යුද ජයග්‍රහණයේ නාමයෙන් මේ රටේ පාලන බලයට පැමිණි රාජපක්ෂ පවුල් පරපුර ආර්ථික ත්‍රස්තවාදීන් ලෙස කටයුතු කර රට බංකොලොත් කර රට විනාශ කර රට කාබාසිනියා කර ඉන් සෑහීමකට පත් නොවී අද ආර්ථික ත්‍රස්තවාදීන් රකින ජනාධිපතිවරයකුගේ සෙවණක් යටතේ රට කාපු රාජපක්ෂ පරපුර සුරසැප විඳින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
අසූචි පොහොර ගෙනවිත් ගොවිතැන විනාශ කරපු වැඩි මිලට නැනෝ පොහොර ගෙනවිත් කෘෂිකර්මය විනාශ කළ මේ හොර කල්ලිය නීතිය හමුවට ගෙනවිත් හොරා කාපු මුදල් නැවතත් අප රටට ගෙන එන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
එසේම ජනතාව තමන්ගේ දුක කියන්න පාරට බහින කොට අන්ත දූෂිත පොදු නීතිය උල්ලංඝනය කරන මර්දනකාරී ආඥාදායක ඒකාධිපතීත්වය රජය විසින් ක්‍රියාත්මක කරන මොහොතක මේ ආර්ථික ත්‍රස්තවාදයෙන් රට මුදවා ගන්නා ‘මානුෂීය මෙහෙයුම’ සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (22) හොරව්පතානේ පැවැති ජනපවුර වැඩසටහනට එක්වෙමිනි.
මේ ක්‍රියාත්මක රනිල් රාජපක්ෂ හවුල් ආණ්ඩුව තුළින් ගොවි, ධීවර, දුප්පත්, කම්කරු, මධ්‍යම පන්තිය, රාජ්‍ය සේවකයන්, වෘත්තීයවේදීන් ඇතුළු සමස්තය මුදවා ගෙන සැමට සෞභාග්‍ය උදාකරවන පොදුජන යුගය බිහි කිරීමට සූදානම් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
කයියනායකයෝ ෆයිල් මිට පෙන්නද්දි සජබය හොරු ඇල්ලුවා
සමහර පක්ෂවල නායකයන් පොදුජන නායකයන් නොව කයියනායකයන් වී ෆයිල් මිටි පෙන්වා හොරු අල්ලන්න බලය ඉල්ලා සිටියත් රටේ ප්‍රධාන විපක්ෂය හෙවත් විකල්ප ආණ්ඩුව වන සමගි ජන බලවේගය කයිය නායකයෝ කයිය ගගහ ඉන්න කොට සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපය සහ නීතිඥ මණ්ඩපය සමඟ ශ්‍රේෂ්ඨාධිකරණය හරහා රට බංකොලොත් කළ රාජපක්ෂවරු ඇතුළු පිරිස අනාවරණය කළ බවත් ඒ සඳහා හතරෙන් එකක තීන්දුවක් ලැබුණු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
ඇමතිකම් පවා දැරුව කයියනායකයෝ කළ දෙයක් නෑ
හාල් මාෆියා කාරයන්ට ජනතාව යට කරන්න නොදී කුඩා මෝල් හිමියන් දිරිගන්වමින් ශක්තිමත් කරවමින් කෘෂිනිෂ්පාදනවලට නියමිත ස්ථාවර මිලක් ලබා දීම සඳහා කැපවන බවත් රටේ වගකීම බාරගන්න ඕන කියන විකල්ප කණ්ඩායම් ගොවියෝ රැකගන්නවා කිව්වට ඔවුන් කෘෂිකර්ම, වාරිමාර්ග ඇමතිවරු ලෙස සන්ධාන ආණ්ඩුවල කටයුතු කරත් ක්‍රියාත්මක කළ කෘෂිකර්ම ප්‍රතිපත්තියක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කයියනායකයෝ නිසා රාජපක්ෂවරු බලයට පත් වුණා
ඔවුන් ඇමතිකම් දැරුවා පමණක් නොව රට විනාශ කළ රාජපක්ෂවරු දිනවන්න කටයුතු කළේ මේ විකල්ප යැයි කියා ගන්නා විප්ලවවාදීන් බවත් එසේ පැමිණි රාජපක්ෂවරු අසූචි පොහොර, කාබනික පොහොර, නැනෝ පොහොර කියා ගොවියාගේ ජනජීවිත විනාශ කළ බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
ක්ෂුද්‍ර මූල්‍ය පොලී මුදලාලිලාගෙන් ජනතාව බේරා ගන්නවා
තවද ක්ෂුද්‍ර මූල්‍ය පොලී මුදලාලිලාගේ වහල්භාවයට පත්වූ ජනතාව රට පුරා සිටින බවත් මේ ණය බරින් මිරිකී සිටින අසරණ ජනතාවගේ ජන ජීවිත මුදවා ගැනීමට කටයුතු කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ යාන් ඔය ව්‍යාපාරය නිසා අනාථ වූ ජනතාවගේ ජන ජීවිත ද ශක්තිමත් කරන බවයි.
රාජපක්ෂවරු සමඟ අපිට ඩීල් නැහැ
එසේම සමගි ජන බලවේගයට සහ සමගි ජන සන්ධාන ආණ්ඩුවක් තුළ රාජපක්ෂ හොරු සමඟ ඩීල්, දේශපාලන විවාහ නොමැති බවත් රට කාපු රාජපක්ෂ හොරුන් මේ රටේ නීතිය හමුවට ගෙනවිත් මේ රටින් හොරා කාපු දේපල සම්පත් නැවතත් රටට ලබා ගෙන රටට ආයෝජනය කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවසාන වශයෙන් පැවසීය.

























