ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන ඔන්ලයින් පනත් කෙටුම්පත ඉතාම භයානක බවත්, මේ හරහා ෆේස්බුක්-ගූගල්-වට්ස්ඇප් ආයතන රටින් යන්න තීන්දු කළ හැකි බවත් දයාසිරි ජයසේකර මහතා කීය.
ඒ මහතා කියා සිටියේ මෙම කෙටුම්පතේ භයානක වගන්ති ගණනාවක් ඇති බවකි.
ගූගල්-ෆේස්බුක් එකට අපරාධ වගකීමක් දාලා… දෙන්න යන දඬුවම් ඉතාම අසාධාරණයි… කරණු දක්වන්න දීලා තියෙන කාලය මදි.. පොලිසියටත් ලොකු බලයක් දීලා.. මේ පනත නිසා ෆේස්බුක්-ගූගල්-වට්ස්ඇප් එක හෙට රටින් යන්න තීන්දු කළොත් කව්ද වගකීම ගන්නේ යැයි ඒ මහතා පැවසීය.
Sri Lanka Latest News










