනීම් කරගන්න පුළුවන් බවක් කියනවා. පළමුවැනි දවසෙ දෙකේ නැතත් හැකි ඉක්මනින්ම ඉන්දියාවට යන්න එන්න යාපනේ අය උත්සාහ කරයි.
ඉන්දියාවෙ සිට යාපනයට එන්න දැන් සාමාන්‍ය ක්‍රමයක් හැදිලා ඉවරයි. ඒ ගුවනින්. කටුනායකට ගුවනින් ඇවිල්ලා යාපනේට එන්න ගියාම ගුවන් ටිකට්පතට ආසන්න මුදලක් වාහනේට යනවා. ඒ නිසා දැන් කෙළින්ම යාපනේට එන්න ගුවන් ගමන් වාර කීපයක් ගැන කියවෙනවා. හැබැයි ඒක ලොකුවටම වෙන්නෙ නෑ.

ඒ වෙනුවට උතුරෙ අස්ස කරත්තවල යන්න පටන් ගත්තා. දේශපාලනික වශයෙන් උතුරෙ තියෙන උනන්දුව ජනාධිපතිවරණයක් ගැන නෙමෙයි. එයාලා වැඩියෙන්ම උනන්දු ටී.එන්.ඒ. එකේ අලුත් නායකයා ගැන. ඒ සුමන්තිරන් බවයි හැමෝම හිතන්නෙ.

හැබැයි 18% අරවා මේවා දාලා මිනිස්සු රිදවන බවක් නම් අපිට පේන්නෙ නෑ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ජනපති රනිලුත් සනත් නිශාන්තගේ ගෙදරට යයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉලක්කම්වලින් ආර්ථික සාස්තර තියන්න උපන් හපන් බන්දුල ඔන්න කියපු අලුත්ම ඉලක්කම් සාස්තරේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.