කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් මියගොස් තිබේ.Sri Lanka Latest News
පොලීසිය පැවසුවේ, කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ ඒ මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගි රථය, ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටී තිබූ බවයි.
අනතුරුව එම රථය ආරක්ෂක වැටේ ගැටී තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ එම රථයේ රියදුරා රාගම රෝහලට ඇතුළු කෙරිණි.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පැවසීය.
කටුනායක අධිවේගයේ R 11.1 කිලෝමීටර් කණුව අසල දී අද පාන්දර 2ට පමණ එම අනතුර සිදුව තිබුණි.
එහිදී මියගොස් සිටි ආරක්ෂක නිලධාරියා, ජයකොඩි නම් පොලිස් කොස්තාපල්වරයෙකි.










